A. “>>>මොහො<<< අහිරිකං අනොත්තප්පං උද්ධච්චං ලොභො දිට්ඨි මානො දොසො ඉස්සා මච්ඡරියං කුක්කුච්චං ථිනං මිද්ධං විචිකිච්ඡා චෙති චුද්දසිමෙ චෙතසිකා අකුසලා නාම.” [139 පිටුව >>>]
Q. මෝහ චෛතසිකය ලෙසින් අකුසල මූල චෛතසිකය දැක්වෙන බව දනිමි. අවිද්‍යාව රහත්වීමේදී අවසන්වෙන සංයෝජනයක් ලෙසින් මිස චෛතසිකයක් ලෙස දක්වා නොමැති බවයි මම අසා ඇත්තේ. තෙරුවන් සරණයි!
A. මෝහය = අවිද්‍යාව - මෝහය කියන්නේ අවිද්‍යාවට සමාන වචනයකි.
Q. Not when you go deeper. අවිද්‍යාව ඉතා ගැඹුරුයි, සංකීර්ණයි. ඒ නිසා තමයි රහත්වෙන තුරුම දුරු කල නොහැකි. බුදු හාමුදුරුවෝ කිසිම වචනයක් තේරුමක් නැතිව යොදා නැහැ. ඒ නිසා අපි සැවොම ඒ පිරිසුදු දහම දැකීමට උත්සාහ කරමු.
A. Of course, if U go deeper, there are variations, no doubt; so are many a word to describe “Ignorance” (stupidity, delusion, etc.,) according to representation. But, මං මෙතන දී කතා කළේ “අවිද්‍යාව” කියල චෛතසිකයක් නෑ කියලා ඔබ කිව්ව නිසා - “මෝහය” කියන්නේ ඒ චෛතසිකය ම කියලා පෙන්වා දෙන්න “පරමාර්ථ” වශයෙන්.
“දුඃඛසත්‍යයෙහි නො දැනීම, දුඃඛසමුදයෙහි නො දැනීම, දුඃඛනිරෝධයෙහි නො දැනීම, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම, පූර්වාන්තයෙහි නො දැනීම, අපරාන්තයෙහි නො දැනීම, පූර්වාන්තාපරාන්තයෙහි නො දැනීම. ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයන්හි නො දැනීම, යන යම් මෙබඳු වූ අඥානයෙක් අදර්ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනවට නො ගැනීමෙක් හාත්පසින් නො ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්මස්වභාවය) නො දැකීමෙක් ප්‍රත්‍යක්ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යෝඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්යුත්ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ - අකුශලමූලයෙක් වේ ද, මේ මෝහ යයි කියනු ලැබේ.
දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං, ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං, යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක‍්ඛනා අපච‍්චවෙක‍්ඛනා අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො සම‍්මොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වුච‍්චති මොහො."
[139 පිටුව >>>]
"මොහය (1)
මෝහය වනාහී ආළම්බණ සවභාවය මුවහ කිරීම ලක්ෂණ කොට ඇත්නේය. ආරම්මණයාගේ ඇති සැටි දැනගත නො හැකි පරිද්දෙන්, සැබෑ ආකාරය ආවරණය කොට, ආරම්මණ සවභාවය වරදවා ගැණීම කරන්නා වූ ධර්මයට මොහය යයි කියනු ලැබේ. වැහිවලාකුලින් වැසීගන් අහස ඇති, අමාවක් පොහො දිනෙක, මධ්‍යම රාත්‍රියෙහි, වන ලැහැබෙක ඇතිවන අන්ධකාරය හේතුකොට ගෙන, ඒ වන ලැහැබෙහි ඇති ගස් කොළ ආදීන්ගේ නිලපිතාදී වර්ණයන් මුවවහ කරවන්නාක් මෙන්, මේ මොහාන්ධකාරයෙන් රූප ශබ්දාදී සියලු ආරම්මණයන්ගේ සැබෑ තත්වය වසා, වැරැදි ආකාර යෙන්ම අරමුණු ගැනීම කරවන්නේය. යහපත අයහපත වශයෙන් ද, අයහපන යහපත වශයෙන්ද, අමිහිරි දෙය මිහිරි වශයෙන් ද, මිහිරි දෙය අමිහිරි වශයෙන් ද, දුක සැප වශයෙන් ද, සැප දුක වශයෙන් ද, අනිත්‍යය නින්‍යය වශයෙන් ද, අනාත්මය ආත්මය වශයෙන් ද, අසුභය සුභ වශයෙන්ද, නොයෙක් දුකට පමුණුවන්නා වූ, අරමුණෙහි ඇලීම නම් වූ ආශාව, සැප ලබා ගැනීමේ හේතුවක් වශයෙන් ද; ඇස්, කන්, නාසාදි ඉන්ද්‍රියයන් පිණවීම භාග්‍යය ලඟා කරවන ධර්මයන් සැටියට ද ඉන්ද්‍රිය දමනය මහත් හිරිහැරයක් හැටියට ද, ප්‍රාණ වධාදියෙහි යෙදීම විනෝදයක් හැටියට ද, එයින් වැළකීම මෝඩ ..."