ශුක්ර ධාතුව රාගසිතිවිලි නිසා ඇති වෙන දෙයක්ද? රාග සිතිවිලි නැතුවත් ඇති වෙන දෙයක්ද?
A. ඍතුජ රූපයක්.
කර්ම හෝ සිත් හෝ ආහාර හෝ ඍතුව (තේජෝ ධාතුව නිසා හෝ වෙනත් පරිසර සාධක) මත හෝ විකාරයට පැමිණීම (වෙනස්වීම) විය හැක.
“යෙන ච අසිත පීත ඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති = (එසේ ම) අනුභව කළ ඛාද්‍ය-භෝජ්‍ය-ලෙය්‍ය-පේයාදිය මනාසේ පැසී, රස-මස්-මේද-නහර-ඇට-ඇටමිදුලු-ශුක්‍ර යන සප්ත ධාතුන් ගේ වශයෙන් වෙනස් බවට යමක් නිසා පැමිණේ ද හෙඳ තේජෝ ධාතු නම්.
විස්තර:- ආහාරය පැසුණු කල රසය ද, ඉන් රස ධාතුව ද, ඉන් ලෙය ද, ඉන් ලෙහෙධාතු ද, යනාදී ක්‍රමයෙන් සියලු ධාතු උපදී.
මෙ කී තේජෝ ධාතු අතරින් සන්තාපන-ජීරණ-දහන-සංඛ්‍යාත තේජෝ ධාතු තුන කර්‍ම-චිත්ත-සෘතු-ආහාර- යන සතරින් මැ හට ගනී. පශ්චිම පාකාග්නිය කර්‍මයෙන් මැ හට ගනී.”
A / T. “වළඳන ආහාර පානයන්හි ඇතැම් කොටස් ශරීරයේ පැතිර, සෙම් පිත් ලේ මස් ආදි ස්වභාවයන්ට පැමිණේ. අභිධර්මයේ ආහාරජ රූප යන නාමයෙන් හඳුන්වන්නේ ආහාරයෙන් නිපන් ඒ ලේ මස් ආදිය නො වේ. වළඳන ආහාරය ද සෘතුජ රූප සමූහයකි. ඒවා විකෘතියට පැමිණීමෙන් ඇතිවන ලේ මස් ආදිය ද සෘතුජ රූප ම ය.”
["මාතාපිතූනං එතන්ති තංසම්බන්ධනතො එතං මාතාපිතූනං සන්තකන්ති අත්ථො. සුක්කසොණිතන්ති පිතු සුක්කං, මාතු සොණිතඤ්ච, උභින්නං වා සුක්කසඞ්ඛාතං සොණිතං. මාතාපෙත්තිකෙති නිමිත්තෙ චෙතං භුම්මං. ඉතීති ඉමෙහි තීහි පදෙහි. “රූපකායවසෙනා”ති අවත්වා “රූපකායසීසෙනා”ති වදන්තො අරූපම්පි තෙසං “අත්තා”ති ගහණං ඤාපෙති. ඉමිනා පකාරෙන ඉත්ථන්ති ආහ “එවමෙකෙ”ති. එවං-සද්දො හෙත්ථ ඉදමත්ථො, ඉමිනා පකාරෙනාති අත්ථො. එකෙති එකච්චෙ, අඤ්ඤෙ වා."
"රසාදිභාවෙනාති රසරුධිරමංසමෙදන්හාරුඅට්ඨිඅට්ඨිමිඤ්ජසුක්කවසෙන."