21. චිත්තුප්පාද කියන්නේ මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q (Derived from). චිත්ත උප්පාද කියන්නේ මොනවා ද?

A. "අකුශලයන්ට වනාහි භූමි වශයෙන්‌ භේදයක්‌ නැතිහෙයින්‌ දවාදස අකුසල චිත්තුපපාදා යැයි වදාළහ. එහි උපදී යනු - උප්පාදො ය. සිත ම උත්පාදය වූයේ - චිත්තුපපාදො ය. මෙය දේශනා ශීර්ෂයක්‌ ම ය. යම්‌ සේ වනාහි රජ ආවේය යැයි කී කල්හි අමාත්‍යාදීන්ගේ පැමිණීම කියන ලද්දේ ම වෙයි. මෙසේ චිත්තුපපාදො යැයි කී කල්හි ඔවුන්‌ හා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද කියන ලද්දෝ ම වෙත්‌ යැයි සියලු තැන්හි ම චිත්තෝත්පාද ග්‍රහණයෙන්‌ සම්ප්‍රයුක්ත ධර්ම සහිත සිත ගන්නා ලදැයි දතයුතුයි. 

[ධ:ස:අ: අර්ථකථා කාණ්ඩ වර්ණනා 442-453]

“අකුසලානං පන භූමිවසෙන භෙදාභාවතො ද්වාදස අකුසලචිත්තුප්පාදාති ආහ. තත්ථ උප්පජ්ජතීති උප්පාදො. චිත්තමෙව උප්පාදො චිත්තුප්පාදො. දෙසනාසීසමෙව චෙතං. යථා පන ‘රාජා ආගතො’ති වුත්තෙ අමච්චාදීනම්පි ආගමනං වුත්තමෙව හොති, එවං ‘චිත්තුප්පාදා’ති වුත්තෙ තෙහි සම්පයුත්තධම්මාපි වුත්තාව හොන්තීති. සබ්බත්ථ චිත්තුප්පාදග්ගහණෙන සසම්පයුත්තධම්මං චිත්තං ගහිතන්ති වෙදිතබ්බං.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll