Q. බුදුන්රදුන්ගේ ධර්ම දේශනාවකට සවන්දෙමින් සිටියදී හැරමිටියකට යට වීමෙන් මිය ගිය මැඩියෙක් දිව්‍ය ලෝකයේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ලෙස ඉපිද පසුව සෝවාන් විය. එයින් පැහිදිලි වන්නේ එම දිව්‍ය පුත්‍රයා ත්‍රිහේතුක උපතක් ලබා ඇති බවයි. ත්‍රිහේතුක උපතක් ලැබීමට නම් මරණාසන්න මොහොතේ ත්‍රිහේතුක කුසලයක් සිහිපත් විය යුතුය. මැඩියා එම ධර්ම දේශනාවේ හඬට සවන්දීම ත්‍රිහේතුක කුසලයක් වූයේ කෙසේද?
A. දුගති අහේතුක (තිරිසන් / සතර ආපායික) සත්ත්වයන්ටත් මහා කුසල් 08 න් චිත්ත වීථි ලැබිය හැකි බැවින්, එහි ත්‍රිහේතුක සිත් හතරෙන් (විපාක වශයෙන් මහා විපාක ත්‍රිහේතුක 04න්) දෙව්ලොව ප්‍රතිසන්ධිය ලැබිය හැකි ය.
කර්ම-කර්මඵල ඇදහීම නොහොත් "ඥාන සම්ප්‍රයුක්ත වීම" පුද්ගල-කර්තෘභාවයෙන් පමණක් ම නොව, ධර්මතාවයක් (චිත්ත නියාමය / කර්ම නියාමය / කර්ම විපාක විෂය) අනුව ශ්‍රවණය කළ අභිධර්මයේ / ධර්මයේ ගැඹුර නිසා "ප්‍රඥා චෛතසිකය" යෙදීම ලෙස හෝ පෙර කළ ත්‍රිහේතුක කුසල(යක්) / කුසල නිමිත්තක් / කුසල ගති නිමිත්තක් මරනසාන්න චිත්ත වීථියට අරමුණු වීම නිසා හෝ යැයි ගත හැකි ය.
[අපි ගොඩාක් දෙනා මැරිලා ඉපදෙන්නේ සතර අපායේ. තිරිසන් (ආපායික) සතුන්ට “කාමාවචර කුසල් සිත් 08” (එහි ත්‍රිහේතුක සිත් 04) පහළ වෙන්නේ නැත්නම්, ත්‍රිහේතුකව කවදාවත් අය අපිට අපායෙන් වත් සංසාරෙන් වත් නිදහස් වෙන්න වෙන්නේ නෑ.
“දුර්ගති අහේතුක සිත් 37 - අකුසල් සිත් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8 යන මේවා ය.”