175. අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අනුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව කියල දෙනවද? තෙරුවන් සරණයි!

A. “ඉන්‍ද්‍රියභාවනා සූත්‍රය.

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නම් නිගමයෙහි මුඛෙලු වනයෙහි වාසය කරනසේක. එසමයෙහි පාරාශරිය ඇතැවැසි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව නිමාව එකත්පස් වැ හිණ. එකත්පස් වැ හුන් පාරාශරිය ඇතැවැසි උත්තරමාණවකහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

‘උත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසා දැ’ යි.

‘භවත් ගෞතමයන් වහන්ස, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසා’ යයි.

උත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට කිසෙයින් ඉන්‍ද්‍රියභාවනාව දෙසා දැ’ යි.

භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇසින් රූ නො දකී ද, කනින් ශබ්ද නො අසා ද, භවත් ගෞතමයන් වහන්ස, මෙපරිද්දෙන් පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනා දෙසා’ යයි.

උත්තරය, මෙසේ කල්හි පාරාශරිය බමුණුහුගේ බස් පරිදි අන්‍ධ තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. බධිර තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. උත්තරය, යම් හෙයෙකින් අන්‍ධ තෙම ඇසින් රූ නො දකී ද බධිර තෙම කනින් ශබ්ද නො අසා ද එහෙයිනි.

මෙසේ වදාළ කල්හි පාරාශරිය අතැවැසි උත්තර මාණවක තුෂ්ණීම්භූත වූයේ මකු වූයේ බැහූ කඳට ඇතියේ අධෝමුඛ වූයේ සිතිවිලි සිතමින් වැටහීම් රහිත වැ හින.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාශරිය අතැවැසි උත්තරමාණවක තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු හෙළු කඳට ඇතියහු අධෝමුඛ වූවහු සිතිවිලි සිතනුවහු වැටහීම් රහිත වූවහු දැන ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: ‘ආනන්‍දය, පාරාශරිය බ්‍රාහ්මණ අන් පරිදි සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසයි. ආනන්‍දය, අන් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා වේ’ යයි.

භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍යවිනයෙහි යම් අනුත්තර ඉන්‍ද්‍රිය භාවනාවක් දෙසනසේක් ද, මේ ඊට කලැ. සුගතයන් වහන්ස, මේ ඊට කලැ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වදන් අසා ධරන්නාහ’ යි.
එසේ වී නම් ආනන්‍දය, මනා කොට අසව. මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

ආනන්‍දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්‍ද්‍රියභාවනා වෙයි යත්: ආනන්‍දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්‍ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්‍ෂුර්විඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
තවද ආනන්‍දය, මහණහට කනින් ශබ්ද අසා මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත ය, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්‍ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය යම්සේ බලවත් පුරුෂයෙක් නිදුකින් මැ අසුර ගසන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද , විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ශ්‍රෝත්‍රවිඥේය ශබ්ද විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා යයි කියනු ලැබේ.

තවද ආනන්‍දය, මහණහට ඝ්‍රාණයෙන් ගන්‍ධාඝ්‍රාණය කොට මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටියි. යම්සේ ආනන්‍දය, මඳක් නැඹුරු කල පියුම්පතෙහි දියබිඳුහු පෙරළෙත් ද, පිහිටා නො සිටිත් ද, එසෙයින් මැ ආනන්‍දය, යම්කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍ය විනයෙහි ඝ්‍රාණවිඥේය ගන්‍ධ විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යයි කියනු ලැබේ.

තවද ආනන්‍දය, මහණහට දිවින් රස විඳ මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, උපේක්‍ෂා පිහිටා සිටී. යම්සේ ආනන්‍දය බලවත් පුරුෂයෙක් දිවග කෙලපිඬක් රැස් කොට නිදුකින් නඟන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටියි. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ජිහ්වාවිඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යි කියනු ලැබේ.

තවද ආනන්‍දය, මහණහට කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට උපන් ඒ මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්‍දය බලවත් පුරුෂයෙක් හැකුළූ බාහුව දිගු කරන්නේ හෝ වේද දිගු කළ බාහුව හකුළන්නේ හෝ වේද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍ය විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යි කියනුලැබේ.

තවද ආනන්‍දය, මහණහට මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන. අමනාපය උපන. මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂායෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්‍දය, බලවත් පුරුෂයෙක් දවසක් මොනොවට තැවුණු යකබලෙක්හි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙළන්නේ ද ආනන්‍දය, ජලබින්‍දුන්ගේ වැටීම ලැසිවේ ද, වැළි එය වහා මැ ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි මනෝවිඥේය ධර්‍ම විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රිය භාවනා’ යි කියනු ලැබේ. ආනන්‍දය, මෙසේ ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා වේ.

ආනන්‍දය, කිසෙයින් ශෛක්‍ෂප්‍රතිපත් ඇත්තේ වෙයි යත්: ආනන්‍දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මානාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුකට පැමිණෙයි. ලජ්ජාවට පැමිණෙයි. ජුගුප්සාවට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුක් වෙයි. ලජ්ජාවෙයි. ජුගුප්සා කෙරෙයි. ආනන්‍දය, මෙසේ ශෛක්‍ෂප්‍රතිපත් ඇත්තේ වේ."


["ඉන්ද්‍රියභාවනාසුත්තං.
453.එවං ¶ ¶ ¶ මෙ සුතං – එකං සමයං භගවා ගජඞ්ගලායං  විහරති සුවෙළුවනෙ . අථ ඛො උත්තරො මාණවො පාරාසිවියන්තෙවාසී  යෙන භගවා ¶ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උත්තරං මාණවං පාරාසිවියන්තෙවාසිං භගවා එතදවොච – “දෙසෙති, උත්තර, පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන”න්ති? “දෙසෙති, භො ගොතම, පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන”න්ති. “යථා කථං පන, උත්තර, දෙසෙති පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන”න්ති? “ඉධ, භො ගොතම, චක්ඛුනා රූපං න පස්සති, සොතෙන සද්දං න සුණාති – එවං ඛො, භො ගොතම, දෙසෙති පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවන”න්ති. “එවං සන්තෙ ඛො, උත්තර, අන්ධො භාවිතින්ද්‍රියො භවිස්සති, බධිරො භාවිතින්ද්‍රියො භවිස්සති; යථා පාරාසිවියස්ස බ්‍රාහ්මණස්ස වචනං. අන්ධො හි, උත්තර, චක්ඛුනා රූපං න පස්සති, බධිරො සොතෙන සද්දං න සුණාතී”ති. එවං වුත්තෙ, උත්තරො මාණවො පාරාසිවියන්තෙවාසී තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
අථ ඛො භගවා උත්තරං මාණවං පාරාසිවියන්තෙවාසිං තුණ්හීභූතං ¶ මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි – “අඤ්ඤථා ඛො, ආනන්ද, දෙසෙති පාරාසිවියො බ්‍රාහ්මණො සාවකානං ඉන්ද්‍රියභාවනං, අඤ්ඤථා ච පනානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොතී”ති. “එතස්ස, භගවා, කාලො; එතස්ස, සුගත, කාලො යං භගවා අරියස්ස ¶ විනයෙ අනුත්තරං ඉන්ද්‍රියභාවනං දෙසෙය්‍ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. “තෙනහානන්ද, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී”ති. “එවං, භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච –
454.“කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොති? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති – ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං ¶. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං – උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්‍ය, නිමීලෙත්වා වා උම්මීලෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං ¶ එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති – අයං වුච්චතානන්ද, අරියස්ස ¶ විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු.
455.“පුන චපරං, ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති – ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං – උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො අප්පකසිරෙනෙව අච්ඡරං  පහරෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති – අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා සොතවිඤ්ඤෙය්‍යෙසු සද්දෙසු.
456.“පුන චපරං, ආනන්ද, භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති – ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං – උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද ¶, ඊසකංපොණෙ  පදුමපලාසෙ ¶  උදකඵුසිතානි පවත්තන්ති, න සණ්ඨන්ති; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති – අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා ඝානවිඤ්ඤෙය්‍යෙසු ගන්ධෙසු.
457.“පුන චපරං, ආනන්ද, භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති ¶ අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති – ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං – උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති ¶. සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො ජිව්හග්ගෙ ඛෙළපිණ්ඩං සංයූහිත්වා අප්පකසිරෙන වමෙය්‍ය ; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති – අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා ජිව්හාවිඤ්ඤෙය්‍යෙසු රසෙසු.
458.“පුන චපරං, ආනන්ද, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති – ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං ¶ මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං – උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති – අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා කායවිඤ්ඤෙය්‍යෙසු ඵොට්ඨබ්බෙසු.
459.“පුන චපරං, ආනන්ද, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති – ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං – උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, බලවා පුරිසො දිවසංසන්තත්තෙ  අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්‍ය. දන්ධො, ආනන්ද, උදකඵුසිතානං නිපාතො, අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං ¶ අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති – අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා මනොවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු. එවං ඛො, ආනන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොති.
460.“කථඤ්චානන්ද ¶, සෙඛො හොති පාටිපදො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො ¶ තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. සොතෙන සද්දං ¶ සුත්වා…පෙ… ඝානෙන ගන්ධං ඝායිත්වා…, ජිව්හාය රසං සායිත්වා… කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා… මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. එවං ඛො, ආනන්ද, සෙඛො හොති පාටිපදො.
461.“කථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්‍රියො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති – ‘පටිකූලෙ  අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී ¶ විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
462.“පුන චපරං, ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා…පෙ… ඝානෙන ගන්ධං ඝායිත්වා… ජිව්හාය රසං සායිත්වා… කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා… මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති – ‘පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයම්ප්ම්ප්පි ¶ අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො. එවං ඛො, ආනන්ද, අරියො හොති භාවිතින්ද්‍රියො.
463.“ඉති ¶ ¶ ඛො, ආනන්ද, දෙසිතා මයා අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා, දෙසිතො සෙඛො පාටිපදො, දෙසිතො අරියො භාවිතින්ද්‍රියො ¶. යං ඛො, ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථානන්ද, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනී”ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll