185. බුදුගොස් හිමි (බුද්ධඝෝස හිමි) ධර්මය විකෘති කළා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවණ් සරණයි  රථ විනිත සූත්‍රයේ කොතරම් මනරම් ලෙස රහතන් වහන්සේලා දෙනම මේ ගැබුරු  දර්මය  විවෘත කරනවාද  ..? එහෙම තියෙද්දි බුද්ද ගෝසයෙක් ගේ විකුර්ති දර්මයන්  ත්‍රිපිටකයට ඉහලින් කරේ තියා ගන්නේ කුමටද..? නේද?

මේ ගෘප් එක බුද්ද ගෝසව රකින්න මාර ගේමක් දෙන්නේ 
යකෝ රැකපල්ලා සම්බුද්ද ශාෂණය 
මේකේ කමෙන්ට් අයින් කරනවා බොලොක් කරනවා 
තොපි දැනගනිව් තොපිට විදවන්න වෙනවා මයි මේ ගෘප් එක කරන ඇඩ්මින් වරුටයි මේ කියන්නේ
තොපි බුදු දහම විකුර්ති කලත් කව්දාවත් කමෙන්ට් ඩිලිට් කරන්නේ නැහැ නමුත් බුද්ද ගෝසගේ විශුද්දි මාර්ගය ගැන ලිව්ව ගමන් කමෙන්ට් ඉවත් කරනවා නේ හරි අපි දන්නවා මෙතන මොකක්ද වෙන්නේ කියා
සම්බුද්ද ශාෂණයේ නැසීමේ කුමණ්ත්‍රණ මෙතනත් වෙනවා නේ
මේ ගෘප් එකේ පලමු කොන්දේශිය ම ගෘප් එක විසින්ම කඩනවා නම් මෙයින් ඇති පලේ කිමද
ඒක මෙහෙමයි පෙන්නලා තිබෙන්නේ
ත්‍රිපිටකයෙන් පිට කිසිම දර්ම විකුර්ති කරන කරුනක් ඉදිරිපත් නොකරන්න කියන පණිවිඩේ දෙන්නේ නමුත්
ඒසේ නම් කෙසේද්..? ත්‍රිපිටකයෙන් බාහිර බුද්ද ගෝසව මෙහෙට වැඩම කරවන්නේ විශුද්දි  මාර්ගය තුලින් ඇයි එහෙනම් එයා ත්‍රිපිටකයට පිටින් පෙන්වා දිමක් නොවේද කර තිබෙන්නේ 
අපිට වෙන මාර්ග ඕන නැහැ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තිබුනාම ඇති එය පෙන්වා දෙන්නේ සර්වඥ්ඥයන් සර්වබළදාරි අපේ තතාගතයන් වහන්සේයි වෙන මාර්ග පෙන්වන්න බුද්දගෝස බුදු වෙලාද..?
වරෙව් පුලුවන්නම් වාදෙට තොපි බෞද්දයෝද හිගන හැත්ත බොලොක් කරපියව් මාව 
නමුත් තොපිට අනාගතයේදි මේ වට උත්තර බදින්න වෙයි
ඔය කන සල්ලි වහා කෑවා වගේ තමා හරියේ ...!!

A. ඔබතුමා (ඔබතුමාලා දෙන්න ම එක්කෙනෙක් යැයි සිතා කියමි) එක්ක වාද කරලා දිනන්න බෑ කියලා වගේම ඊට වැඩිය හොඳයි මිළිඳු රජ්ජුරුවොත් එක්ක වාද කරන එක කියලා අපි දන්නවා; ඒවගේම සමහරක්ට වගේ ඔබතුමාට වලිගෙ පෑගිලා හෝ වලිගෙ පාගාගෙන නෙවෙයි කියලත් අපි දන්නවා. අනේ වැරද්දක් වුණා නං සමාවෙන්න ඕනේ, ඔබතුමාට වගේ නෙවෙයි අපිට හරියට වරදිනවනි හරිය!

A. “බුද්ධඝෝස මහාස්වාමිපාදයන් වහන්සේ යනු කවුද?
අට්ඨකථා යන වචනය කීමේදී නිතැතින්ම සිහිවන නාමයකි බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේගේ නාමය. අටුවා ග්‍රන්ථ පිළිබඳ වැරදි මත පලවෙන්නාක් මෙන්ම එම ග්‍රන්ථ පාළි භාෂාවට පරිවර්තනය කළ බුදුගොස් මාහිමියන් ගැන ද වැරදි මත බොහෝවක් පැතිරෙමින් පවතී. එය එසේ වීම පුදුමයට කරුණක් නොවේ. බුදු දහමට විරුද්ධව එය වනසන අදහසින් කරුණු දක්වන යමෙක් වේ නම් ඔහු බුදු දහමේ උන්නතිය, දියුණුව උදෙසා කටයුතු කළ උතුමන් සියලු දෙනාටම දොස් නගනු ඇත. බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ පිළිබඳ සැබෑ තොරතුරු දැනගනු කැමති අය මහාවංසය, බුරුමසාසනවංශය, බුරුමයේ පැවති ඡට්ඨ (හයවැනි) සංගායනාවේදී එහි භාරනිත්ථාරකසංඝසමිතිය විසින් ප්‍රකාශිත විශුද්ධිමාර්ග නිදානකථාව ද, ටීකා ග්‍රන්ථ හා විශුද්ධිමාර්ග සන්න ආදී ග්‍රන්ථ කියවා බැලීම වටී. දැනගැනීම පිණිස ඉන් කරුණු ස්වල්පයක් මෙසේ දක්වමු. >>>”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll