[Watch in 4K — Recommended Resolution.]


178. ආරක්ෂක ගාථා දෙක හරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤



Q. මෙහි නමාම්‍යහං ද නමාමහං ද නිවැරදි?

"යෝගාවචරයත් භාවිත කරන තවත් ආරක්ෂක ගාථා දෙකක්

1. සම්බුද්ධෙ අට්ඨවීසඤ්ච ද්වාදසඤ්ච සහස්සකෙ
පඤ්චසත සහස්සානි නමාමි සිරසාදරං.

2. තෙසං ධම්මඤ්ච සංඝඤ්ච ආදරෙන නමාම්‍යහං
නමක්කාරානුභාවෙන සබ්බ භයා උපද්දවා
අනේකා අන්තරායා පි විනස්සන්තු අසේසතො.

මෙහි පළමුවන ගාථාව අප බුදු රජාණන් වහන්සේ ගේ කායවාක් ප්‍රණිධාන කාලය වූ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ලොව පහළ වූ අටවිසි බුදුවරයන් වහන්සේට ද, වාක් ප්‍රණිධාන කාලය වූ නවාසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි හා මනෝ ප්‍රණිධාන කාලය වූ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ද, ලොව පහළ වී වදාළා වූ පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරයන් වහන්සේට ද, ඒ බුදුවරුන් ගේ ධර්මයට ද, සංඝයාට ද නමස්කාර ගාථාවකි. මෙය ද, පළමු ගාථා වලට කී පරිදි සතියක් හෝ එක්විසි දිනක් සජ්ඣායනා කොට සිද්ධිය ලබා උදේ සවස භාවිත කිරීමට සුදුසු ය. මේ ගාථා දෙකින් ජප කොට රෝගීන්ට බෙහෙත් ද වළඳවති. (බුරුමයේ මන්ත්‍රකාරයන් නොයෙක් දෙයට මේ ගාථා යොදා ගෙන තිබේ.)"

A. 1. “සම්බුද්ධෙ අට්ඨවීසඤ්ච, ද්වාදසඤ්ච සහස්සකෙ;
පඤ්චසතසහස්සානි, නමාමි සිරසා මහං;
තෙසං ධම්මඤ්ච සඞ්ඝඤ්ච, ආදරෙන නමාමහං.

2. නමක්කාරානුභාවෙන, හිත්වා සබ්බෙ උපද්දවෙ;
අනෙකඅන්තරායාපි, විනස්සන්තු අසෙසතො”


A. 28 + 12 x 1000 + 500 x 1000 = 512028 සම්මා සම්බුදුවරුනට සිරස නමා ආදරයෙන් යුක්තව මම නමස්කාර කරමි. ඔවුනගේ ධර්මරත්නයන්ට ද  සංඝරත්නයන්ට ද ආදරයෙන් මම වඳිමි.

ඒ නමසකාරයේ අනුහසින්, උපදිනා වූ සියලු භය ද නොයෙක් අන්තරායන් ද ඉතුරු නොවී ම විනාශ වේවා! (දුරු වේවා!)

T. ["අභිභුං තථාගතං සිරසා නමාම්‍යහං"


T. අප බුදුරජාණන් වහන්සේගේ ප්‍රණිධාන කාලයන්හි දී ලොව පහළ වී වදාළ පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ බුදුරජාණන් වහන්සේලාට ද, එම බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම රත්නයන්ට ද සංඝ රත්නයන්ට ද, තෙරුවන්ගේ සූවිසි ගුණ දැන-හඳුනන්නා වූ ප්‍රඥාවෙන් සහ ශ්‍රද්ධා භක්ත්‍යාදරයෙන් ද යුතුව, මම මාගේ සිරස (හිස) නමා නමස්කාර කරමි (වඳිමි)!!!

එම (ප්‍රඥා සම්ප්‍රයුක්ත, ශ්‍රද්ධා භක්ත්‍යාදර - ත්‍රිහේතුක) නමස්කාරයේ (වන්දනයේ) ආනුභාවයෙන්, සියලු ම කරදර-උපද්‍රව හා නොයෙක් ආකාරයේ දුක්, භය, අනතුරු, රෝග-පීඩා ආදිය කිසිවක් ඉතිරි නොවී ම බැහැර වේවා! බැහැරට ම යේවා!! දුරින් ම දුරු වේවා!!!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll