13. අසංඛාරික - සසංඛාරික කියන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බොහෝ දෙනෙක් සමග කතා කිරීමේදී ඔවුන්ගෙන් නැගෙන පැනයක් තමයි... අසංඛාරික - සසංඛාරික කියන්නෙ මොකක්ද කියන එක... ඇත්තටම මොකක්ද ඒ...?

A. අසංකාරික.

කිසිවෙකුගේ මෙහය වීමක් හෝ උත්සාහවත් කිරීමත් හෝ අනුබලයක් හෝ උනන්දු කරවීමක් නැතිව ස්වභාවයෙන්ම තියුණුවම උපදින සිත අසංකාරික නම් වේ.
සිතක් අසංකාරික වීමට පහත සඳහන් කරුණු උපකාරවේ
1 අසංකාරික විපාක සිතකින් ප්‍රතිසන්ධිය ලැබු අයෙකු වීම.
2 සිත හා කය නිරෝගිව පැවතීම
3.ඉවසීම බහුල බව
4.කාර්ය ශුරතාවයෙහි අගය අවබෝධ වීම
5කටයුත්තෙහි මනා පුහුණුවක් ඇති බව
6.ඍතු භෝජන ආදිය සුදුසු ලෙස ලැබිම

සසංකාරික.

මෙහෙය වීමක්, අනු බලයක්, උනන්දු කරවීමක් ඇතිවම බලවත් වී උපදින සිත සසංකාරික නම් වේ.

A. “සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයුමක් - උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද, මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll