29. උතුමන්ට ගර්හා කළොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නා උයනේ අරියධම්ම හිමි වැනි උතුමන්ට ගරහල සාසනය රකින්න පුලුවන් ද?

Q. කොත්මලේ හිමියන් සහ සුදස්සන හිමියන් මේකට සම්බන්ධයි කියන්නේ කොහොමද?
[හාමුදුරුවරු නොදැන, උන්නාන්සේලාගේ නමින් ගොඩක් pages, groups ආදිය තියෙනවා; වෙනත් ගොඩක් ප්‍රචාර කටයුතු / නොකටයුතු සිදුවෙනවා.]

Q. කොත්මලේ හිමියන් සහ සුදස්සන හිමියන් නොදැන, නා උයන හා ලබුනෝරුව දෙකම උපායමාර්ගිකව වනසන කෙනෙක් වෙන්න බැරිද මෙයා?

A. නා උයනේ නා හිමියන්ට (ආර්යන් වහන්සේට) මේ වගේ දේවල් කවුරු කරත් (කරනවා නං), “ආර්ය උපවාදය කරගෙන සසර ම අඳුරු කරගන්නවා - අපරාදේ ස්වර්ණමය අවස්ථා නැති කරගන්නවා” කියලා තමයි කියන්න වෙන්නේ.

Q. කොත්මලේ හිමියන් හෝ සුදස්සන හිමියන් නා උයනේ නා හිමියන්ට සෘජුව ම වැරදි කියන ඕඩියෝ එකක් හරි වීඩියෝ එකක් හරි තියනවා ද?

[සැලකිය යුතුයි: මා කාගේ හෝ පාර්ශවයක් වෙනුවෙන් පෙනී නොසිටින අතර (- කොටින් ම මාගේ “පෞද්ගලික සරණයාමක්” නැත); “ධර්මය” වෙනුවෙන් පමණක් ම පෙනී සිටින බැවින් ද, රේරුකානේ නා හිමියන් හා අරියධම්ම නා හිමියන් ආර්යයන් වහන්සේලා වශයෙන් පෞද්ගලිකව ම තරයේ පිළිගන්නා බැවින් ද, උන්වහන්සේලා සතුව “ධර්මය” තිබූ බව තරයේ ම විශ්වාස කරමි.

එමෙන් ම, කොත්මලේ හිමියන් හෝ සුදස්සන හිමියන් මෙකල කළ / කරනු ලබන සේවය අවතක්සේරු කළ නොහැක.

එසේ ම, අපි කිසිවෙක් කාගේ හෝ පාර්ශවයක් “අල්ලාගෙන” වාද-විවාද කිරීම හෝ ඉක්මන් තීරණ ගැනීම හෝ බැන-අඬගසා ගැනීම හෝ පව් පුරවා ගැනීම අනවශ්‍ය ය.

“වක්‍ර සාක්ෂි”වලට වඩා “ඍජු සාක්ෂි” ඇත්නම්, අදාළ පාර්ශව හා පුද්ගලයෝ කුමක් / කවරෙක් වුවත් ප්‍රතික්ෂේප කිරීම හා සමාජයට පෙන්වා දීම ද, “අධර්මය” වෙනුවට “ධර්මය” ඉස්මතු කිරීම ද සාධාරණය / යුක්තියුක්තිය / අපගේ වගකීම-යුතුකම ද වෙන්නේය. එබැවින් උක්ත ප්‍රශ්නය අසන ලදී.]

කොත්මලේ හිමියන්ගේ හෝ සුදස්සන හිමියන්ගේ (කටහඬ වත් තියෙන) එක වීඩියෝ එකක්වත් තියනවද ඒවල? මට ඒ ලින්ක් එක එවන්න බලන්න ආයෙත්! පුළුවන් නං.

එවැන්නක් කිසිසේත් ම නෑ.

Q. ඔබ කඩේ යනවා නේද?

A. ඒක තමා මේ රටේ බැරි - මධ්‍යස්ථව ඇත්ත ම හොයාගන්න උත්සහ කරත්, මොකක් හරි ලේබලයක් අලවනවා එක් පක්ෂයකට තල්ලු කරලා.

මට එහෙම වීඩියෝ එකක්වත් හම්බුණේ නැති නිසයි ආය ආය අහන්නේ - එහෙම එකක් තියනවා නං කරුණා කරලා එවන්න, මටත් ඇත්තම දැනගන්න. ලින්ක් එක ආයෙත් එවන්න - සුළු දෙයක්නි.

A. එමෙන් ම, කුමන හිමි නමක් (ගිහියෙක්) වුව ද මෙකල/එකල/කිකලක වුද ද කළ / කරනු ලබන සේවය අවතක්සේරු කළ නොහැක.

[සමහරුන්ට තමාගේ දෘෂ්ටියට අනුව වාද-විවාදවලට පැටලීමට අවශ්‍ය කොටස පමණක් පෙනීම/දැනීම අපට අමුතු දෙයක් නොවේ. එමෙන් ම ඇතැම් “බෞද්ධයෝ” (යැයි කියා ගන්නා/ලෙස පෙනී සිටින) හිමිවරුන්ට කතා කිරීමට පවා නොදනී. කෙතරම් දුස්සීල වුවත් එසේ කිරීම ද අනුමත කළ නොහැක - අපි පිටිදූවේ සිරිධම්ම (සමන්තභද්‍ර) හිමියන්ට ද එසේ නොකරමු (මා උන්වහන්සේගේ කිසිවෙකු ද නොවේ; උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්නේ ද නොවේ).

අධර්මය හා අබෞද්ධයන් වෙනුවට ධර්මය හා බෞද්ධයන් වෙනුවෙන් (ධර්මය හා බෞධාර්ථ ඉස්මතු කිරීමට) පෙනී සිටින්නන් වාදයට ම කැසකවා ගෙන සිටීම හෝ එක් පාර්ශවයක් පමණක් ම ඔසවා තැබීමට පෙනී සිටීම හෝ අනෙක් සියල්ල උසුළු-විසුළුවෙන් දැකීම හෝ කෙතරම් උචිත ද? (“යකඩ මල්ල ගුල්ලො ගැසූ කල, හාල් මල්ල ගැන කුමන කතා ද?” - කියමනක් අනුසාරයෙනි)

ඇතැම් විට, ධර්ම දේශනයේ දී ඇතැම් ධර්ම කරණා කාට වුව වැරදී ම ද අරුමයක් නොවේ. (ඇතැමෙක් කාට හෝ හිමි නමකට හෝ වැරදෙන තෙක් අවි අමෝරාගෙන හෝ මාන බලා ගෙන සිටිත්).
ගොනා හැරෙන විට පොල් පැළය ගැන කිව හැකි ය. (කියමනක් අනුසාරයෙනි).

“තම්බිගෙ හැටි තොප්පියෙන් පෙනේ” (තවත් කියමනක් අනුසාරයෙනි - ජාතිවාදය ඇවිස්සීමට නොවේ).
මෙම සාකච්ඡාව පිළිකුල් සහගත විය හැකි බැවින්, මින් මතු මෙම සාකච්ඡාවට පිළිවදන් සැපසීමට අපගේ බලාපොරොත්තුවක් නොමැත. තෙරුවන් සරණයි!]

{“... එ බැවින් ඇතැම් දුෂ්ට පව්කාරයෝ බියක් සැකයක් නැතිව ම භික්ෂූන් වහන්සේලාට අපහාස කරති. චෝදනා කරති. සමහර විට ඔවුහු භික්ෂූන් වහන්සේලාට ගර්හා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝ රත්නයට ම අගෞරව කළේ වන්නේ ය. එය මහත් වූ පාපයෙකි. ධාර්මික ශ්‍ර‍මණයන් වහන්සේලාට අගෞරව කිරීම චෝදනා කිරීම අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතු වන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලොවදී ම ද ලැබෙන්නේ ය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ දරු මුණුබුරන්ට ද විඳින්ට සිදුවේ. ...”

... වරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය. ...}

Q. දුසිල්වතුන් වර්ණනා කිරීම ද හරි?

A. වර්ණනා කිරීම එකකි; දොස් නොකියා සිටීම වෙනත් එකකි; නිකරුනේ දොස් කීම තවත් එකකි.
[ධර්මය වෙනුවෙන් පෙනී සිටීම එකකි; ධර්මයේ නාමයෙන් හෝ ඇතැම් හිමිවරුන්ගේ නාමයෙන් තමාගේම බල පුළුවන්කාරකම් හෝ පාණ්ඩිත්‍යම පෙන්වීම හෝ තමා ම හුවා දැක්වීම වෙනත්ම එකකි.]

“... සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද, භික්ෂූන්හට කැමති නම් අප්‍ර‍සාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍ර‍සාදය දැක්වීම යනු ඒ භික්ෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කළ හුනස්නෙන් නොනැඟී සිටීම, පෙර ගමන් නො කිරීම, නො වැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නො සතුට දැක්වීම ය.”

Q. දුසිල්වත් / සිල්වත් බව එකකි. සීලයට චෝදනා කළොත් එහි අකුසල් ඇත. නමුත් ධර්මය වෙනුවට අධර්මය දේශනා කිරිම තවත් දෙයකි. යම් කිසි අධර්මයක් මෙය බුද්ධ ධර්මය නෙමේ කියා පෙන්වා දිමෙන් අකුසලයක් රැස්වෙයිද? ඒ අදාල කෙනාගේ චේතනාව සත්‍ය දහම මතු කරලිම නිසා.

A. යාළුවා, මෙන්න මේ වගේ වීඩියෝ එකක් තියෙනවාද?
[තියෙනවා නං, කවදාහරි මාව mention කරලා එවන්න; එතකොට අය වෙන වාද-විවාද, තර්ක-විතර්ක මොකුත් ම අවශ්‍ය ම නෑ - පිළිගන්නම්. එතෙක් එපමණයි. තෙරුවන් සරණයි!]

සද්භාවයෙන් හා අවංක චේතනාවෙන් එසේ කළ යුතු ම ය. පහත ඒ බව මෙලෙස මා කලින් ද සඳහන් කොට ඇත.

>>>… අදාළ පාර්ශව හා පුද්ගලයෝ කුමක් / කවරෙක් වුවත් ප්‍රතික්ෂේප කිරීම හා සමාජයට පෙන්වා දීම ද, “අධර්මය” වෙනුවට “ධර්මය” ඉස්මතු කිරීම ද සාධාරණය / යුක්තියුක්තිය / අපගේ වගකීම-යුතුකම ද වෙන්නේය.<<<

එමෙන් ම, සුදස්සන හිමියන්ගේ වැරදි මා ද අසා-දැක ඇත - කාටත් වරදී. ඒ බව මා මාගේ වෙබ් අඩවියක ද සඳහන් කොට ඇත – https://dhamma.lk.ingreesi.com/2019/08/449.html

නමුත්, මෙහෙ දී මා දැඩිව විමසා සිටින්නේ / සිටියේ සුදස්සන හිමියන් හෝ කොත්මලේ හිමියන් නා උයනේ නාහිමියන්ට දෝෂාරෝපණය කරන බවට “ඍජු සාක්ෂි” ඇත්තේ ද යන්න යි - එසේ ඇත්නම්, අභිධර්මය නොපිළිගන්නා නිසා කිරිබත්ගොඩ හිමියන් ප්‍රතික්ෂේප කරනවා සේම සුදස්සන හිමියන් හෝ කොත්මලේ හිමියන් අපට ප්‍රතික්ෂේප කළ හැකිය.

එහෙත් ඒ, සාක්ෂි ගලප-ගලපා හෝ වෙනත් සාක්ෂි නිසා හෝ “පූර්ව නිගමන” නිසා හෝ “පෙර වැරදි” ආදිය නිසා නොව; යමක් ස්ථිරව ම පිළිගන්නට නම්, කාරණයට අදාළ “ඍජු සාක්ෂි” අවශ්‍ය ම ය.

“කා හටත් වරදී
දොස් කීම වැරදී
මා හට නොවරදී
සිතන අය හට නිතර වරදී”

T. "ත්‍රිපිටක චූලනාග ස්ථවිරයන් වහන්සේ පූර්වභාග සතිපට්ඨාන මාර්ග යයි කීහ. ආචරිය ත්‍රිපිටක චුල්ල සුම්ම ස්ථවිරයන් වහන්සේ මිශ්‍රක මාර්ගයයි කීහ. .... අපගේ ආචාර්යන් වහන්සේ සියළු පරියත්තිකය. ත්‍රිපිටකධරය, සුත බුද්ධය. එබඳු වූ භික්ෂූන් වහන්සේ මේ ප්‍රශ්නය කළඹයි."


T. "ඉන්පසු වෙනත් නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින සත්වයන් නිමි මහ රජතුමාට දැක්වී ය. ඒ නරකයේ භයංකාර මුහුණු ඇති යමපල්ලන් විසින් තල් කඳන් පමණ ප්‍රමාණ ඇති දැවෙන යකඩ කඳන් වලින් නිරි සතුන් ගේ කකුල්වලට පහරදී ගිනියම් වූ යම පොළොවේ හෙළා එම දැල්වෙන යකඩ කඳන්වලින් නිරි සතුන් ගේ ඇඟ සුනු විසනු කරති. මෙය දුටු නිමි මහ රජතුමා බියට පත් වී කුමන පව් කළවුන් මේ නිරයෙහි වැටේ දැයි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසී ය. ඔහු මෙසේ පැවසී ය.

ඒ අනුව මිනිස් ලොව සීලාදී ගුණ සම්පන්න යහපත් ආචර්ය පැවතුම් ඇති නිවැරදි පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හිංසා කරන බණින පව්කාරයෝ අකුසල් රැස්කොට මේ නිරයට වැටෙන බව කියවේ."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll