Q. ඇත්දළ පූජාවේ ආනිසංස හා සේසත් පූජාවේ ආනිසංශ වෙන වෙන ම පැහැදිලි කර දිය හැකි ද?
A. ඇත්දළ පූජාවේ ආනිසංස හා සේසත් පූජාවේ අනුහස් වෙන වෙන ම දැක්වෙන හෝ එවන් පූජාවක තොරතුරු විශ්වාසදායක (ත්‍රිපිටක) මූලාශ්‍රයක මෙතෙක් නොදක්නා ලදී. එවැන්නක් ලදහොත් මෙම පිළිතුරු යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙන අතර ඒ හා (වටිනාකමින්/හැඩයෙන්/අවශ්‍යතාවයෙන් ආදී) සමාන අදහසින් ගෙන ආනිශංස පහත දක්වනු ලැබේ.
# මැණික් පූජාවේ අනුසස්.
... "මගේ පිරිවර වූ සුවාසු දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ හා පැළඳි මිණිකඬොලින් අලංකාරව, දිග ඇසිපිය ඇතිව, සිනාසෙමින් මනාව තන හා සිහින් කටී ප්‍රදේශ ඇතිව නිතර මා පිරිවරාගෙන සිටිති. මැණික් පූජාවේ විපාක මෙබඳුය.” ... (ඉදිරියට හා පසුපසට කියවන්න.)
“ඡළසීතිසහස‍්සානි , නාරියො මෙ පරිග‍්ගහා;
විචිත‍්තවත්‍ථාභරණා, ආමුක‍්කමණිකුණ‍්ඩලා.
"එම මැණික් පූජාවෙහි විපාක ලෙස සම්පත් අනුභව කොට, මා විසින් ඥානාලෝකය දක්නා ලදි. අචල වූ ශාන්ති පදයට පැමිණියෙමි.
“තායෙව මණිපූජාය, අනුභොත්‍වාන සම‍්පදා;
ඤාණාලොකො මයා දිට‍්ඨො, පත‍්තොම‍්හි අචලං පදං."
මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් බුද්ධ පූජාවක් කෙලෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. මැණික් පූජාවේ විපාක මෙබඳුය.
“සතසහස‍්සිතො කප‍්පෙ, යං මණිං අභිපූජයිං;
දුග‍්ගතිං නාභිජානාමි, මණිපූජායිදං ඵලං."
[https://tipitaka.lk/kn-ap-1-48-2/sinh - (ඉදිරියට කියවන්න.)]
# කොඩි පූජාවේ අනුසස්.
බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති. කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවෙකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනුපන් තැන උසස් පුද්ගලයන් වීමටත්, ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිව යුතුය.
# "මීට කල්ප ලක්‍ෂයකට පෙර දී යම් ඡත්‍ර දානයක් පැවැත්වූයෙම් ද ඒ හේතුවෙන් මේ දක්වාම දුගතියක නො ගියෙමි. ඡත්‍ර දානයේ විපාක මෙබඳුය." ...
“සතසහස‍්සිතො කප‍්පෙ, යං ඡත‍්තමදදිං තදා;
දුග‍්ගතිං නාභිජානාමි, ඡත‍්තදානස‍්සිදං ඵලං." ...
# "ඡත්‍ර දානයේ අනුසස් අට.
"ඡත්තේ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
සීතං උණ්හං න ජානාමි රජො ජල්ලං න ලිම්පති
අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා.
සුඛුමච්ඡවිකො හොමි විසදං හොති මානසං
ඡත්තසතසහස්සානි භවෙ සංසරතො මම.
සබ්බාලංකාර යුත්තානි තස්ස කම්මස්ස වාහසා
ඉමං ජාතිං ඨපෙත්වාන මත්ථකෙ ධාරයන්ති මෙ."
බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා හට ද කුඩ පුදා මාගේ කර්මයට සුදුසු වූ ආනිසංස අටක් අනුභව කරමි. ශීතෝෂ්ණ දෙකින් පීඩා නො ලබමි. මාගේ ශරීරයේ කුණු නො ඇලෙයි. උපද්‍රව නැත්තේ වෙමි. අන්තරාය නැත්තේ වෙමි. හැම කල්හි අන්‍යයන් විසින් ගරු කරන ලද්දේ වෙමි. සියුම් සම ඇත්තේ වෙමි. මාගේ සිත පිරිසිදු වෙයි. කුඩ පූජා කිරීම වූ ඒ කර්මයේ බලයෙන් සසර සැරිසරන්නා වූ මාගේ හිස මත මේ ජාතියෙන් අන්‍ය ජාතීන්හි සර්වාලංකාරයෙන් යුක්ත වූ කුඩ ලක්ෂයක් දැරූහ.
රහත් වූ ජාතියේ උන්වහන්සේ ගේ හිස මත ඡත්‍රධාරණයක් නැති වූයේ අර්හත් ඵල සංඛ්‍යාත ඡත්‍රය දරන හෙයිනැයි කියා තිබේ."
# "ඡත්‍ර දානයේ ආනිසංස.
ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
(අපදාන පාලි 293 වන අපදානය)
ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.
(412 වන අපදානය)
පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.
ශීතලෙන් පීඩා නො ලැබේ.
තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
උපද්‍රව නැත්තෙක් වේ.
අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
සිත පිරිසිදු වේ.
ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
බොහෝ විචිත්‍ර කුඩ ලැබේ."
# [මෙය ද කියවන්න.]