71. පින අවිද්‍යා මූලික වේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පින අවිද්‍යා මූලික වේද...?

A. පවට (අකුසලයට) මිස, පිනට (කුසලයට) අවිද්‍යාව “මූලික” නොවේ; එහෙත් පිනට අවිද්‍යාව “ප්‍රත්‍ය” (හේතු) වේ.

[පිනට/කුශලයට සම්ප්‍රයුක්ත වශයෙන් අවිද්‍යාව නැත ද අනුශය වශයෙන් ප්‍රත්‍ය (හේතු) වේ. අවිද්‍යාව නැති කළ කල කරන පින්/කුසල් ද “ක්‍රියා” නමින් හඳුන්වයි. පිනට (කුසලයට) අවිද්‍යාව “ආරම්මණ” හා “උපනිශ්‍රය” ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍ය වේ.]

A. {අවිද්‍යාව අකුසල් “මූල”යක් මිස කුසල “මූල”යක් නොවේ. පටිච්චසමුප්පාදය තුළ දක්වන්නේ අවිද්‍යාව “ප්‍රත්‍ය වීම” මඟින් / හේතුකොට ගෙන (කුසලාකුසලආනෙඤ්ජාභි) සංස්කාර ඇතිවීම ම ය.
[මූල + ඉක = මූලික / මෞලික.]}

A. සරලව ම, අභිධර්මානුකූලව, කුසල් සිත් සමඟ "අවිද්‍යාව" (මෝහය) නමැති (අකුසල) චෛතසිකය යෙදෙන්නේ (සම්ප්‍රයෝග වන්නේ) වත්, "අවිද්‍යාව" (මෝහය) කුසල් සිත්වලට ("හේතු" හයෙන්) "හේතු" (මූලික) වන්නේ වත් නැති බව ද, එසේ ම "ප්‍රත්‍ය" පමණක් ම වනබව (පහත) පටිච්චසමුප්පාදය හා පට්ඨාන ප්‍රකරණය අනුව හැමෝට ම පැහැදිලි ය.

පිනට (කුසලයට) අවිද්‍යාව “ආරම්මණ” හා “උපනිශ්‍රය” ප්‍රත්‍යයන්ගෙන් පමණක් ම ප්‍රත්‍ය වීම හා “හේතු” ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවීමෙන් ම ඔප්පුවන්නේ, පින (කුශලය) අවිද්‍යා මූලික නොවන බව යි.
[“හේතු” ප්‍රත්‍යයෙන් (ආදියෙන්) ප්‍රත්‍ය වීම අකුසලයට ම පමණි - පහත ම පින්තූර(ය) බලන්න!]

S / R. Abh.Cha. - 375/377 - 418/443-444 P




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll