165. අනිත්‍යවීම දුකක් පමණක් ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අනිත්‍ය ස්තීර නොවීම දුකක් වන්නේ කෙසේද, ලෙඩේක් හැදිලා හොද උනොත් සැපයක්. මේ වගේ සමස්තය දුකක් වන්නේ කොහොමද කියලා පහදාදෙන්න, තෙරුවන් සරණයි!

A. මෙතැන දී, තත්පරයකට ලක්ෂ වාරයක් විතර විශ්වාස කරන්න බැරි තරං - හිතාගන්න බැරි තරං වේගයෙන් සජීවී අජීවී (නිවන හැර අනෙකුත් නාම රූප) සියල්ල ම වෙනස් වෙන එක අඩංගු බවට තමා බුදු දහමේ ගැඹුරින් “අනිත්‍යයි” කියන්නෙ. එච්චර වේගෙන් එහෙම වෙනස් වෙනකොට, ඒ වේගය නිසා සජීවී අජීවී සියල්ලට සිදුවෙන පීඩනය/පීඩාව/පහර කෑම/පහර වැදීම ආදිය අඩංගු බවට තමා බුදු දහමේ ගැඹුරින් “දුකයි” කියන්නෙ. 

ගහකට ගලකට (දිලීර ආසාදනයක්) වගේ ලෙඩක් හැදිලා හොඳ වුණොත්, ඒකත් සැපයක් ද දුකක් ද කියලා අහන්න පුළුවන්. තුවාලයක්/ලෙඩක් හැදිලා හොඳ වෙන එකට කියන්න වෙන්නෙ “ජරා” කියලා, ඒ ජරාවට ගියා / මුහුකුරා ගියා (මේරීමට ගියා) කියන අදහසින්. එහෙම වෙන්නෙත් අර ක්ෂණික “අනිත්‍ය” නිසා ම තමයි. සැපයටත් එහෙමයි. ඉතින් මේ වගේ, කොහේ-කවදා-මොන විදිහකට හරි ඇතිවූ/ඇතිවෙන සජීවී අජීවී සමස්තය ම මොහොතක් පාසා ක්ෂණිකව වෙනස්වෙන බැවින් “අනිත්‍යයි”, එසේ මොහොතක් පාසා ක්ෂණිකව වෙනස්වීමෙන් පහර කනු ලබන බැවින් “දුකයි”, (මෙසේ/එසේ සිදුවන “අනිත්‍ය” හා “දුක්” වීම කිසිවෙකුට නැවැත්විය හෝ පාලනය කළ නොහැකි බැවින් හා එසේ කිරීමට හැකි සත්ත්ව-පුද්ගල-මම වූ කෙනෙක් නොමැති/නොවන බැවින් “අනාත්මයි”). 

[මේ සිදුවීම් ක්‍රියාවලිය ඉතා ම ගැඹුරු තේරුම් ගන්න අමාරු ම සිද්ධාන්තයක්; එය තමා ඉහත මදක් හෝ සරලව පහදා ඇත්තේ.]

Q. ඔළුවේ කැක්කුම ස්ථිර නම් දුකකි, අනිත්‍ය වන විට සුවයක් ලැබේ. ඉතින් සෑම විටම අනිත්‍ය දුකක් වන්නේ කෙසේද?

A. මෙතැන දී, තත්පරයකට ලක්ෂ වාරයක් විතර (ඊටත් වඩා) විශ්වාස කරන්න බැරි තරං - හිතාගන්න බැරි තරං වේගයෙන් සජීවී අජීවී (නිවන හැර අනෙකුත් නාම රූප) සියල්ල ම වෙනස් වෙන එක සහිත බවට තමා බුදු දහමේ ගැඹුරින් “අනිත්‍යයි” කියන්නෙ. එච්චර වේගෙන් එහෙම වෙනස් වෙනකොට, ඒ වේගය නිසා සජීවී අජීවී (සප්‍රාණික / අප්‍රාණික) සියල්ලට සිදුවෙන පීඩනය/පීඩාව/පහර කෑම/පහර වැදීම ආදිය සහිත බවට තමා බුදු දහමේ ගැඹුරින් “දුකයි” කියන්නෙ.

ගහකට ගලකට (දිලීර ආසාදනයක්) වගේ ලෙඩක් හැදිලා හොඳ වුණොත්, ඒකත් සැපයක් ද දුකක් ද කියලා අහන්න පුළුවන්. තුවාලයක්/ලෙඩක් හැදිලා හොඳ වෙන එකට කියන්න වෙන්නෙ “ජරා” කියලා, ඒ ජරාවට ගියා / මුහුකුරා ගියා (මේරීමට ගියා) කියන අදහසින්. එහෙම වෙන්නෙත් අර ක්ෂණික “අනිත්‍ය” නිසා ම තමයි. සැපයටත් එහෙමයි. ඉතින් මේ වගේ, කොහේ-කවදා-මොන විදිහකට හරි ඇතිවූ/ඇතිවෙන සජීවී අජීවී සමස්තය ම මොහොතක් පාසා ක්ෂණිකව වෙනස්වෙන බැවින් “අනිත්‍යයි”, එසේ මොහොතක් පාසා ක්ෂණිකව වෙනස්වීමෙන් පහර කනු ලබන බැවින් “දුකයි”, (මෙසේ/එසේ සිදුවන “අනිත්‍ය” හා “දුක්” වීම කිසිවෙකුට නැවැත්විය හෝ පාලනය කළ නොහැකි බැවින් හා එසේ කිරීමට හැකි සත්ත්ව-පුද්ගල-මම වූ කෙනෙක් නොමැති/නොවන බැවින් “අනාත්මයි”).

[“පෙර නොතිබීම හටගෙන, පැවත, ඉතිරි නැතිව ම නැති (නිරුද්ධ) වේ” යන මේ අතිශීඝ්‍ර-ක්ෂණික සිදුවීම් ක්‍රියාවලිය ඉතා ම ගැඹුරු තේරුම් ගන්න අමාරු ම සිද්ධාන්තයක් තමා මදක් හෝ සරලව ඉහත පහදා ඇත්තේ.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll