30. පුබ්බන්තේ යන්නෙහි තේරුම කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පුබන්තෙ යන්නෙහි අදහස කුමක් ද?

A. “පූර්වාන්තය ගැන සැක කිරීමය යනු මම අතීතයේ වූයෙම් ද? නො වූයෙම් ද? මේ සත්ත්වයෝ අතීතයෙහි වූවාහු ද? නො වූවාහුදැයි අතීත භවයන්ට අයත් ස්කන්ධායතන ධාතූන් ඇති නැති බව පිළිබඳ ව සැක කිරීම ය.”

“5. අතීත භව පරම්පරාවක් තිබී ද නො තිබී ද කියා අතීත ස්කන්ධයන් පිළිබඳ වූ සැකය එක් විචිකිච්ඡාවෙකි.”

“අතීත භවයන්හි වූ ස්කන්ධයන් ස්කන්ධ සැටියට නාමරූප ධර්ම සැටියට තේරුම් ගත නොහී, මා අතීතයේ දෙවියෙක්ය මිනිසෙක්ය යනාදීන් අතීත නාමරූපයන් පිළිබඳ ව ඇතිවන වැරදි හැඟීම් අතීත කොට්ඨාස නො දැනීම යයි කියන ලද අවිද්‍යාව ය.”

[පුබ්බන්තේ කංඛති විචිකිච්ඡති | පුබ්බන්තේ අඤ්ඤාණං]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll