32. ඉපදෙනකොට ම මොනවද ඇතිවෙන්නේ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. කෙනෙකුගේ චුතියෙන් පසූ ප්‍රතිසන්ධ්ය ඇතිවීමේදී මුලින්ම හටගන්නේ නාමරූපද මේ පිලිබදව පැහැදිලි කර දෙන මෙන් නමස්කාරපූර්වකව ඉල්ලා සිටිමි ...

A. “ගර්භශායික සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය-භාව-වස්තු දශක තුන පහළ වන බව කියන ලදී. ඒවා කර්මජ කලාපයෝ ය. එක් එක් චිත්තයක උත්පාදාදි ක්ෂණ තුනෙහි ම කර්මජ රූප පහළ වන බව ද ඉහත කියා ඇත. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය-භාව-වස්තු දශක තුන පහළ වීමෙන් ම ඒවායේ ඉපදීම නවතින්නේ නො වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිති ක්ෂණයෙහි ද නැවත අලුත් කලාප තුනක් පහළ වන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අලුත් කලාප තුනක් පහළ වන්නේ ය. මෙසේ ඉදිරියට ඇති වන සිත්වල උත්පාදාදි ක්ෂණ තුන සමඟ ම කාය-භාව-වස්තු දශක පහළ වන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගෙත් ස්ථිති ක්ෂණය වන කල්හි එහි උත්පාදක්ෂණයෙහි පහළ වූ කලාප තුනට ස්ථිතියෙහි දී පහළ වූ කලාප තුන ද එකතු වීමෙන් කලාප නවයක් වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණය වන කල්හි එහිදී පහළ වන කලාප තුනට උත්පාද ස්ථිතික්ෂණවලදී පහළ වූ කලාප සය එකතු වීමෙන් කලාප නවයක් වේ. මෙසේ ඉදිරියට චිත්තක්ෂණයක් පාසා පහළ වන කලාපවලට පළමු පළමු ක්ෂණවලදී පහළ වූ කලාප එකතු වීමෙන් කලාප සඞ්ඛ්‍යාව වැඩි වන සැටි තේරුම් ගත යුතු ය.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll