207. හදවතේ - සිතේ පිනායාම, ප්‍රීතිය පින ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "හදයං පුනාති පුඤ්ඤං - චිත්තං පුනාති පුඤ්ඤං" හදවතේ - සිතේ පිනා යාම, ප්‍රීතිය, පිණ ලෙස අර්ථ දැක්වීම හරි ද?

වැරදි නම්, ඒවල නිවැරදිම තේරුම් මොනාද?

A. තමන් අශා කරන, කැමති පව්-අකුසල් කරන විට හෝ කරලා හදවතේ - සිතේ පිනායාමක්, ප්‍රීතියක් ඇති වෙන්න බැරි ද? - නිසැකව ම පුළුවන්.

පස්පව්, දසාකුසල් (දසඅකුසල්), ආදී පව්කම් කරන්නෙත්, ඒවායින් නොමිදෙන්නෙත්, ඒවා නැවත-නැවත කරන්නෙත් පව්-අකුසල් කිරීමේ දී ද හදවතේ-සිතේ, (අකුසල සහගත) පිනා යාම-ප්‍රීතිය ඇතිවන නිසාවෙන් බව ප්‍රකට කරුණකි. එබැවින් උක්ත ප්‍රශ්නගත විග්‍රහය මුළුමනින් ම සදොස් - වැරදි සහගත - සාවද්‍ය අර්ථ දැක්වීමකි.

["ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ඇති වන්නේ ද ද්වේෂ මූල සිත් ම ය. එබඳු අවස්ථාවල ඇතිවන ද්වේෂය සියුම් ය. තමාට හානියක් කරන්නට එන සතුරකු මැරීමේ දී ඇති වන ද්වේෂය රෞද්‍ර‍ය. ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ද්වේෂය නැතය යි වරදවා නො ගත යුතු."

ඒ නිසා, හදවතේ - සිතේ පිනායාම, ප්‍රීතිය පින ලෙස ගැනීම වැරදි විග්‍රහයකි.

# කුසල් සිත්/චෛතසික යෙදීම නිසා / අකුසල් සිත්/චෛතසික නොදීම නිසා - අභාවය නිසා,  සිතේ ඇතිවෙන පිරිසිදු බව, සිතේ ඇති (අකුසල් / කෙලෙස්) කුණු-දූවිලි සෝදා හැර දැමීම සිදුවෙන යනාර්ථයන්ගෙන් නං "හදයං පුනාති පුඤ්ඤං - චිත්තං පුනාති පුඤ්ඤං" කියලා කියන්න පුළුවන්.

"පින කියන සිංහල වචනයේ පාලි වචනය තමයි පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන පදෙන් කියවෙන්නේ ඒකේ ධාතු ප‍්‍රකෘතිය 'පූ' පවනේ කියන ධාතුව පවනේ කියන්නෙ පිරිසිදු බව. පවිත්‍ර අර්ථය. පූ කියන පවිත්‍රාර්ථ ධාතුවට යටින් ණ්‍ය කියල ප්‍රත්‍යයක් එනවා. මූර්ධජ ණයන්නට යන්සය එනවා. ඒකට ආදේශ වෙනවා අල් ඤයන්නක්. ඒක ද්විත්ව වෙනවා. ද්විත්ව වෙලා අර යන්සය තිබුණ අයන්න එකතු වුනාම පුඤ්ඤ කියල පදයක් හැදෙනවා. එතකොට එතනින් කියන්නෙ පිනවීම නෙවෙයි. පිරිසිදු වීම. යම්කිසි සිතක පිරිසිදුවීමක් තියෙනව නම් ඒක පුඤ්ඤ." - අතිපූජ්‍ය නාඋයනේ (අරියධම්ම) නාහිමි.

["පූ පවනෙ. පවනං සොධනං. පුනාති. පුඤ්ඤං, පුත්තො, දන්තපොණං.
එත්ථ ච පුඤ්ඤන්ති අත්තනො කාරකං පුනාති සොධෙතීති පුඤ්ඤං. අථ වා යත්ථ සයං උප්පන්නං තංසන්තානං පුනාති විසොධෙතීති පුඤ්ඤං. කින්තං? සුචරිතං කුසලකම්මං. සකම්මිකත්තා ධාතුස්ස කාරිතවසෙන අත්ථවිවරණං ලබ්භති. පුත්තොති අත්තනො කුලං පුනාති සොධෙතීති පුත්තො. එවඤ්ච සති හීනජච්චානං චණ්ඩාලාදීනං පුත්තො නාම න භවෙය්‍යාති න වත්තබ්බං සද්දානමත්ථකථනස්ස නානප්පකාරෙන පවත්තිතො, තස්මා අත්තනො පිතු හදයං පූරෙතීති පුත්තොති එවමාදිනාපි නිබ්බචනං ගහෙතබ්බමෙව. නානාධාතුවසෙනපි හි පදානි සිද්ධිං සමුපගච්ඡන්ති."

T. "කිමකාසි පුඤ්ඤන්ති කිං දානසීලාදිප්පභෙදෙසු කීදිසං පුජ්ජභාවඵලනිබ්බත්තනතො, යත්ථ සයං උප්පන්නං, තං සන්තානං පුනාති විසොධෙතීති ච “පුඤ්ඤ”න්ති ලද්ධනාමං සුචරිතං කුසලකම්මං අකාසි, උපචිනි නිබ්බත්තෙසීති අත්ථො. ජලිතානුභාවාති සබ්බසො විජ්ජොතමානපුඤ්ඤිද්ධිකා."

"පුජ්ජභවඵලනිබ්බත්තනතො පුඤ්ඤං නිරුත්තිනයෙන, අත්තනො කාරකං, සන්තානං වා පුනාති විසොධෙතීති පුඤ්ඤං, සකම්මකත්තා ධාතුස්ස කාරිතවසෙන අත්ථවිවරණං ලබ්භති, සද්දනිප්ඵත්ති පන සුද්ධවසෙනෙවාති සද්දවිදූ."

"අයං පන විනිච්ඡයො – තත්ථ සෙඛපුථුජ්ජනානං පරං උද්දිස්ස පූජානුග්ගහකාමතාය අත්තනො විජ්ජමානවත්ථුපරිච්චජනවසෙන පවත්තා චෙතනා දානමයපුඤ්ඤකිරියවත්ථු නාම. ඛීණාසවානම්පි තථා පවත්තා දානමෙව, සා පන පුඤ්ඤකිරියා නාම න හොතීති න ඉධ අධිප්පෙතා. පුජ්ජඵලනිබ්බත්තනතො, හි අත්තසන්තානං පුනනතො ච පුඤ්ඤං, න ච ඛීණාසවසන්තානෙ පවත්තා ඵලනිබ්බත්තිකා හොති, න ච තං පුනාති විසුද්ධසන්තානප්පවත්තත්තාති. එවං සෙසෙසුපි."

"වට්ටකථාය ¶ ලොකුත්තරවිපාකානං අලබ්භනතො “ලොකියානෙවා”ති වුත්තං. පුඤ්ඤාපුඤ්ඤාදිසඞ්ඛාරාති පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරොති තයො සඞ්ඛාරා. තත්ථ පුනාති අත්තනො සන්තානං අපුඤ්ඤඵලතො, දුක්ඛසංකිලෙසතො ච සොධෙති, පුජ්ජං භවඵලං නිබ්බත්තෙතීති වා පුඤ්ඤං, අත්තනො ඵලස්ස අභිසඞ්ඛරණට්ඨෙන අභිසඞ්ඛාරො චාති පුඤ්ඤාභිසඞ්ඛාරො, පුඤ්ඤපටිපක්ඛතො අපුඤ්ඤං, වුත්තනයෙන අභිසඞ්ඛාරො චාති අපුඤ්ඤාභිසඞ්ඛාරො. සමාධිපච්චනීකානං අතිදූරතාය න ඉඤ්ජති න කම්පතීති ආනෙඤ්ජං, තං අභිසඞ්ඛරොතීති ආනෙඤ්ජාභිසඞ්ඛාරො. තත්ථ දානසීලාදිවසෙන පවත්තා අට්ඨ කාමාවචරකුසලචෙතනා, භාවනාවසෙනෙව පවත්තා රූපාවචරකුසලචෙතනා චාති තෙරස චෙතනා පුඤ්ඤාභිසඞ්ඛාරො නාම. පාණාතිපාතාදිවසෙන පවත්තා ද්වාදස අකුසලචෙතනා අපුඤ්ඤාභිසඞ්ඛාරො නාම. භාවනාවසෙනෙව පවත්තා චතස්සො අරූපාවචරකුසලචෙතනා ආනෙඤ්ජාභිසඞ්ඛාරො ¶ නාම. භවාදීසු යථා පච්චයා, තථා යෙසඤ්ච විපාකානං පච්චයා, තෙපි විඤ්ඤාතබ්බාති සම්බන්ධො. කෙචි පන “තෙපීති සඞ්ඛාරානං ගහණ”න්ති වදන්ති, තං න යුත්තං, එවං සති “යෙස”න්ති අනියමනිද්දෙසස්ස නියමකවචනාභාවතො."

"සඞ්ඛාරපදෙ ¶ හෙට්ඨා වුත්තසඞ්ඛාරෙසු සඞ්ඛාරසද්දෙන ආගතසඞ්ඛාරෙ අනාමසිත්වා අවිජ්ජාපච්චයා සඞ්ඛාරෙයෙව දස්සෙන්තො තත්ථ කතමෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා? පුඤ්ඤාභිසඞ්ඛාරොතිආදිමාහ. තත්ථ පුනාති අත්තනො කාරකං, පූරෙති චස්ස අජ්ඣාසයං, පුජ්ජඤ්ච භවං නිබ්බත්තෙතීති පුඤ්ඤො. අභිසඞ්ඛරොති විපාකං කටත්තාරූපඤ්චාති අභිසඞ්ඛාරො. පුඤ්ඤොව අභිසඞ්ඛාරො පුඤ්ඤාභිසඞ්ඛාරො. පුඤ්ඤපටිපක්ඛතො අපුඤ්ඤො. අපුඤ්ඤොව අභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො. න ඉඤ්ජතීති ආනෙඤ්ජං. ආනෙඤ්ජමෙව අභිසඞ්ඛාරො, ආනෙඤ්ජඤ්ච භවං අභිසඞ්ඛරොතීති ආනෙඤ්ජාභිසඞ්ඛාරො. කායෙන පවත්තිතො, කායතො වා පවත්තො, කායස්ස වා සඞ්ඛාරොති කායසඞ්ඛාරො. වචීසඞ්ඛාරචිත්තසඞ්ඛාරෙසුපි එසෙව නයො. ..."

"පුඤ්ඤාභිසඞ්ඛාරොතිආදීසු පුනාති අත්තනො කාරකං, පූරෙති චස්ස අජ්ඣාසයං, පුජ්ජඤ්ච භවං නිබ්බත්තෙතීති පුඤ්ඤං, අභිසඞ්ඛරොති විපාකං කටත්තාරූපඤ්චාති අභිසඞ්ඛාරො, පුඤ්ඤං අභිසඞ්ඛාරො පුඤ්ඤාභිසඞ්ඛාරො. පුඤ්ඤපටිපක්ඛතො අපුඤ්ඤං අභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො. න ඉඤ්ජං අනෙඤ්ජං, අනෙඤ්ජං භවං අභිසඞ්ඛරොතීති ආනෙඤ්ජාභිසඞ්ඛාරො. පුඤ්ඤාභිසඞ්ඛාරො දානසීලභාවනාවසෙන පවත්තා අට්ඨ කාමාවචරකුසලචෙතනා, භාවනාවසෙනෙව පවත්තා පඤ්ච රූපාවචරකුසලචෙතනාති තෙරස චෙතනා හොන්ති, අපුඤ්ඤාභිසඞ්ඛාරො පාණාතිපාතාදිවසෙන පවත්තා ද්වාදස අකුසලචෙතනා, ආනෙඤ්ජාභිසඞ්ඛාරො භාවනාවසෙනෙව පවත්තා චතස්සො අරූපාවචරචෙතනාති ¶ තයොපි සඞ්ඛාරා එකූනතිංස චෙතනා හොන්ති. කායසඞ්ඛාරොතිආදීසු ¶ කායතො වා පවත්තො, කායස්ස වා සඞ්ඛාරොති කායසඞ්ඛාරො. වචීසඞ්ඛාරචිත්තසඞ්ඛාරෙසුපි එසෙව නයො. අයං තිකො ¶ කම්මායූහනක්ඛණෙ පුඤ්ඤාභිසඞ්ඛාරාදීනං ද්වාරතො පවත්තිදස්සනත්ථං වුත්තො. කායවිඤ්ඤත්තිං සමුට්ඨාපෙත්වා හි කායද්වාරතො පවත්තා අට්ඨ කාමාවචරකුසලචෙතනා, ද්වාදස අකුසලචෙතනා, අභිඤ්ඤාචෙතනා චාති එකවීසති චෙතනා කායසඞ්ඛාරො නාම, තා එව ච වචීවිඤ්ඤත්තිං සමුට්ඨාපෙත්වා වචීද්වාරතො පවත්තා වචීසඞ්ඛාරො නාම, මනොද්වාරෙ පවත්තා පන සබ්බාපි එකූනතිංස චෙතනා චිත්තසඞ්ඛාරො නාම. අතීතා සඞ්ඛාරාතිආදීසු සබ්බෙපි සඞ්ඛතධම්මා සකක්ඛණං පත්වා නිරුද්ධා අතීතා සඞ්ඛාරා, සකක්ඛණං අප්පත්තා අනාගතා සඞ්ඛාරා, සකක්ඛණං පත්තා පච්චුප්පන්නා සඞ්ඛාරාති."

"පුඤ්ඤං.
පුනාති පුණතිස්මා වා ඤොඔත්තාභාවො ච නිපච්චන්තෙ. පුනාති, පුණති සුන්දරත්තං කරොතීති වා පුඤ්ඤං=කුසලං."

"පුඤ්ඤාදයොති පුඤ්ඤාභිසඞ්ඛාරාදයො. තත්ථ පුනාති අත්තනො සන්තානං අපුඤ්ඤඵලතො, දුක්ඛසංකිලෙසතො ච සොධෙතීති පුඤ්ඤං. හිතසුඛජ්ඣාසයෙන පුඤ්ඤං කරොතීති තන්නිප්ඵාදනෙන කාරකස්ස අජ්ඣාසයං පූරෙති, පුජ්ජභවං නිබ්බත්තෙතීති වා පුඤ්ඤං. ඉති පූරකො, පුජ්ජනිබ්බත්තකො ච නිරුත්තිනයෙන පුඤ්ඤන්ති වෙදිතබ්බො. පුඤ්ඤඤ්ච සො අත්තනො ඵලස්ස අභිසඞ්ඛරණට්ඨෙන අභිසඞ්ඛාරො චාති පුඤ්ඤාභිසඞ්ඛාරො. පුඤ්ඤපටිපක්ඛතො අපුඤ්ඤන්ති වුත්තවිපරියායෙන අපුඤ්ඤාභිසඞ්ඛාරො වෙදිතබ්බො. සමාධිපච්චනීකානං අතිදූරතාය න ඉඤ්ජති, අනිඤ්ජඤ්ච ¶ භවං අභිසඞ්ඛරොතීති ආනෙඤ්ජාභිසඞ්ඛාරො. කායෙන පවත්තිතො, කායතො වා පවත්තො, කායස්ස වා සඞ්ඛාරොති කායසඞ්ඛාරො. වචීචිත්තසඞ්ඛාරෙසුපි එසෙව නයො. තත්ථ පඨමත්තිකො පරිවීමංසනසුත්තාදිවසෙන ගහිතො. තත්ථ හි “පුඤ්ඤං චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති, පුඤ්ඤූපගං හොති විඤ්ඤාණ”න්තිආදිනා (සං· නි· 2.51) ආගතං. දුතියත්තිකො විභඞ්ගසුත්තවසෙන. තත්ථ හි “තයොමෙ, භික්ඛවෙ, සඞ්ඛාරා. කතමෙ තයො? කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො”ති (සං· නි· 2.28) වුත්තං."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll