[Watch in 4K — Recommended Resolution.]


173. ආලෝකෝ උදපාදි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චක්කුන් උදපාදී
ඥනන් උදපාදී
පඤනා උදපාදී
විජ්ජා උදපාදී
ආලෝකෝ  උදපාදී
මෙහි සම්පූරණ විස්තරයක් හෝ පැහැදිලි කීරීමට හැකි කෙනෙක් ඇත්නම් පහදන්න... තෙරුවන් සරණයි!

A. “චක්ෂුස ධර්මයයි, දර්ශනාර්ථය අර්ථයයි. ඥාණය ධර්මයයි, ඥානාර්ථය අර්ථයයි. ප්‍රඥාව ධර්මයයි, ප්‍රජානනාර්ථය අර්ථයයි. විද්‍යාව ධර්මයයි, ප්‍රතිවේධාර්ථය අර්ථයයි. ආලෝකය ධර්මයයි, ඔභාෂාර්ථය අර්ථයයි. …”

“‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥානය ධර්‍ම යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රඥාව ධර්‍ම යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, විද්‍යාව ධර්‍ම යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ. …”

‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.”

[“චක්ඛුං උදපාදීති - කෙනට්ඨෙන? ඤාණං උදපාදීති - කෙනට්ඨෙන? පඤ්ඤා උදපාදීති - කෙනට්ඨෙන? විජ්ජා උදපාදීති - කෙනට්ඨෙන? ආලොකො උදපාදීති - කෙනට්ඨෙන? චක්ඛුං උදපාදීති - දස්සනට්ඨෙන. ඤාණං උදපාදීති - ඤාතට්ඨෙන. පඤ්ඤා උදපාදීති - පජානනට්ඨෙන . විජ්ජා උදපාදීති - පටිවෙධට්ඨෙන. ආලොකො උදපාදීති - ඔභාසට්ඨෙන.
චක්ඛුං ධම්මො, දස්සනට්ඨො අත්ථො. ඤාණං ධම්මො, ඤාතට්ඨො අත්ථො. පඤ්ඤා ධම්මො, පජානනට්ඨො අත්ථො. විජ්ජා ධම්මො, පටිවෙධට්ඨො අත්ථො. ආලොකො ධම්මො, ඔභාසට්ඨො අත්ථො.”]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll