[Watch in 4K — Recommended Resolution.]


164. සිංහල තේරෙන්නෙ නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මම tipitaka.lk එකෙන් ත්‍රිපිටකය කියවන්න පටන් ගත්තා. නමුත් තියන දේවල් සින්හලෙන් තිබුනත් ඒවගේ අදහස තේරෙන්නේ නැහැ. මේකට මොකක්ද කරන්න පුලුවන්?

A. “සිංහල එච්චර ඕනේ නෑ” වගේ කතාවලට මුලා නොවී, කොහොමහරි ඉපැරණි/පැරණි/නූතන සිංහල භාෂාව, අරුත්, රීති ආදිය (ටිකක් හරි) ඉගෙන ගන්න. ඒ වගේ ම “ගණන් බෑ / ඉංග්‍රීසි බෑ / ගණන් එපා වෙනවා / ඉංග්‍රීසි එපා වෙනවා” කියලා ඒවා “කට් කරාම (මඟ හැරියම)” වෙන්නෙ තවත් බැරිවෙන එක කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනි. මව් භාෂාව ද නිවන් දැකීමට අතිශයින් ම උපකාරී ය.

වැදගත් යමක් කවදාවත් නොකර අතහැර දැමීමට වඩා පරක්කු වී හෝ කිරීම වටී. 
[“Better late than never” ඇසුරෙනි.]

අලුත් ම සිහිනයක් දැකීම පටන් ගැනීමට හෝ වෙනත් ම ඉලක්කයක් වෙත යාම පටන් ගැනීමට, ඔබේ දැන් වයස කුමක් වුවත්, ඔබ තවමත් (කිසිදා) පරක්කු නැත.   
[“You are never too old to set another goal or to dream a new dream” ඇසුරෙනි.]

“අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි” (උපතේ සිට මරණය දක්වා මෙන් ම සසර වසනා තුරාවට ම ඉගෙන ගනී / උගෙන ගත යුතු ය / ඉගෙනීම වටී.)
[“Education is from womb to tomb” ඇසුරෙනි.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll