190. මස් කෑවට පව් නැත්තං, ගස් කැපුවම පව් ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මස් කැවට අකුසලයක් නැ කියලා භික්ෂුන් වහන්සෙලාට ගස්වල අතු කැපිම පවා නොකපා ඉන්න ශික්ෂා පද පණවව්වේ කුමන කරුණක් සදහාද? (ගස් කියන්නේ විංඤාණයක් නැති රුප ගොඩක්.)

A. 1. මස් වැළදීම අනිවාර්යයෙන්ම කළ යුතු බව දේශනා කොට නැත. එමෙන් ම බුදුදහම ආහාරයෙන් ශුද්ධිය නොපනවයි.
2. (වළදන්නේ නම්,) නොවැළදයිය යුතු මාංශ වර්ග 10ක් ද දේශනා කොට ඇත. (මාංශ වර්ග 10 පහත.)
3. (වළදන්නේ නම්,) වළදන මාංශය ද ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ම විය යුතු බව දේශනා කොට ඇත.

ආදී නොයෙක් කරුණු දැක්විය හැක.

1. ගස්වලට විඥානයක් නොමැති වුවත්, විඥානයක් අතිවෙකුගේ (ගස් අතු කැඩීම් කැපීම් ආදියෙන් - රාග / ද්වේශ / මෝහාදියෙන්) සිත දුෂණය විය හැක; එය අහිත පිණිස බලපෑ හැකිය.
2. ශ්‍රමණ සාරුප්‍ය නොවේ (භික්ෂූන් වහන්සේලාට / භික්ෂු දිවිපෙවතට නොගැලපේ).
3. ස්වභාව සෞන්දර්යයට, චිත්ත ඒකාග්‍රතාවයට, ජල චක්‍රයට, පිරිසිදු වාතාශ්‍රයට, ප්‍රභාසංස්ලේෂණයට, පාංශු සහ පරිසර තුල්‍යාතාවයට ශාකයන්ගේ හා ශාකයන්ගේ ශාඛාවන්ගේ ඇති උපයෝගීතාවය.

ආදී නොයෙක් කරුණු දැක්විය හැක.

T. "48. පසෙක හුන් සුප්පියඋපාසක තෙමේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසා වදාරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

49. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දෙය බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, දැන් මේ කාල ය යි, බත නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට සැළකරවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ සුප්පියඋපාසකයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.

50. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක සිටි සුප්පිය උපාසකයාගෙන් “සුප්පියාව කොහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, (ඕ තොමෝ) ගිලන් වූවා ය” යි. “එසේ නම් මෙහි ඒවා” යි. “භාග්‍යවතුන් වහන්ස, නො හැකිය”. “එසේ නම් ඔසොවා ගෙණ එවු” යි. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව ඔසොවා ගෙනායේ ය. භාග්‍යවතුන් වහන්සේගේ දැකීම සමග ම ඇගේ ඒ මහත් වූ වණය ගොඩ වී මනා සිවි ඇත්තේ වි ය. ලොම් හටගත්තේ වි ය.

51. එවිට සුප්පියඋපාසක තෙමේ ද සුප්පියාඋපාසිකා තොමෝ ද “භාග්‍යවතුන්ගේ දැකීම සමග එපමණ මහත් වූ වණය ගොඩ වූයේ මනා සිවි ඇත්තේ හටගත් ලොම් ඇත්තේ වී නම්, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව, භවත්නි, අරුමයකි! භවත්නි, පුදුමයකි!” යි සතුටු වූවෝ ඔද වැඩියාහු බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදියු යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුප්පියඋපාසකයා ද සුප්පියාඋපාසිකාව ද දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.

52. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, කවරෙක් සුප්පියාඋපාසිකාව මස් විණවූයේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. මෙසේ විචාළ කල්හි ඒ මහණ තෙමේ “ස්වාමීනි, මම සුප්පියා උපාසිකාව මස් විණ වූ (ඉල්ලූ) යෙමි” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණ, ගෙණෙනු ලැබී ද?” “භාග්‍යවතුන් වහන්ස, ගෙණෙනු ලැබී ය”. “මහණ, තෝ වැළඳූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම වැළඳූයෙමි”. “මහණ තෝ ‘කිනම් මසක් දැ’ යි විචාළෙහි (විමසුවෙහි) ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො විමසුවෙමි”.

53. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “සිස් පුරුෂය, තෝ කෙසේ නම් නො විචාරා (පරීක්‍ෂා නො කොට) මස් වැළඳූයෙහි ද? සිස් පුරුෂය, තා විසින් වළඳන ලද්දේ මනුෂ්‍යමාංසයෙකි. සිස් පුරුෂය මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ශ්‍රද්ධාවත් වූ ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ වෙති. ඔවුන් විසින් තමන්ගේ මස් ද පුදන ලද්දේ ය. මහණෙනි, 1.මිනිස් මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ථුලසිඇවැත් වේ” යි භික්‍ෂූන් ට වදාළ සේක. “මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

54. එකල්හි රජුගේ ඇත්තු මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි ඇත් මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ඇත්මස් දෙත්. භික්‍ෂූහු ඇත්මස් වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් ඇත්මස් වළඳත් ද? ඇත් තෙමේ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, 2.ඇත්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

55. එකල්හි රජුගේ අශ්වයෝ මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි අශ්වමාංස අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට අශ්වමාංස දෙත්. භික්‍ෂූහු අශ්වමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් අශ්වමාංස වළඳත් ද? අශ්වයෝ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, 3.අශ්වමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

56. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි බලුමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට බලුමස් දෙත්. භික්‍ෂූහු බලුමස් වළඳත්, මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් බලුමස් වළඳත් ද? බලු තෙමේ නින්‍දිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, 4.බලුමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

57. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි සර්‍පමාංස අනුභව කරත්, පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සර්‍පමාංස දෙත්. භික්‍ෂූහු සර්‍පමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් සර්‍පමාංස වළඳත් ද? සර්‍පයා හිරිකිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.

58. සුඵස්ස නාරජ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ සුඵස්ස නාරජ තෙමේ “ස්වාමීනි, ශ්‍රද්ධා නැති නො පහන් නාගයෝ ඇත්තාහ. ඔහු ස්වල්පයකිනුදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා සර්‍පමාංස නො වළඳන්නාහු නම්, යෙහෙකැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.

59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඵස්ස නාරජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති සුඵස්ස නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

60. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, 5.සර්‍පමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

61. එකල්හි වැද්දෝ සිංහයන් මරා සිංහමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සිංහමස් දෙත්. භික්‍ෂූහු සිංහමස් වළඳා වනයෙහි වෙසෙත්. සිංහයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, 6.සිංහමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

62. එකල්හි වැද්දෝ ව්‍යාඝ්‍රයන් නසා ව්‍යාඝ්‍රමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ව්‍යාඝ්‍රමස් දෙත්. භික්‍ෂූහු ව්‍යාඝ්‍රමස් වළඳා වනයෙහි වෙසෙත්. ව්‍යාඝ්‍රයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, 7.ව්‍යාඝ්‍රමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

63. එකල්හි වැද්දෝ දිවියන් නසා දිවිමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට දිවිමස් දෙත්. භික්‍ෂූහු දිවිමස් වළඳා වනයෙහි වෙසෙත්. දිවියෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, 8.දිවිමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

64. එකල්හි වැද්දෝ වලසුන් නසා වලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට වලස්මස් දෙත්. භික්‍ෂූහු වලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, 9.වලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

65. එකල්හි වැද්දෝ කරබානාවලසුන් නසා කරබානාවලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට කරබානාවලස්මස් දෙත්. භික්‍ෂූහු කරබානාවලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. කරබානා වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, 10.කරබානාවලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි."


"පටිපුච්ඡි – “කො, භික්ඛවෙ, සුප්පියං උපාසිකං මංසං විඤ්ඤාපෙසී”ති? එවං වුත්තෙ සො භික්ඛු භගවන්තං එතදවොච – “අහං ඛො, භන්තෙ, සුප්පියං උපාසිකං මංසං විඤ්ඤාපෙසි”න්ති. “ආහරියිත්ථ භික්ඛූ”ති? “ආහරියිත්ථ භගවා”ති. “පරිභුඤ්ජි ත්වං භික්ඛූ”ති? “පරිභුඤ්ජාමහං භගවා”ති. “පටිවෙක්ඛි ත්වං භික්ඛූ”ති? “නාහං භගවා පටිවෙක්ඛි”න්ති. විගරහි බුද්ධො භගවා…පෙ… කථඤ්හි නාම ත්වං, මොඝපුරිස, අප්පටිවෙක්ඛිත්වා මංසං පරිභුඤ්ජිස්සසි. මනුස්සමංසං ඛො තයා, මොඝපුරිස, පරිභුත්තං. නෙතං, මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය…පෙ… විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි – “සන්ති, භික්ඛවෙ, මනුස්සා සද්ධා පසන්නා, තෙහි අත්තනොපි මංසානි පරිච්චත්තානි. න, භික්ඛවෙ, 1.මනුස්සමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති ථුල්ලච්චයස්ස. න ච, භික්ඛවෙ, අප්පටිවෙක්ඛිත්වා මංසං පරිභුඤ්ජිතබ්බං. යො ¶ පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති දුක්කටස්සා”ති.

තෙන ඛො පන සමයෙන රඤ්ඤො හත්ථී මරන්ති ¶. මනුස්සා දුබ්භික්ඛෙ හත්ථිමංසං පරිභුඤ්ජන්ති ¶, භික්ඛූනං පිණ්ඩාය චරන්තානං හත්ථිමංසං දෙන්ති. භික්ඛූ හත්ථිමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛිය්‍යන්ති විපාචෙන්ති – “කථඤ්හි නාම සමණා සක්‍යපුත්තියා හත්ථිමංසං පරිභුඤ්ජිස්සන්ති. රාජඞ්ගං හත්ථී, සචෙ රාජා ජානෙය්‍ය, න නෙසං අත්තමනො අස්සා”ති. භගවතො එතමත්ථං ¶ ආරොචෙසුං. න, භික්ඛවෙ, 2.හත්ථිමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති දුක්කටස්සාති.
තෙන ඛො පන සමයෙන රඤ්ඤො අස්සා මරන්ති. මනුස්සා දුබ්භික්ඛෙ අස්සමංසං පරිභුඤ්ජන්ති, භික්ඛූනං පිණ්ඩාය චරන්තානං අස්සමංසං දෙන්ති. භික්ඛූ අස්සමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛිය්‍යන්ති විපාචෙන්ති – “කථඤ්හි නාම සමණා සක්‍යපුත්තියා අස්සමංසං පරිභුඤ්ජිස්සන්ති. රාජඞ්ගං අස්සා, සචෙ රාජා ජානෙය්‍ය, න නෙසං අත්තමනො අස්සා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. න, භික්ඛවෙ, 3.අස්සමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති දුක්කටස්සාති.
තෙන ඛො පන සමයෙන මනුස්සා දුබ්භික්ඛෙ සුනඛමංසං පරිභුඤ්ජන්ති, භික්ඛූනං පිණ්ඩාය චරන්තානං සුනඛමංසං දෙන්ති. භික්ඛූ සුනඛමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛිය්‍යන්ති විපාචෙන්ති – “කථඤ්හි නාම සමණා සක්‍යපුත්තියා සුනඛමංසං පරිභුඤ්ජිස්සන්ති, ජෙගුච්ඡො ¶ සුනඛො පටිකූලො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. න, භික්ඛවෙ, 4.සුනඛමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති දුක්කටස්සාති.
තෙන ඛො පන සමයෙන මනුස්සා දුබ්භික්ඛෙ අහිමංසං පරිභුඤ්ජන්ති, භික්ඛූනං පිණ්ඩාය චරන්තානං අහිමංසං දෙන්ති. භික්ඛූ අහිමංසං පරිභුඤ්ජන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛිය්‍යන්ති විපාචෙන්ති – “කථඤ්හි නාම සමණා සක්‍යපුත්තියා අහිමංසං පරිභුඤ්ජිස්සන්ති, ජෙගුච්ඡො අහි පටිකූලො”ති. සුපස්සොපි  නාගරාජා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සුපස්සො නාගරාජා භගවන්තං එතදවොච – “සන්ති, භන්තෙ, නාගා අස්සද්ධා අප්පසන්නා. තෙ අප්පමත්තකෙහිපි භික්ඛූ විහෙඨෙය්‍යුං. සාධු, භන්තෙ, අය්‍යා අහිමංසං න පරිභුඤ්ජෙය්‍යු”න්ති. අථ ඛො භගවා සුපස්සං නාගරාජානං ධම්මියා කථාය සන්දස්සෙසි…පෙ… පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං ¶ කත්වා භික්ඛූ ආමන්තෙසි – “න, භික්ඛවෙ, 5.අහිමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති දුක්කටස්සා”ති.
තෙන ¶ ¶ ඛො පන සමයෙන ලුද්දකා සීහං හන්ත්වා සීහමංසං  පරිභුඤ්ජන්ති, භික්ඛූනං පිණ්ඩාය ¶ චරන්තානං සීහමංසං දෙන්ති. භික්ඛූ සීහමංසං පරිභුඤ්ජිත්වා අරඤ්ඤෙ විහරන්ති. සීහා සීහමංසගන්ධෙන භික්ඛූ පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. න, භික්ඛවෙ, 6.සීහමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති දුක්කටස්සාති.
තෙන ඛො පන සමයෙන ලුද්දකා 7.බ්‍යග්ඝං (බ්‍යග්ඝමංසං / ව්‍යග‍්ඝමංසං) හන්ත්වා…පෙ… 8.දීපිං (දීපිමංසං) හන්ත්වා…පෙ… 9.අච්ඡං (අච‍්ඡමංසං) හන්ත්වා…පෙ… තරච්ඡං හන්ත්වා තරච්ඡමංසං පරිභුඤ්ජන්ති, භික්ඛූනං පිණ්ඩාය චරන්තානං ¶ තරච්ඡමංසං දෙන්ති. භික්ඛූ තරච්ඡමංසං පරිභුඤ්ජිත්වා අරඤ්ඤෙ විහරන්ති. තරච්ඡා තරච්ඡමංසගන්ධෙන භික්ඛූ පරිපාතෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. න, භික්ඛවෙ, 10.තරච්ඡමංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය, ආපත්ති දුක්කටස්සාති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll