[Watch in 4K — Recommended Resolution.]


108. එකට ම උපන් සප්ත සහජාත දන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. යශෝධරාවන්ගේ උත්පත්තිය සිද්ධාර්ථ උත්තපත්තිය වූ වේලාවේමද වූයේ?

A. “සර්වඥ බෝධිසත්ත්වයන් සමග වනාහි රාහුල මාතාවත් ආනන්ද තෙරුන්, ඡන්න, කන්‍ථක, ධන නිධාන, මහාබෝධිය, කාළුදායී යන මේ සප්ත සහජාත ය.”
“සබ්බඤ්ඤුබොධිසත්තෙන කිර සද්ධිං රාහුලමාතා, ආනන්දත්ථෙරො, ඡන්නො, කණ්ටකො, නිධිකුම්භො, මහාබොධි, කාළුදායීති ඉමානි සත්ත සහජාතානි.”

“බෝසතුන් සමඟ බෝරුක, රහල්මව, සිවුමහ නිදන්සැළි, නැඟයායුතු ඇතා, කන්‍ථක අසු, ඡන්න හා කාළුදායී යන මේ සත එක් දිනෙක උපන් බැවින් එකට උපන්නාහු නම් වූවාහුය.”
“බොධිසත්තෙන හි සද්ධිං බොධිරුක්ඛො රාහුලමාතා චතස්සො නිධිකුම්භියො ආරොහනියහත්ථී කණ්ඩකො ඡන්නො කාළුදායීති ඉමෙ සත්ත එකදිවසෙ ජාතත්තා සහජාතා නාම අහෙසුං.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll