Q. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඇඩ්මින් මහත්වරුනි, මේ ප්‍රශ්නය භික්ෂු විනය හා සම්භන්ධ විය හැකි නිසා මූලාශ්‍ර වලින් කරුණු පෙන්වා දී කමෙන්ට් ඕෆ් කරන්න පුළුවන් නම් බොහොම පින්. අනවශ්‍ය දේවල් කමෙන්ට් කරලා සමහරු නිකරුනේ අකුසල් රැස් කරගන්න බව පෙනෙනවා.
A. මම 99%ක් ම විවාදාපන්න ප්‍රශ්න අප්රූව් කරන්නේ නෑ, කරත් සාධාරණ පිළිතුරක් දීලා කොමෙන්ට් off කරනවා - ඒකට එක ප්‍රධාන හේතුවක් තමා ඔය; "ධර්ම රසය"ට වඩා 'කුණු රහ'ට තමා ගොඩක් අය කැමති; වෙන කෙනෙක් අප්රූව් කරපු එකක කොමෙන්ට් off කරන්න මම කැමති ම නෑ. අනික විවාදාපන්න නොවුණත් 99%ක් ම මම ප්‍රශ්න අප්රූව් කරන්නේ හොඳ උත්තරයක් එක්ක, අනවශ්‍ය දිශාවට යනවා නං පැය 24ක් විතර බලලා කොමෙන්ට් off කරනවා. මට (අපිට) ආවාට ගියාට උත්තර දෙන්න බෑනි (ඒවගේ ම මං විනය ගැන දන්නවා ගොඩාක් ම අඩුයි), ඒකයි "හොඳ ධර්මානුකූල උත්තරයක්" එක්ක ම හෝ උත්තර දන්නා ප්‍රශ්න විතරක් හෝ අප්රූව් කරන්නේ; උත්තර නොදන්නා ප්‍රශ්නයකට “හොඳ ධර්මානුකූල පිළිතුරක්” හොයන එක ලේසි නෑ, ඊටත් වැඩිය ඒකට කාලය හොයාගන්න එක ලේසි නෑ. (කාලසටහනකට අනුව භාර දිය යුතු / කළ යුතු වැඩ හා වෙනත් බොහෝ වැඩ ඇති බව කරුණාවෙන් සලකන්න; කණගාටුයි මිත්‍රයා/යාළුවා!)