36. අපරියාපන්න කියන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අපර්ය්යාපන්න තේරුම කියා දෙන්න පුලුවන්නම් ගොඩාක් පින් තෙරුවන්සරණයි!

A. "පරියාපන්නා යනු භව වශයෙන්‌ හා අවකාශ වශයෙන්ද සීමා කරන ලදී. අපරියාපන්නා යනු එසේ සීමා නැත."

[“පරියාපන්නාති භවවසෙන ඔකාසවසෙන ච පරිච්ඡින්නා. අපරියාපන්නාති තථා අපරිච්ඡින්නා.”

A. "ත්‍රෛභූමික වෘත්තයෙහි පර්යාපන්න වූවාහු ඇතුළත්‌ වූවාහුනුයි පරියාපන්නයි. එහි ඇතුළත්‌ නොවූයේ නුයි අපරියාපනනා ලොකුතතරායි."

[“තෙභූමකවට්ටෙ පරියාපන්නා අන්තොගධාති පරියාපන්නා, තස්මිං න පරියාපන්නාති අපරියාපන්නා, ලොකුත්තරා.”

“පරියාපන්නාති භවවසෙන ඔකාසවසෙන ච පරිච්ඡින්නා. අපරියාපන්නාති තථා අපරිච්ඡින්නා.”

“තෙභූමකවට්ටෙ පරියාපන්නා අන්තොගධාති පරියාපන්නා, තස්මිං න පරියාපන්නාති අපරියාපන්නා, ලොකුත්තරා.”

“තෙභූමකවට්ටෙ පරියාපන්නා අන්තොගධාති පරියාපන්නා. තස්මිං න පරියාපන්නාති අපරියාපන්නා.”

T. "1293. කතමෙ ධම‍්මා අපරියාපන‍්නා:
1293. අපරියාපන්නධර්මයෝ කවර යත්:
මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අපරියාපන‍්නා.
මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද අපරියාපන්න ධර්මයෝ යි."

"1607. කතමෙ ධම‍්මා අපරියාපන‍්නා:
1607. අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ කවරහ යත්:
චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අපරියාපන‍්නා.
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll