63. ඩයිනෝසර යුගය අයිති කොයි කාලයට ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නූතන විද්‍යාව තුල කතා කරන මේ ඩයිනෝසර යුගය කියන්නේ කල්ප විග්‍රහය අනුව මොන කාලයද? කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් යුගයක් ද?

A. ඩයිනෝසෝර යුගය = මීට වසර මිලියන 240-247 අතර පමණ පෙර.
අන්තඃකල්පය = වසර බිලියන 16.8 ක් පමණ.

අප දැන් සිටින්නේ මේ මහා භද්‍ර‍ කල්පයේ සතරවන අන්තඃකල්පයේ බැවින් හා මේ මහා භද්‍ර‍ කල්පයේ සතරවන අන්තඃකල්පය අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය බැවින් ද අතීත ඩයිනෝසර යුගය, අප බුදු හිමියන්ගේ කාලයට / යුගයට (ඇතුළත් වන බැවින්, ඊට) ම අයිති බව කිව යුතුය.

[අතීත ඩයිනෝසර යුගය යම් හෙයකින්, තුන්වන අන්තඃකල්පයේ පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයට මිස,  පළමුවන අන්තඃකල්පයේ පහළ වී වදාළ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයට නම් කිසිසේත් ම අයත් විය නොහැක.]

{අසංඛ්‍ය කල්පය = අන්තඃකල්ප 20 = වසර බිලියන 336 ක් පමණ.

අසංඛ්‍ය කල්ප 04 / අන්තඃකල්ප 80 = මහා කල්පය (01) = මහා කල්පය = වසර ට්‍රිලියන 1.344 (1344000000000) ක් පමණ.

[“සාමාන්‍ය කල්පය”ක් වසර මිලියන 16.8 පමණ වන බවත්, අන්තඃකල්පය හෙවත් “කුඩා කල්පය”ට, “සාමාන්‍ය කල්ප"1000ක් ඇති බව ද කියනු ලැබේ. 

එනම්: සාමාන්‍ය කල්පය = වසර මිලියන 16.8 ක් පමණ.

අන්තඃකල්පය = “කුඩා කල්පය” = “සාමාන්‍ය කල්ප"1000 = වසර බිලියන 16.8 ක් පමණ.]}

T. "ඒ මහර්ෂී සර්‍වඥයන් වහන්සේට හවුරුදු සියදහසක් ආයු විය."
(සතවස‍්සසහස‍්සානි) සතසහස්ස = සියක් දහස; ලක්ෂය.

10 x 140 = අසංඛ්‍යය 

["මේ එක් එක් අසඞ්ඛ්‍ය කල්පයක ප්‍ර‍මාණය අන්තඃකල්ප විස්සක් පමණ ය යි ද සිවු සැටක් පමණ ය යි ද කියා තිබේ."
අන්තඃකල්පයකට පහයි බින්දු 138 ක් පමණ හෝ 15625 බින්දු 134 ක් පමණ හෝ එයි.]

[එක් ක්‍රමයකින්, මහා කල්පයකට අවුරුදු ට්‍රිලියන 1.344 පමණ වේ යැයි කියනු ලැබේ. ඩයිනෝසෝරයින් මීට වසර මිලියන 240-247 අතර වූ බව කියනු ලැබේ. "Dinosaurs first appeared between 247 and 240 million years ago."
(240000000 years)]

S. ["Kalpa (aeon) - Buddhism: In one explanation, there are four different lengths of kalpas. A regular kalpa is approximately 16 million years long (16,798,000 years[4]), and a small kalpa is 1000 regular kalpas, or about 16.8 billion years. Further, a medium kalpa is roughly 336 billion years, the equivalent of 20 small kalpas. A great kalpa is 4 medium kalpas, or around 1.344 trillion years.]"


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll