Q. පචිචත්ත ලක්ෂණය පිළිබද විස්තරයක් කර දෙන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි.
A. පරමාර්ථ) ධර්මයන්ගේ තමාට පමණක් ම අයත් ආවේණික-අනන්‍ය ලක්ෂණයට (ධර්මතාවයට) “පච්චත්ත ලක්ෂණය” යැයි ද, සාමාන්‍ය-සමාන-පොදු ලක්ෂණයට (ධර්මතාවයට) “සාමඤ්ඤ ලක්ෂණය” යැයි ද කියනු ලැබේ.
උදාහරණයක් ලෙස පඤ්චස්කන්ධයට අයත් රූපස්කන්ධය ශීතෝෂ්ණ ආදියට වෙනස්වීම රූපයේ (රූපස්කන්ධයේ) ලක්ෂණය යි - එය රූපයේ (රූපස්කන්ධයේ) පච්චත්ත ලක්ෂණය යි. අරමුණට නැමෙන ස්වභාවය නාමයේ පච්චත්ත ලක්ෂණය යි. වේදනාවේ විඳීම් ස්වභාවය, සංඥාවේ හැඳිනීම් ලක්ෂණය ආදී වශයෙන් පච්චත්ත ලක්ෂණ යි. රූපයෝ අරමුණ වෙතට නැමෙන ස්වභාවයක් නැත ද, නාම ධර්ම (නාමස්කන්ධ) ශීතෝෂ්ණ ආදියට වෙනස්වීමක් නැත ද, නාම-රූප දෙකට ම අනිත්‍ය-දුක්ඛ-අනාත්ම යන ලක්ෂණත්‍රය පොදු ය - එය පඤ්චස්කන්ධයේ සාමඤ්ඤ ලක්ෂණය යි.
[ඒ ඒ රූපයේ ද ඒ ඒ චිත්ත-චෛතසිකයන්ගේ ද “පච්චත්ත ලක්ෂණ” ඇත; අනිත්‍ය-දුක්ඛ-අනාත්ම යන “සාමඤ්ඤ ලක්ෂණ” ද ඇත.]
T. "විස්තර:- ‘රූපය රුප්පන (බිඳීම්) ලක්‍ෂණ යැ, වේදනාව විඳීම් ලක්‍ෂණ යැ යනාදීන් ඒ ඒ ස්කන්ධ-ධාතු-ආයතනාදීන් ඒ ඒවාට අයත් ආවේණික ලක්‍ෂණයන් පිළිබඳ වැ (ඇති ස්වභාවය) සැලකීම් වශයෙන් පැවැති ප්‍රඥාව ඥාතපරිඥා යැ.
‘රූපය අනිත්‍ය යැ, වෙදනාව අනිත්‍ය යැ’ යනාදි ක්‍රමයෙන් ඒ රූපාදි ධර්‍මයන්ගේ ම අනිත්‍ය යැ, දුඃඛ යැ අනාත්ම යැ යන සාමාන්‍ය (සියල්ලට සාධාරණ) ලක්‍ෂණයට නඟා පැවැති ස්වභාවය වූ ලක්‍ෂණත්‍රයය අරමුණු කොට ඇති විදර්‍ශනා ප්‍රඥාව තීරණපරිඥා නම.
ඒ ත්‍රෛභූමක ධර්‍මයන් කෙරෙහි ම නිත්‍ය සංඥාදිය දුරු කිරීම් වශයෙන් පැවැති ‘උණු බව නො හැර ම උණු දිය අරමුණු කරන්නා සේ’ ලක්‍ෂණය නො හැර ම ස්කන්ධයන් අරමුණු කරන ලක්‍ෂණාලම්බනික විදර්‍ශනා ප්‍රඥාව ප්‍රහාන පරිඥා නම.
ඒ ත්‍රිවිධ පරිඥා අතුරින් සඞ්ඛාර පරිච්ඡෙදයේ (නාම-රූප පරිග්‍රහයේ) පටන් ප්‍රත්‍යය පරිග්‍රහය දක්වා පැවැති ප්‍රඥාව ඥාත පරිඥාවට භූමිය යි."
"මෙසේ භාග්‍යවතුන් වහන්සේ යම් මේ සමාන වූ සහ වෙන් වෙන් වූ ධර්මයන්ගේ ලක්‍ෂණ දෙකින් ඒ රූප ස්කන්‍ධයෙහි වෙන් වෙන් වූ ලක්‍ෂණ දක්වන ලදී. මෙය රූපස්කන්‍ධයෙහි පමණි. වේදනාදීන්ගේ නොවේ. එනිසා පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත් ලක්‍ෂණයැයි කියයි. අනිත්‍ය-දුක්ඛ-අනාත්ම ලක්‍ෂණ වනාහී වේදනාදියෙහි ද වේ. එනිසා එය සමාන වූ ලක්‍ෂණයන් යැයි කියයි.
ති භගවතා යානි ඉමානි සාමඤ‍්ඤපච‍්චත‍්තවසෙන ධම‍්මානං ද‍්වෙ ලක‍්ඛණානි, තෙසු රූපක‍්ඛන්‍ධස‍්ස තාව පච‍්චත‍්තලක‍්ඛණං දස‍්සිතං. රූපක‍්ඛන්‍ධස‍්සෙව හි එතං, න වෙදනාදීනං, තස‍්මා පච‍්චත‍්තලක‍්ඛණන‍්ති වුච‍්චති. අනිච‍්චදුක‍්ඛානත‍්තලක‍්ඛණං පන වෙදනාදීනම‍්පි හොති, තස‍්මා තං සාමඤ‍්ඤලක‍්ඛණන‍්ති වුච‍්චති."