Q. තෙරුවන් සරණයි ! කල්ප විනාශය හා ලෝක විනාශය දෙකේ වෙනස පහදා දෙනවාද ?
A. යුක්තියුක්තව ලෝක විනාශය, කල්ප විනාශයට ම ඇතුළත් කළ හැකි බැවින්, කල්ප විනාශයෙන් තොර හුදු කේවල ලෝක විනාශයක් ගැන සඳහන් නොවන බව කිව හැකිය; ඉන් ගම්‍යමාන වනුයේ, කල්ප විනාශයෙන් තොරව, (කලින් කලට, ලොව නන්දෙසින්, නොයෙක් ලෙසින්, මතුවෙනා පරිදි,) ලෝක විනාශයක් පමණක් නොවන බවයි.
ඒ බැව් විස්තර සහිතව දැනගැනීමට හා ස්ථිර කර ගැනීමට පහත ආශ්‍රිත මැනවින් පරිශීලනය කරන්න!
S. "ධ්‍යානයෙන් තොරව බඹලොව උපතෙක් නැත, මොවුනතුරෙන්ද කිසිවෙක් දුර්භික්‍ෂයෙන් පෙළුණාහු වෙති, කිසිවෙක් ධ්‍යානාධිගමය පිණිස අභව්‍යයෝ (නොසුදුස්සෝ) ය, ඔහු කෙසේ උපදින්නාහුද? දෙව්ලොවදී ලබාගත ධ්‍යාන වශයෙනි. එකල සුවහස් වස් ඉකුත්වීමෙන් කල්ප විනාශය වන්නේයයි ලෝකව්‍යුහ (ලෝකාරක්‍ෂක) නම් කාමාවචර දෙවියෝ වොටුණු රහිත හිසින් විසුරුණු කෙස් ඇතිව හඬමින් වැලපෙමින් දෙ-අතින් කඳුලු පිසිමින් රතු ඇඳුම් ඇඳගෙන ඉතා විරූප වූ වෙස් දරමින් මිනිස් ලොව සැරිසරන්නාහු මෙසේ සැල කරන්නාහුය:- “සබඳිනි, සබඳිනි, මෙයින් සුවහස් වස්ගිය තැන කල්පාවසානය වන්නේය, මේ ලෝකය විනාශ වන්නේය, මහාසමුද්‍රය වියලී යන්නේය, මේ මහපොළොවද මහාමේරු පර්වතයද දැවී යන්නේය, විනාශවන්නේය, බඹලොව දක්වා ලෝක විනාශය වෙයි. සබඳිනි, මෙත් වඩවු, කරුණා, මුදිතා, උපේක්‍ෂා වඩවු, මවුනට උපස්ථාන කරවු, පියනට උපස්ථාන කරවු, කුලදෙටුවන් පුදවු” යනුවෙනි.
ඣානං විනා නත්‍ථි බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති, එතෙසඤ‍්ච කෙචි දුබ‍්භික‍්ඛපීළිතා කෙචි අභබ‍්බා ඣානාධිගමාය, තෙ කථං තත්‍ථ නිබ‍්බත‍්තන‍්තීති. දෙවලොකෙ පටිලද‍්ධජ‍්ඣානවසෙන. තදා හි “වස‍්සසතසහස‍්සස‍්සච‍්චයෙන කප‍්පුට‍්ඨානං භවිස‍්සතී”ති ලොකබ්‍යූහා නාම කාමාවචරදෙවා මුත‍්තසිරා විකිණ‍්ණකෙසා රුදමුඛා අස‍්සූනි හත්‍ථෙහි පුඤ‍්ඡමානා රත‍්තවත්‍ථනිවත්‍ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්‍වා මනුස‍්සපථෙ විචරන‍්තා එවං ආරොචෙන‍්ති “මාරිසා ඉතො වස‍්සසතසහස‍්සස‍්සච‍්චයෙන කප‍්පවුට‍්ඨානං භවිස‍්සති, අයං ලොකො විනස‍්සිස‍්සති, මහාසමුද‍්දොපි උස‍්සුස‍්සිස‍්සති, අයඤ‍්ච මහාපථවී සිනෙරු ච පබ‍්බතරාජා උද‍්දය‍්හිස‍්සන‍්ති විනස‍්සිස‍්සන‍්ති. යාව බ්‍රහ‍්මලොකා ලොකවිනාසො භවිස‍්සති. මෙත‍්තං මාරිසා භාවෙථ, කරුණං, මුදිතං, උපෙක‍්ඛං මාරිසා භාවෙථ, මාතරං උපට‍්ඨහථ, පිතරං උපට‍්ඨහථ, කුලෙ ජෙට‍්ඨාපචායිනො හොථා”ති."
# "බෝසතුන් තුසිත භවනයෙහි වසද්දී බුද්ධකෝලාහල නම් කෝලාහලයක් ඇතිවිය. ලොව වනාහි තුන් කෝලාහලයක් උපදී. ඒ මෙසේයි. කල්ප කෝලාහලය බුද්ධ කෝලාහලය චක්‍රවර්ති කෝලාහලය කියායි. එහි වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේ යයි ලෝකබ්‍යුහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදාගෙන කෙස් විසුරුවා ගෙන හැඬූ මුහුණින් අතින් කඳුළු පිසිමින් රතුපිළි හැඳ අතිශයින් විරූපවෙස් ඇතිව මිනිස් පියෙස්හි ගැවසෙමින් මෙසේ දැනුම් දෙති. නිදුක්වරුනි, නිදුක්වරුනි, මෙයින් වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කප නැගීම වෙයි. මේ ලෝකය වැනසෙයි. මහමුහුදත් වියලෙයි. මේ මහපොළවත් මහාමෙරු පර්වත රාජයාත් දැවෙයි. වැනසෙයි. බඹලොව දක්වා ලෝක විනාශය වෙයි. නිදුක්වරුනි, මෙත් වඩව්. කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව වඩව්. මවට, පියාට උපස්ථාන කරව්. කුලදෙව් වන් පුදන්නෝ වව් කියායි. මෙය කල්ප කෝලාහලයයි.
තුසිතපුරෙ වසමානෙයෙව පන බොධිසත‍්තෙ බුද‍්ධකොලාහලං නාම උදපාදි. ලොකස‍්මිඤ‍්හි තීණි කොලාහලානි උප‍්පජ‍්ජන‍්ති. සෙය්‍යථිදං – කප‍්පකොලාහලං, බුද‍්ධකොලාහලං, චක‍්කවත‍්තිකොලාහලන‍්ති. තත්‍ථ “වස‍්සසතසහස‍්සස‍්ස අච‍්චයෙන කප‍්පුට‍්ඨානං භවිස‍්සතී”ති ලොකබ්‍යූහා නාම කාමාවචරදෙවා මුත‍්තසිරා විකිණ‍්ණකෙසා රුදමුඛා අස‍්සූනි හත්‍ථෙහි පුඤ‍්ඡමානා රත‍්තවත්‍ථනිවත්‍ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්‍වා මනුස‍්සපථෙ විචරන‍්තා එවං ආරොචෙන‍්ති – “මාරිසා, මාරිසා, ඉතො වස‍්සසතසහස‍්සස‍්ස අච‍්චයෙන කප‍්පුට‍්ඨානං භවිස‍්සති, අයං ලොකො විනස‍්සිස‍්සති, මහාසමුද‍්දොපි උස‍්සුස‍්සිස‍්සති, අයඤ‍්ච මහාපථවී සිනෙරු ච පබ‍්බතරාජා උඩ‍්ඩය‍්හිස‍්සන‍්ති විනස‍්සිස‍්සන‍්ති, යාව බ්‍රහ‍්මලොකා ලොකවිනාසො භවිස‍්සති, මෙත‍්තං, මාරිසා, භාවෙථ, කරුණං මුදිතං උපෙක‍්ඛං, මාරිසා, භාවෙථ, මාතරං පිතරං උපට‍්ඨහථ, කුලෙ ජෙට‍්ඨාපචායිනො හොථා”ති. ඉදං කප‍්පකොලාහලං නාම."
# "මෙසේ එහි විනාශයද, නැවත පිහිටීමද දතයුතුය. යම්කලෙක කල්පය ගින්නෙන් නසීද, මුලදීම කල්ප විනාශ මහා මේඝයක් පැන නගී. කෝටි ශත සහස්‍ර චක්‍රවාටයන්හි එක් මහවැස්සක් වසී. මිනිස්සු සතුටට පත්වූවාහු සියලු බීජ පිටතට ගෙනවුත් වපුරති. ශස්‍ය ගවයින් කන පමණට හටගත් කල්හි කොටළු හඬක් හඬනංවමින් එක් බිංදු මාත්‍රයක්වත් වැසි නොවසියි. එදා සිඳුණු වැස්ස සිඳුනේම වේ. වැස්සෙන් ජීවත්වන සත්ත්වයෝ, පුණ්‍යඵලයෙන් ජීවත්වන දේවතාවෝ ක්‍රමයෙන් බඹලොව උපදිත්. මෙසේ දීර්ඝකාලයක් ගතවූ කල්හි ඒ ඒ තන්හි ජලය ක්‍ෂයට යේ. නැවත ක්‍රමයෙන් මත්ස්‍ය, කැසුබුවෝද කළුරියකොට බඹලොව උපදිති. නේරයික සත්ත්වයෝද බඹලොව උපදිති. එහි නේරයිකයෝ සත්වන සූර්ය පහළවීමෙහිදී විනාශ වන්නාහුයයි ඇතැමෙක් කියති. ධ්‍යාන නොමැතිව බඹලොව ඉපදීමක් නොමැත. ඔවුන් අතරද, දුර්භික්‍ෂයෙන් පීඩිත වූ සමහරු ධ්‍යානාධිගමයට නුසුදුස්සෝය. ඔවුහු කෙසේ එහි උපදිත්ද? දිව්‍ය ලෝකයෙහිදී ලද ධ්‍යාන වශයෙනි. එකල්හි වර්ෂ ලක්ෂයක්හුගේ ඇවෑමෙන් කල්ප විනාශය වන්නේයයි ලොකව්‍යුහ නමැති, කාමාවචර දේවතාවෝ මුදාහළ කෙස්වැටි, විසිරුණු කෙස් ඇත්තාහු හඬන මුහුණු ඇත්තාහු අත්වලින් කඳුළු පිසිනු ලබන්නාහු රතු වස්ත්‍ර අඳින ලද්දාහු ඉතාම විරූප වෙස් දරනු ලබන්නෝ වී, මිනිස් වාස ප්‍රදේශයෙහි සරන්නාහු, පින්වත්නි, පින්වත්නි, මෙයින් වර්ෂ ශත සහස්‍රයකගේ ඇවෑමෙන් කල්ප විනාශය වන්නේය. මේ ලෝකය විනාශ වන්නේය. මහා සමුද්‍රයද වියලී යන්නේය. මේ මහා පෘථුවියද, මහාමේරු පර්වත රාජයාද දැවී යන්නේය. විනාශ වන්නේය. බ්‍රහ්මලෝකය දක්වා ලෝකය විනාශ වන්නේය. පින්වත්නි, මෛත්‍රිය වඩවු, පින්වත්නි, කරුණාව, මෘදුබව, උපේක්‍ෂාව වඩවු. මවට උපස්ථාන කරවු. පියාට උඵස්ථාන කරවු. කුලදෙටුවන් පුදන්නෝ වෙවුයයි මෙසේ සැලකරති. ඔවුන්ගේ වචන අසා, මනුෂ්‍යයෝද, භූම්‍යස්ථ දෙවිවරුද බොහෝ සංවේගප්‍රාප්ත වූවාහු, ඔවුනොවුන් කෙරෙහි මෘදු සිත් ඇත්තෝ වී මෛත්‍රී ආදී පින්කොට දෙව්ලොව උපදිති. එහි දිව්‍යභෝජන අනුභවකොට වායො කසිණයෙහි පිරියම්කොට ධ්‍යාන ලබති. එයින් අන්‍ය වූවෝ වනාහි අපරාපර්යවේදනීය කර්මයෙන් දෙව්ලොව උපදිති. අපරාපර්ය වේදනීය කර්ම රහිත වූයේ වනාහි සසර සැරිසරන සත්ත්වයෙක් නම් නැත. ඔවුහුද එහි එසේම ධ්‍යාන ලබති. මෙසේ දෙව්ලොව ලද ධ්‍යාන වශයෙන් සියල්ලෝම බඹලොව උපදිති.
තස‍්සෙවං විනාසො ච සණ‍්ඨහනඤ‍්ච වෙදිතබ‍්බං – යස‍්මිං සමයෙ කප‍්පො අග‍්ගිනා නස‍්සති, ආදිතොව කප‍්පවිනාසකමහාමෙඝො වුට‍්ඨහිත්‍වා කොටිසතසහස‍්සචක‍්කවාළෙ එකං මහාවස‍්සං වස‍්සති. මනුස‍්සා තුට‍්ඨා සබ‍්බබීජානි නීහරිත්‍වා වපන‍්ති. සස‍්සෙසු පන ගොඛායිතකමත‍්තෙසු ජාතෙසු ගද්‍රභරවං රවන‍්තො එකබින්‍දුමත‍්තම‍්පි න වස‍්සති, තදා පච‍්ඡින‍්නං පච‍්ඡින‍්නමෙව වස‍්සං හොති. වස‍්සූපජීවිනො සත‍්තා කමෙන බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තන‍්ති, පුප‍්ඵඵලූපජීවිනියො ච දෙවතා. එවං දීඝෙ අද‍්ධානෙ වීතිවත‍්තෙ තත්‍ථ තත්‍ථ උදකං පරික‍්ඛයං ගච‍්ඡති. අථානුක‍්කමෙන මච‍්ඡකච‍්ඡපාපි කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තන‍්ති, නෙරයිකසත‍්තාපි. තත්‍ථ “නෙරයිකා සත‍්තමසූරියපාතුභාවෙ විනස‍්සන‍්තී”ති එකෙ. ඣානං විනා නත්‍ථි බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති, එතෙසඤ‍්ච කෙචි දුබ‍්භික‍්ඛපීළිතා, කෙචි අභබ‍්බා ඣානාධිගමාය, තෙ කථං තත්‍ථ නිබ‍්බත‍්තන‍්තීති? දෙවලොකෙ පටිලද‍්ධජ‍්ඣානවසෙන. තදා හි “වස‍්සසතසහස‍්සස‍්ස අච‍්චයෙන කප‍්පවුට‍්ඨානං භවිස‍්සතී”ති ලොකබ්‍යූහා නාම කාමාවචරදෙවා මුත‍්තසිරා විකිණ‍්ණකෙසා රුදමුඛා අස‍්සූනි හත්‍ථෙහි පුඤ‍්ඡමානා රත‍්තවත්‍ථනිවත්‍ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්‍වා මනුස‍්සපථෙ විචරන‍්තා එවං ආරොචෙන‍්ති – “මාරිසා, මාරිසා, ඉතො වස‍්සසතසහස‍්සස‍්ස අච‍්චයෙන කප‍්පවුට‍්ඨානං භවිස‍්සති, අයං ලොකො විනස‍්සිස‍්සති, මහාසමුද‍්දොපි උස‍්සුස‍්සිස‍්සති, අයඤ‍්ච මහාපථවී සිනෙරු ච පබ‍්බතරාජා උද‍්දය‍්හිස‍්සන‍්ති විනස‍්සිස‍්සන‍්ති, යාව බ්‍රහ‍්මලොකා ලොකවිනාසො භවිස‍්සති. මෙත‍්තං, මාරිසා, භාවෙථ. කරුණං… මුදිතං… උපෙක‍්ඛං, මාරිසා, භාවෙථ. මාතරං උපට‍්ඨහථ, පිතරං උපට‍්ඨහථ, කුලෙ ජෙට‍්ඨාපචායිනො හොථා”ති. තෙසං වචනං සුත්‍වා යෙභුය්‍යෙන මනුස‍්සා ච භුම‍්මා දෙවා ච සංවෙගජාතා අඤ‍්ඤමඤ‍්ඤං මුදුචිත‍්තා හුත්‍වා මෙත‍්තාදීනි පුඤ‍්ඤානි කරිත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තන‍්ති. තත්‍ථ දිබ‍්බසුධාභොජනං භුඤ‍්ජිත්‍වා වායොකසිණෙ පරිකම‍්මං කත්‍වා ඣානං පටිලභන‍්ති. තදඤ‍්ඤෙ පන අපරපරියවෙදනීයෙන කම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තන‍්ති. අපරපරියවෙදනීයකම‍්මරහිතො හි සංසාරෙ සංසරන‍්තො නාම සත‍්තො නත්‍ථි. තෙපි තත්‍ථ තථෙව ඣානං පටිලභන‍්ති. එවං දෙවලොකෙ පටිලද‍්ධජ‍්ඣානවසෙන සබ‍්බෙපි බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තන‍්තීති."
# සවිස්තරව:
"නොයෙක් සංවට්ට කල්ප = පිරිහෙන්නා වූ කපසංවට්ට නමි.
නොයෙක් විවට්ට කල්ප = වැඩෙන්නා වූ කප විවට්ට නමි.
කපක් පිළිබඳ සංවට්ට සතරෙකි.
සංවට්ටය
සංවට්ටඨායීය
විවට්ටය
විවට්ටඨායීය යි හෙද
ආපෝ සංවට්ටය
තෙජෝ සංවට්ටය,
වායෝ සංවට්ටය යි තුනෙකි.
සංවට්ට සීමා ද තුනෙකි. ගින්නෙන් නස්නා කල ආභස්සරයෙන් යට ද, ජලයෙන් නස්නා කල සුභකිණහයෙන් යට ද, වාතයෙන් නස්නා කල වෙහප්ඵලයෙන් යට ද නසී.
විස්තර:- ජාතික්‍ෂේත්‍රය, ආඥාක්‍ෂේත්‍රය, විෂයක්‍ෂේත්‍රයයි ද තුනෙක් වේ. තථාගතයන් වහන්සේ ගේ ජාත්‍යාදීන්හි කම්පා වන ප්‍රදේශය වූ දස දහසක් සක්වළ ජාති ක්‍ෂේත්‍රය යැ, රතන සූත්‍රාදීන් ගේ අනුභාවය පැතිරෙන තරම් ප්‍රදේශය වූ කෝටි ලක්‍ෂයක් සක්වල ආඥාක්‍ෂේත්‍රය යැ, බුද්ධඥාන විෂය වූ අනන්තාපරිමාණ සක්වළ විෂය ක්‍ෂේත්‍රය යි
මොවුනතුරෙන් කල්ප විනාශය වන කාල ආඥාක්‍ෂේත්‍රය මැ විනාශ වේ. ඒ සමග ජාති ක්‍ෂේත්‍රය ද, විනාශ වේ. ඒ ඇතුළත වන හෙයිනි. පිහිටන්නේ ද, එකවට මැ පිහිටා මැයි. විෂය ක්‍ෂේත්‍රය අනන්තාපරිමාණ ය. “තමා ශබ්දය පැතිරවීම්, රූප දැක්වීම් පිළිබඳ වැ යාවතාපන ආකඞ්ඛෙය්‍ය”[1] යි. “යම් පමණ කැමැත්තේ නම් එපමණ තන්හිය” යි වදාළ හෙයිනි.
විස්තර:- ගින්නෙන් කප නස්නා කල මුලදී මැ කල්ප විනාශක මහා වැසි වසී. හෙද කෙළ ලක්‍ෂයක් සක්වළට එකවට ය. මිනිස්සු තුටු පහටු වැ බීජ සියල්ල වපුරති. ශෂ්‍ය ගවයන් කන පමණ වැඩුණු පසු මේඝ ගර්‍ජනා විනා වැසි පොදකුදු නො වසී. එදා නැවතුණු වැසි නැවතුණේ මැ වේ.
“හොති ඛො සො භික්ඛ වෙ සමයො යං බහූනි වස්සසතානි, බහූනි වස්ස සහස්සානි, බහූනි වස්ස සත සහස්සානි දෙවො න වස්සති”[2] යි ‘බොහෝ අවුරුදු සිය-දහස්-ලක්‍ෂ ගණන් වැසි නොවස්නා කලෙක් වේය’ යි එයින් වදාළහ.
එකල වැස්සෙන් ජීවත් වන සත්ත්‍වයෝ කළුරිය කොට බඹලොව උපදිති. මල් පලයෙහි ඕජාවෙන් ජීවත් වන දෙවියෝ ද, බඹලොව උපදිති. මෙසේ දීර්‍ඝ කාලයක් ගතවත් ම ඒ ඒ තැන ජලය වියළී යයි. එකල මස් කැසුබු ආදීහු බඹලොව උපදිති. නිරි සතුන්ද මැරී බඹලොව උපදිත්.
(තිරිසන් සතුන් බඹලොව උපදනේ සත් වැනි සූර්‍ය්‍යයා පහළ වූ පසුවය යි ඇතැම් කෙනෙක් කියති.)
ප්‍රශ්නයෙකි:- ධ්‍යාන නැතිවැ බඹලොව යා නොහේ. මෙහි ඇතැම් කෙනෙක් දුර්භික්‍ෂයෙන් පීඩිත වැ මැරෙති. ඇතැම් කෙනෙක් ධ්‍යාන වැඩීමට අභව්‍ය නො වෙද්ද?
පිළිතුර:- දෙව්ලොව ඉපද එහිදී ලබන ධ්‍යාන වශයෙනි.
විස්තර:- එකල මින් හවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වේ’ යයි “ලොකබ්‍යුහ” නම් දෙවියෝ කෙස් මුදා විසුරුවා ගෙන හඬමින් අතින් කඳුළු පිසිමින් රතු වත් හැඳ ඉතා විරූප වෙස් දරා මිනිස් පියස හැසිරෙති.
මෙසේ ද කියත් “පින්වත්නි! මින් හවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වේ. මේ ලෝකය වැනැසේ. මහ මුහුද පවා වියළේ. මේ මහා පොළොව ද, මහා මේරු පර්‍වතය ද, දා වැනසේ. බඹ ලොව තෙක් සියල්ල වැනසේ.
පින්වත්නි! ‘මෙත් වඩව්, කරුණා-මුදිතා-උපේක්‍ෂා වඩව්, මව්-පිය උවටැන් කරව්, කුල දෙටුවන් පුදව්’ කියා ය යි.
මේ බස් අසා මිනිස්සු ද, බූමාටු දෙවියෝ ද, මොළොක් සිත් වැ මෙත් වැඩීම් ආදි පින්කම් කොට දෙව්ලොව උපදිති. එහිදී දිව බොජුන් වලඳා වායො කිසුණු පිරියම් කොට ධ්‍යාන උපදවති. අන්‍යයෝ අපරාපරිය වෙද්‍යා කර්‍මයෙන් දෙව්ලොව උපදිති. ‘අපරාපරිය කර්‍ම විරහිත සසර සැරිසරන සත්ත්‍වයෙක් නැති’ ඔහුද එසේ මැ එහි දී ධ්‍යාන උපදවා බඹලොව යති. වැසි නැවතී බොහෝ කලකගේ ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයෙක් උපදී. එකල රෑ දාවල් වෙනස නොපැනේ. එකක් උදා වූ කල එකක් බසී. ලෝකය සූර්‍ය්‍යාලෝකයෙන් නිරතුරු වෙයි.
විශේෂ:- ප්‍රකෘති සූර්‍ය්‍ය මණ්ඩලයෙහි සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයා ඇතත්, දෙවෙනි කල්ප විනාශය සූර්‍ය්‍ය මණ්ඩලයෙහි හේ නැති. එසේම පියවි හිරු පවත්නා කල වලාහක-දුම්-සිළු ඇතත් දෙවෙනි හිරු උදා වූ කල හේ ද නැති වේ. අහස ආදාස මණ්ඩලයක් සේ නිර්‍මල වේ. පස් මහා ගංගාවන් හැර, සෙසු ගංගා, ඇළ, දොළ වියළේ. ඉන් බොහෝ කලක ගේ ඇවෑමෙන් තුන් වැනි හිරෙක් උදා වේ. එකල පස් මහා ගඟ වියළේ. එයින් බොහෝ කලක ගේ ඇවෑමෙන් සිවු වැනි හිරෙක් පහළ වේ. එකල හිමවත මහා ගංගාව හටගන්නා සීහප්‍රපාතය, හංසප්‍රපාතය, කර්‍ණමුණ්ඩකය, රථකාරය, අනවතප්තය, ඡද්දන්තය, කුණාලය යන සප්ත මහා විල් වියළේ.
ඉන් බොහෝ කලෙකින් පස්වැනි හිරෙක් උදා වේ. එකල පිළිවෙළින් මහා සාගරයෙහි සුළැඟිල්ල තෙමන පමණ වූ ද ජලය ඉතිරි නොව වියළේ. ඉන් බොහෝ කලෙකින් සවැනි හිරෙක් පහළ වේ. එකල සියලු කෝටි ලක්‍ෂයක් සක්වළ වියළන දුමින් එකට පිරී ගනී. ඉනුදු බොහෝ කලෙකින් සත්වැනි හිරෙක් පහළ වේ. එකල සියලු කෝටි ලක්‍ෂයක් සක්වළ එක මැ ගිනි ජාලාවක් වේ. සියක් යොදුන් පමණ මහත් ගිරි කුළු පැලී අහසෙහි දා විනාශ වේ. එහි ගිනි ජාලාව චාතුර්‍මහාරාජිනක දිව්‍ය ලෝකය තෙක් පැතිරේ. එහි රන් - රිදී - මැණික් - විමන් දවා තව්තිසා දෙව් ලොව තෙක් පැතිරේ. මේ ක්‍රමයෙන් සදිව්‍ය ලෝකයන් දවා ප්‍රථමධ්‍යාන භුමිය තෙක් පැතිරේ. එහි ද බ්‍රහ්මතල තුන දවා ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි හැපී සිටී. ඒ ගිනි ජාලාව අණුවක් පමණ වූ ද, ද්‍රව්‍යයක් පවත්නා තුරු නො නිවේ. සියලු ද්‍රව්‍ය අවසන් වූ කල ගිතෙල් දැ තැන මෙන් අලු ද ඉතිරි නො කොට නිවී යයි. යට අහස හා උඩ අහස එක් වැ මහාන්‍ධකාර වේ. අනතුරු දීර්‍ඝ කාලයක ගේ ඇවෑමෙන් මහා මේඝයක් නැගී පළමුව සියුම් පොද වැසි වසී. පිළිවෙළින් නෙලුම් දඬු - සැරයටි - මොහොල් - තල් කඳ පමණ වැසි ධාරා වැස කෙළ ලක්‍ෂයක් සක්වළ සියලු දා ගිය තැන් පිරී යයි. ඒ ජලය උඩ යට සරස වාතය නැගී ඝන කොට නො විසිරෙන සේ පිඬු කරයි. පියුම් පතෙක දියත්තක් මෙනි. ඒ මහත් ජලස්කන්‍ධය අතර වාතය ගමන් කළ හැකි සේ විවර දෙමින් ඝන කොට වට කරයි. මෙසේ ක්‍රමයෙන් ඝන වීමෙන් යටට බසී. එසේ ක්‍රමයෙන් බසිත් බසිත් මැ පෙර බඹලොව තුබූ තන්හි බඹ ලොව ද, මතුයෙහි යාම දෙව් ලොව තෙක් සතර කාමාවචර දෙව් ලොව පැවැති තන්හි දෙව් ලොව ද පහළ වේ. චාතුර්‍මහාරාජික, තාවතිංස, දිව්‍යලෝක දෙක පොළොව හා සම්බන්‍ධ හෙයින් එකල පහළ නො වේ. පෙර පොළොව පැවැති තැනට බට කල්හි බලවත් වාතය හට ගනී. ඒ වාතය ධර්‍මකරකයෙහි සිදුර වැසූ කල ඇතුළත රඳන ජලය මෙන් නිරුත්සාහයෙන් පවතී.
මිහිරි ජලය ක්‍රමයෙන් ක්‍ෂය වෙමින් මතු පිට රස පඨවිය උපදවයි. එය වර්‍ණයෙන් ද, ගන්‍ධයෙන් ද යුක්ත වේ. නිරූදක ක්‍ෂීරපායාසයෙහි මතු පිට තෙල් පටලය මෙනි. එකල ආභස්සර බඹ ලොවින් චුත වන බ්‍රහ්මයෝ එහි උපදිති. ඔහු තමා ගේ ශරීරාලෝකයෙන් ආලෝක කෙරෙමින් අහසෙහි හැසිරෙති. උපාචාර ධ්‍යාන බලයෙන් එසේ හැසිරෙන ඔව්හු අග්ගඤ්ඤ සූත්‍රයේ[3] කී සේ රස පොළොව ආස්වාදනය කොට රස තෘෂ්ණාවෙන් මඩිනා ලද්දාහු අන් සතු දෙය පැහැර ගෙන අනුභව කිරීමට උපක්‍රම කෙරෙති. ඉන් ඔවුන් ගේ ශරීරාලෝකය අතුරුදහන් වැ අන්‍ධකාරය වේ. බියට පැමිණි ඔවුන් සනසා පිරිපුන් පනස් යොදුන් ඇති සූර්‍ය්‍ය මණ්ඩල පහල වේ. ඔහු ඒ දැක ‘එළිය ලදුම්හ’ යි තුටු පහටු වැ භය වූ අය සනසා ‘සූර බව් උපදමින් පහළ වූයේය’යි ‘සූර්‍ය්‍ය’ යැයි නම් කෙරෙති. සූර්‍ය්‍යයා දහවල් පැවතී අස්තයට ගිය ඉක්බිති ‘ලැබූ ආලෝකය දැන් නටුයේය’යි භය වූවාහු ‘අනෙක් ආලෝකයක් ලදමෝ නම් මැනවැ’යි සිතත්ම ඔවුන් ගේ සිත දැනමෙන් එකුන් පනස් යොදුන් සඳමඬල පහළ වෙයි. ඒ දැක බොහෝ සෙයින් තුටු පහටු වූ ඔව්හු ඒ අරුත සලකා ‘චන්‍ද්‍ර’ නම් කෙරෙති.
මෙසේ සඳ-හිරු පහළ වූ පසු නැකැත් තරු පහළ වේ. එතැන් පටන් රෑ-දාවල් පැනෙයි. අනුක්‍රමයෙන් මාස -අර්‍ධමාස - සෘතු - සංවත්සරයෝ පහළ වෙති. සඳ - හිරු උපන් දා මැ මහමෙර, සක්වළගල, හිමවත් පව් පහළ වේ. ඔහු ද, ක්‍රමයෙන් මැදින් මස පසළොස්වක් දා පහළ වෙත්. පැසෙන තණ පතක එක පැහැර බුබුළු නැගී ඇතැම් පෙදෙස් ථූපයන් සේ උස්ව ද, ඇතැම් පෙදෙස් ආවාටව ද, ඇතැම් පෙදෙස් සමව ද, පැසෙන්නාක් මෙනි මෙසේ ථූප මෙන් වූ තැන් පර්‍වත වේ. ප්‍රපාත මෙන් වූ තැන් සමුද්‍ර වේ. සමතැන් ද්වීප වේ.
රස පොළොව වළඳනා ඒ සත්ත්‍වයන් අතුරින් ඇතැම් කෙනෙක් වර්‍ණවත් වූවෝ දුර්‍වණ වූවන් හෙළා දකිති ඔවුන් ගේ ඒ මානය හේතු කොටගෙන රස පොළොව අතුරුදහන් වේ. භුමිපප්පටක පහළ වේ. ඒ නයින් භේද අතුරුදහන් වේ. බදාලතා නම් ලතා විශේෂයක් පහළ වේ. එසේ මැ භේ ද අතුරුදහන් වේ. (ස්වයංපාක) දරින් නො පිසිය යුතු කුඩු නැති පිරිසිදු හැල් පහළ වේ. අනතුරු වැ බඳුන් පහළ වේ. ඔහු ඒ සහල් බඳුන් හි බහා ගල් මත තබති. ගිනි තමා ම නැගී එය පිසයි. දෑසමන් කැකුළු සේ සුදු වූ ඒ බතට සූප ව්‍යඤ්ජනයෙන් කම් නැති. රිසියෙන තාක් රස ඉන් ලැබේ. ඒ රළු ආහාර බුදිනා ඔවුනට මළ-මුත්‍ර හට ගනී. අනතුරුව ඒවා නික්මෙන ද්වාර පහළ වේ. පිරිමිනට පුරුෂ භාවය ද, ස්ත්‍රීනට ස්ත්‍රී භාවය ද වේ. ඔවුනොවුන් බැලීමෙන් කාම තෘෂ්ණා හටගැනීමෙන් මෙවුන්දම් සෙව්ති. ඉක්බිති නුවණැත්තෝ ඔවුන් ගරහත්. ඒ සඳහා ආවරණ ස්ථාන කෙරෙත්. ගෙහි වසන්නාහු අලස බැව් කිහිප දිනකට යැපෙන සහල් රැස් කොට තබති. අනතුරු වැ කුඩු - පොතු හටගනී. පෙර සේ කපා ගත් තන්හි ශස්‍ය හට නො ගනී. රැස් වැ සුසුම් හෙලමින් මෙසේ සාකච්ඡා කෙරෙත්.
“පින්වත්නි! සත්ත්‍වයන් අතර පවිටු ගති පහළ වී අපි පෙර මනෝමය සෘද්ධි ඇත්තේ වූම්හ.” යනාදි ලෙසිනි. (විස්තර අග්ගඤ්ඤ සූත්‍රයෙන්[4] දන්නේයි.) අනතුරු වැ හැල් කෙත් බෙදා මායිම් තබති. එකල එකෙක් අනෙකා අයත් කොටසින් නො දී ගත්තෙක් දෙවරක් පරිභව බැණ තුන්වැනි වාරයෙහි අත්-පා-කැට-කැබලිත්තෙන් ගැසී. මෙසේ සොරකම්-අවමන්-බොරු-දඬු ගැනීම්-ආදීය උපන් පසු රැස් වැ ‘තර්‍ජනය කළ යුත්තන්ට තර්‍ජනය කළ හැකි, ගර්‍හා කළ යුත්තන්ට ගර්‍හා කළ හැකි, රටින් නෙරිය යුත්තන් නෙරිය හැකි, යම්කිසි සත්ත්‍වයකු සම්මත කෙරෙමුය’යි ද ඒ සඳහා ‘මේ හැල් කොටස දෙමු’යි ද, කතිකා කොට එකල ඔවුනතුරෙහි සියල්ලට වඩා මනා රූ ඇති, දැකුම්කළු මහේශාක්‍ය නුවණැති සංග්‍රහ-නිග්‍රහ කිරීමෙහි සහත් වැ සිටි බෝධි සත්ත්‍වයන් වෙත එළඹ යාඥා කොට එසේ සම්මත කළහ. එසේ මහජන සම්මත වූ හෙයින් හෙතෙමේ ‘මහාසම්මත’ නම් ද, ක්‍ෂේත්‍රාධිපති හෙයින් ‘ක්‍ෂත්‍රිය’ නම් ද, දැහැමෙන් සෙමෙන් ජනයා රඤ්ජනය කළ හෙයින් රජ නම් ද වී. මෙසේ නාම ත්‍රයයෙකින් ප්‍රකට විය. මෙසේ ක්‍ෂත්‍රිය මණ්ඩලය පිහිටි පසු, පිළිවෙළින් බ්‍රාහ්මණාදි වර්‍ණයෝ පිහිටියාහු ය.
මෙසේ කල්ප විනාශ මේඝයේ පටන් ජ්වාලොපචේඡදය දක්වා මේ සංව්ට්ට අසඞ්ඛෙය්‍ය යැ.
කල්ප විනාශක ජ්වාලොපචේඡදයේ සිට සම්පත්ති මහා මේඝය තෙක් සංවට්ටඨායී නම් දෙවෙනි අසඞ්ඛෙය්‍ය යැ. සම්පත්ති මහා මේඝයේ පටන් සඳ-හිරු පහළවීම් තෙක් විවට්ට නම් තුන් වැනි අසඞ්ඛෙය්‍ය යැ සඳ-හිරු පහළවීමේ සිට නැවත කල්ප විනාශක මහා මේඝය තෙක් විවට්ටඨායී නම් සිවු වැනි අසඞ්ඛෙය්‍ය යැ. මේ සතර අසඞ්ඛෙය්‍යය මහා කල්පයෙකි. මේ වූ කලි ගින්නෙන් නැසී හටගන්නා පරිදි ය.
ජලයෙන් කල්ප විනාශය වන අයුරු:- යම් කලෙක කල්ප ජලයෙන් විනාශ වේ නම් එකල පළමුව මැ කල්ප විනාශක මහා මේඝය වසී.
මේය වෙනස:- ගින්නෙන් නසනා කල දෙවෙනි හිර නගින්නා සේ මෙහි කල්ප විනාශක කාරම් ජල වැසි වසී. මුලදී සියුම් සියුම් වැසි වැස පසුව පිළිවෙළින් මහා වැසි ධාරාවෝ කෙළ ලක්‍ෂයක් සක්වළ පුරා වසිති. ඒ කාරම් දියවට පෘථිවි, පර්‍වතාදිය විලීන වෙයි. ජලය හාත්පසින් සුළඟ දරයි. පොළවේ සිට දුතියජ්ඣාන භූමිය තෙක් ජලය පිරෙයි. එහි තුන් තලය දිය වේ. සුභකිණ්ගක බඹලොව හැපී සිටී.
විශේෂ :- මේ වූ කලි උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් තතියජ්ඣානපරිත්ත තලය වූ පරිත්ත සුභයෙහි හැපී සිටී. යට ආභස්සරයෙහි හැපී සිටිති යි කී තැන ද පරිත්තාභයෙහි හැපී සිටිත හැකි ය. උත්කෘෂ්ට වශයෙන් මෙසේ කියන ලදී. මෙසේ ස්වල්ප වූ ද ද්‍රව්‍යයක් පවත්නා තාක් ජලය නො සිඳේ. සියල්ල දිය වූ පසු ජලය වියළී යයි. ඉක්බිත් මතු අජටාකාශය එකට හැපී ඝනාන්‍ධකාරයෙන් පිරී ගනී. සෙස්ස පෙර සේ මැයි.
මෙහි සුභකිණ්හක බ්‍රහ්ම ලෝකයෙන් ද, චුත වැ ආභස්සර බඹලොව උපදිති. මෙසේ කල්ප විනාශක මේඝයේ සිට කාරම් ජලය සිඳෙන තාක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. එතැන් සිට සමපත්තිකර මහා මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. එතැන් සිට සම්පත්තිකර මහා මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. සෙස්ස පෙර සේ මැයි. මෙසේ ජලයෙන් විනාශය ද, හටගැනීම ද වේ.
වාතයෙන් කල්ප විනාශය වන පරිදි:- වාතයෙන් විනාශ වන කල ද ‘පළමුවෙන් කල්ප විනාශක මහා වැස්සෙක් වසී, යනාදි පෙර කී සේ විස්තර කළ යුතු.
විශේෂ:- පෙර දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වූ සේ මෙහිදී කල්ප විනාශය පිණිස වාතය හටගනී. එය පළමුවෙන් මහා ධූලි නංවයි. අනතුරු වැ සියුම් ධූලි ය, සියුම් වැලි ය, මහා වැලි ය, කැට ගල් ය ගල් ය, යනාදිය ද නඟයි. කුළු ගේ පා පර්‍වත ද, විසම තන්හි වූ මහා රුක් ද, උඩට නඟයි. ඒවා පොළොවෙන් උඩ නැංගාහු නැවත බිම නො වැටෙති. එහි මැ සුණු විසුණු වී අභාවයට යෙත්.
අනතුරු වැ පිළිවෙළින් යට මහා පොළවින් වාතය නැඟී පොළොව පෙරළා මුල් උඩට නඟා අහසෙහි බහයි. සියක් යොදුන් පමණ වූ ද, දෙ සියක් - තුන් සියක් - සාර පන් සියක් යොදුන් පමණ වූ ද, පොළෝ කොටස් සිඳ වාත වේගයෙන් අහසෙහි බහාලන ලද්දාහු එහි ම සුණු විසුණු වී වැනසෙති. සක්වළ පව්ව ද, මහමෙර පව්ව ද, වාතයෙන් ඔසවා අහසෙහි ලන ලදු වැ, ඒවා එකින් එක හැපී සුණු විසුණු වැ වැනසෙති. මෙසේ භූම්‍යස්ථ ආකාශස්ථ විමානයන් ද, විනාශ කෙරෙමින්, ෂට් කාමාවචර දිව්‍ය ලෝකයන් වනසා කෙළ ලක්‍ෂයක් සක්වළ ගල්, සක්වළ ගල් හා ද; හිමවත් පව්, හිමවත් පව් හා ද; මහාමේරු, මහාමේරු හා ද; (ඔවුනොවුන් එක් වැ) හැපී සුණු විසුණු වැ විනාශ වේ. පොළොව සිට තතියජ්ඣාන භූමිය තෙක් වාතයෙන් වැනසේ. එහි බඹ ලෝ තුන නසා වෙහප්ඵලයෙහි හැපී සිටී. මෙසේ සියලු දෙය නසා වාතය ද නැසේ. උඩ යට අජටාකාසය එක් වැ මහාන්‍ධකාර වේ. සේසස පෙර කී සේ මැයි
විශේෂ :- මෙහි දී සුභකිණ්හකයෙන් ද සැව බ්‍රහ්මයෝ වෙහප්ඵලයෙහි උපදිති. කල්ප විනාශක මේඝයේ සිට, කල්ප විනාශය වාතය නැවතීම තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. වාතය නැවතීමේ සිට සමපත්තිකර මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. මේ සතර අසඞ්ඛෙය්‍යයෙක් එක් මහා කල්පයෙකි. මේ වාතයෙන් ලොව නස්නා පරිදි හා පිහිටන පරිදි යි.
‘සත්ත්‍ව ලෝක මෙන් අවකාශ ලෝකය ද වැනැසීමේ හේතුවක් ඇත මැනවැ යි සලකා ලෝකය මෙසේ වැනසෙන්නේ කවර හෙයින් දැ යි, විචාරන්නවුනට, අකුසල මූල හේතුවෙන් යැ’යි පිළිතුරු දිය යුතු.
ඒ එසේ මැයි:- අකුසල මූලයන් උත්සන්න වූ කල මෙසේ ලොව වැනැසේ. හේ ද රාගය අධික වූ කල ගින්නෙන් ද, ද්වේෂය අධික වුව ගින්නෙන් ද නැසෙතැයි ද යෙති. මෝහය අධික වුව වාතයෙන් වැනැසේ.
මෙසේ වැනැසෙන්නේ ද පිළිවෙළින් සත් වරක් ගින්නෙන් නට කල ජලයෙන් අට වැනි වර වැනැසේ. නැවත ගින්නෙන් සත් වරකැ යි මෙසේ ජලයෙන් අට වැනි - අට වැනි වරයැ යි (ගින්නෙන් ස පණස් වරෙක, ජලයෙන් සත් වරෙකැ යි) තෙ සැට වරක් පිරුණු පසු, සැට සතර වැනි වාරය වාතයෙන් වැනැසේ. පෙර කී සේ පූර්‍වෙනිවාසය සිහි කරන්නා වූ ද කල්පයන් සිහි කරන භික්‍ෂුව මෙසේ නොයෙක් සංවට්ට කල්ප ද, විවට්ට කල්ප ද, සංවට්ට-විවට්ට කල්ප ද සිහි කරයි.
ඒ මෙසේ යි:- ‘අසුවල් සංවට්ට කල්පයෙහි මම අසුවල් භවයෙකි, අසුවල් යෝනියෙහි හෝ, ගතියෙහි හෝ විඥාන ස්ථිතියෙහි හෝ, සත්ත්‍වාවාසයෙහි හෝ, සත්ත්‍ව නිකායයෙහි හෝ උපන්මි, මෙ නම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. නාම ගෝත්‍රාදිය මෙන් මැ, වර්‍ණ සම්පත් - රූක්‍ස - ප්‍රණීත - ජීවිකාව හෝ සැප දුක් බහුල බව හෝ, අල්පායුෂ්ක - දීර්‍ඝායුෂ්ක බව හෝ සිහිකරනු කැමැත්තේ එය ද සිහි කරයි. ‘ඒ මම එයින් චුත වැ නැවත නැවත අසුවල් අසුවල් තැන උපන්මි’යි කියා ය.
මෙ මැ කීහ “එවං නාමෙ එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛ දුක්ඛ පටිසංවෙදි - සො - තතොවුතො ඉධූපපන්තොති”[5]
මෙසේ එකිනෙක භවයෙන් භවය වර්‍ණාදි ආකාර වශයෙන් ද, නාම-ගෝත්‍රාදි උද්දේශ වශයෙන් නානාවිධ වූ පූර්‍වෙනිවාසය සිහි කෙරේ.
පූර්‍වෙනිවාසානුස්මෘතිඥාන කථාව සමාප්තයි."