192. කාය වාචානං සමෝධානං සීලං?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සිල් රැකිම යනු කය වචනය සංවර කර ගැනීම පමණද, සිත අයත් නොවේද... කය වචනය සංවර කර ගැනීමට හැකියි. නමුත් සිතට සමහර වෙලාවට අධික තරහ සිතුවිලි කාම සිතුවිලි ඇතිවෙ. එවිට ශීලයට හානි වේද?

T. ["කාය වාචානං සමෝධානං ශීලං | කාය වාචානං සමොධානං සීලං | කාය වාචාය සමෝධානං සීලං" = The Original Sourse yet to be found.]

කායවචීකම්මානි සමාදහති?

["සීලතීති සීලං, කායවචීකම්මානි සමාදහති, සම්මා ඨපෙතීත්‍යත්ථො, සීලයති වා උපධාරෙතීති සීලං ¶, උපධාරණං පනෙත්ථ කුසලානං අධිට්ඨානභාවො."

සීලතීති සීලං, කායවචීකම්මානි සමාදහතීති අත්ථො. සුසිල්‍යවසෙන හි කායකම්මාදීනි අවිප්පකිණ්ණානි සම්පති, ආයතිඤ්ච හිතසුඛාවහානි සම්මා ඨපිතානි සමාහිතානි හොන්ති, සීලයති උපධාරෙතීති වා සීලං. උපධාරණං පනෙත්ථ කුසලානං අධිට්ඨානභාවො.

"සීලපාරමාදිකම්පීති සීලතීති සීලං. සීල ධාතු සමාධිම්හි අ. කායවචීකම්මානි සමාදහති සමාධපෙතීති අත්ථො. සීලති සමාධියති කායකම්මාදීනං සුසිල්‍යවසෙන න විප්පකිරතීති වා සීලං, සීලන්ති සමාදහන්ති චිත්තං එතෙනාති වා සීලං. අථ වා සීලයති උපධාරෙතීති සීලං, සීලධාතු උපධාරණෙ අ. කුසල ධම්මානං පතිට්ඨානභාවෙන ආභුසො ධාරෙතීති අත්ථො. සීලෙන්ති වා එතෙන කුසලෙ ධම්මෙ උපධාරෙන්ති සාධවොති සීලං, සීලියති උපධාරියති සප්පුරිසෙහි හදයමංසන්තරං උපනෙත්වාති වා සීලං, සීලෙති උපධාරෙති තං සමඞ්ගී පුග්ගලං අපායෙසු උප්පත්තිනීවාරණවසෙන සුග්ගති නිබ්බානන්ති වා සීලං, සීලමෙව පාරමී සීලපාරමී, සා ආදි යාසන්තෙති සීලපාරමාදිකා."

A. "ශීලය

ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවලින් වැළකීම හා තථාගතයන් වහන්සේ විසින් පැන වූ සික පද රැකීම ද වත් පිළිවෙත් කිරීම ද ශීලය ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් යම් ප්‍ර‍තිපත්තියකින් කාය වාග් ද්වාර දෙක හා ආජීවය ශුද්ධ වේ නම් ඒ ප්‍ර‍තිපත්තිය ශීලය ය.

ඒ ශීය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු සෑම දෙනාට ම සුදුසු ඇඳුමෙකි. උඩු සුළඟෙහි ද යන්නා වූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවඳෙකි. කෙලෙස් රෝගයට දිව්‍යෞෂධයකි. කෙලෙස් නමැති විෂයට දිව්‍ය මන්ත්‍රයෙකි. පව් නමැති කිලුටු සෝදා හරින්නා වූ දුක් ගිනි නිවන්නා වූ ජලයෙකි. කෙලෙස් සතුරනට ඇතුළු විය නො හෙන බලකොටුවෙකි. සියලු සැපයට හේතුවෙකි. උතුම් ධනයෙකි. මහා බලයෙකි. මහා පිහිටෙකි. දෙව්ලොවට හිණෙකි. සියලු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ තීර්ථයෙකි. නිවනට පිවිසෙන දොරටුවෙකි.

ශීල පදාර්ථය අති විශාලය. එයට අයත් කරුණු බොහෝ ය. ඒ සියල්ල සැමට ම රැකිය නොහෙන බැවින් ගිහිගෙයි වසනුවන්ට රැකිය හැකි වනු පිණිස ශීලාංග පස බැවින් ගෙන පඤ්ච ශීලය හා බ්‍ර‍හ්මචරිය පඤ්ච ශීලය නිර්මිත ය. ශීලාංග අට බැවින් ගෙන අෂ්ඨාංග ශීලය නිර්මිතය. ශීලාංග නවයකින් නවාංග ශීලය ද, ශීලාංග දශයකින් දශ ශීලය ද නිර්මිත ය.


"සීල නම් කිම

සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ (1) චේතනා, (2) චෛතසික, (3) සංවර, (4) අව්‍යතික්‍ර‍ම, යන මේ ය.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කිං සීලං ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්ක මො සීලං....[1] යි.

(1) චේතනා සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළැකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ චේතනා ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෛන් චේතනා චෛතසිකය සීල නම් වෙයි යූ සේයි.)

තවද ප්‍රාණඝාතාදිය හැර පියන්නකු ගේ සප්ත කර්‍මපථ චේතනා ද සීල නම් වෙයි. (සප්ත කර්‍මපත නම්, පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සමඵප්පලාප යන මේයි.)

(2) චෛතසිකය ශීල නම් : ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්‍ර‍ය චෛතසික සීල නම් වෙයි. යූ සේයි) තවද අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන මේ ධර්‍මයෝ ද චෛතසික ශීල නම් වෙත්. “අභිජ්ඣා පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති”[2] යනාදීන් වදාළ හෙයිනි.

(3) සංවර ශීලය වනාහි, පාතිමොක්ඛසංවරය, සතිසංවරය ඤාණ සංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ වේ. “ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො”[3] යනාදි දේශනා පාළියෙහි පාතිමොක්ඛ සංවරයද “රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[4] යනාදි දේශනායෙහි සති සංවරය ද,

“යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා)

සති තෙසං නිවාරණං - සොතානං සංවරං බ්‍රැමි

පඤ්ඤායෙතෙ පිථියරෙ”[5]

යන දේශනාවෙහි ඤාණසංවරය ද, (පච්චයසන්නිස්සිතසීලය ද මෙහි මැ ඇතුළති) “ඛමොහොති සීතස්ස උණහස්ස”[6] යනාදි දෙශනායෙහි ඛන්තිසංවරය ද, උප්පන්තං කාමවිතක්කං නාධිවාසෙති”[7] යනාදි තන්හිවීරිය සංවරය ද, (ආජීව පරිසුධි සීලය ද මෙහි මැ ඇතුළති) සීල වශයෙන් වදාළේ ය. මේ පංච විධ සංවරය හා පාපභීරුක කුලපුත්‍ර‍යන්ගේ සම්පත්ත චිරතිය ද යන මේ සියල්ල සංවර සීලය යි දතයුතු.

(4) අව්‍යතික්‍ර‍ම ශීල නම් - සමාදන් වැ ගත් සීලය කයෙන් වචනයෙන් නොබිඳ රැක ගන්මයි.

“සීල නම් කුමක් ද?” යනු මෙතෙකින් විසඳන ලද්දේය.

2. කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේද

සීලන අර්‍ථයෙන් සීල යයි කියනු ලැබේ. සීලන නම්, සමධානය හෝ උපධාරණය යි. කුශල කායකර්‍මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය. කුශල ධර්මයන් ප්‍ර‍තිෂඨා වශයෙන් ධැරීම උපධාරණය යි. (සීලවන්තයා විපිළිසර නොවන්නේ ය. සීලයෙහි සමාධානර්‍ථය ඇති හෙයිනි.) ධ්‍යාන මාර්‍ග - ඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වේ. (සීලයෙහි උපධාරණාර්‍ථය ඇති හෙයිනි.) ශබ්ද ලක්‍ෂණඥයෝ මේ අර්‍ථද්වය මැ මෙහි ලා පිළිගනිති. ඇතැම්හු ශිරස් (හිස යන) අර්‍ථයෙන් සීලය වේ. ශීතලාර්‍ථයෙන් සීලය වේ. යනාදීන් ප්‍ර‍පඤ්ච (විස්තර) කෙරෙත්.

කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේ ද

යනු මෙතෙකින් විසඳන ලද්දේ යි."


"සීලය කී වැදෑරුම්ද

සීලය වනාහි සීලන ලක්‍ෂණයෙන් එක් වැදෑරුම් වේ. සීලන ලක්‍ෂණ යට විස්තර කරන ලදී.

චාරිත්ත සීල, වාරිත්ත සීල වශයෙන් දෙවැදෑරුම් වේ. එසේ ම ආභිසමාචාරික සීල, ආදීබ්‍ර‍හ්මචරියක සීල වශයෙන් ද, විරති සීල අවිරති සීල වශයෙන් ද, නිස්සිත සීල, අනිස්සිත සීල වශයෙන් ද, කාලපරියන්ත සීල, ආපාණකොටික සීල වශයෙන් ද, සපරියන්ත සීල, අපරියන්ත සීල වශයෙන් ද, ලොකිය සීල, ලොකුත්තර සීල වශයෙන් ද දෙවැදෑරුම් දෙවැදෑරුම් වේ.

හීන සීල, මධ්‍යම සීල, ප්‍ර‍ණීත සීල වශයෙන් තෙවැදෑරුම් වේ. එසේ මැ, අත්තාධිපතෙය්‍ය සීල, ලොකාධිපතෙය්‍ය සීල, ධම්මාධි පතෙය්‍ය සීල වශයෙන් ද, පරාමට්ඨ සීල, අපරාමට්ඨ සීල, පටිප්පස්සධි සීල වශයෙන් ද, විශුද්ධි සීල, අවිසුද්ධි සීල, මෙතික සීල වශයෙන් ද, සෙඛ සීල, අසෙඛ සීල, නෙවසෙඛනාසෙඛ සීල වශයෙන් ද තෙවැදෑරුම් තෙවැදෑරුම් වේ.

හානභාගිය සීල, ඨිතිභාගිය සීල, විසෙසභාගිය සීල, නිබ්බෙධ භාගිය සීල වශයෙන් සිව්වැදෑරුම් වේ. එසේ මැ, භික්ඛු සීල, භික්ඛුණී සීල, අනුපසම්පන්න සීල ගහට්ඨ සීල වශයෙන් ද, පකති සීල, ආචාර සීල, ධම්මතා සීල පුබ්බහෙතුක සීල වශයෙන් ද, පාතිමොක්ඛ සංවර සීල, ඉන්‍ද්‍රිය සංවර සීල, ආජිවපාරිසුද්ධි සීල, පච්චයසන්නිස්සිත සීල වශයෙන් ද සිව්වැදෑරුම් වේ.

පරියන්ත පාරිසුදද්‍ධි සීල, අපරියන්ත පාරිසුද්ද්‍ධි සීල, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීල, අපරාමට්ඨ පාරිසුද්ද්‍ධි සීල, පටිප්පස්සද්‍ධි සීල වශයෙන් පස්වැදෑරුම් වේ. වදාළේ මැයි:- පටිසම්භිදායෙහි “පඤ්චසීලානි පරියන්ත පාරිසුදද්‍ධි සීලං, අපරයන්ත පාරිසුදද්‍ධි සීලං, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීලං, අපරාමට්ඨ පාරිසුදද්‍ධි සීලං, පටිප්පස්සදද්‍ධි පාරිසුදද්‍ධි සීලං”[1] යි එසේ මැ, පහාන සීල, වෙරමණී සීල, චෙතනා සීල, සංවර සීල, අවීතික්කම සීල යයි පස් වැදෑරුම් වේ. මොව්හු ක්‍ර‍මයෙන් මතු විස්තර කරනු ලැබෙත් ඒකවිධ සීලය යට දක්වන ලද පරිදි දතයුතු."


"සීලයාගේ ලක්‍ෂණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන

3. සීලයාගේ ලක්‍ෂණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද සීලයාගේ ලක්‍ෂණය යට දැක්වූ සීලනය මැ යි.

“සීලනං ලක්ඛණං තස්ස

භින්තස්සාපි අනෙකධා,

සනිදස්සනත්තං රූපස්ස

යථා භින්නස්ස නෙකධා”

‘නීලාදි වශයෙන් නානාවිධ වූ ද රූපයාගේ ලක්‍ෂණය සනිදර්‍ශන භාවයයි. රූපය නීලාදි වශයෙන් නානා භේද වුවද සනිදර්‍ශන භාවය නොහරන බැවිනි, එමෙන් චේතනාදි වශයෙන් නානාවිධ වූද සීලයාගේ ලක්‍ෂණය සමාධානය උපධාරණය යි දෙවැදෑරුම් කොටැ දක්වන ලද සීලනය මැයි. එබඳු භේද සහිත වුවත් සීලය සමාධානාර්‍ථ හෝ උපධාරනාර්‍ථ වූ හෝ සීලන ලක්‍ෂණය නොහරින බැවිනි. (ලක්‍ෂණ නම්, සාමාන්‍ය ස්වභාවයයි)

“දුස්සීල්‍ය විධංසනතා - අනවජ්ජගුණා තථා,

කිච්චසම්පත්ති අත්‍ථෙන - රසො නාම පවුච්චති.”

රස නම් :- කෘත්‍ය හෝ සම්පත්තිය. සීලයාගේ කෘත්‍ය රසය නම්, දුශ්ශීලත්‍වය විනාශ කිරීමයි. සම්පත්ති රසය නම්, නිරවද්‍ය ගුණයෝයි. (සීලයෙන් දුශ්ශීලත්‍වය වනසනු ලැබේ. එසේ මැ සීලයෙන් ධ්‍යානාදි ගුණ උපදවනු ලැබේ.)

“සොචෙය්‍යපච්චුපට්ඨානං - තයිදං තස්ස විඤ්ඤෑහි

ඔත්තප්පංච හිරිං චෙ ච - පදට්ඨානං‘ති වණ්ණිතං.”

පච්චුපට්ඨාන නම් :- වැටහෙන කාරණය, සීලයාගේ පච්චුපට්ඨානය නම්, කය - වචන - හිත යන ත්‍රිවිධ ද්වාරයාගේ පරිශුද්ධ භාවයයි වදාළේ මැ ය :- “කායසොචෙය්‍යං වචී සොචෙය්‍යං මනොසොචෙය්‍යං”[1] යි සොචෙය්‍ය නම්, සුවිභාව හෙවත් පිරිසිදු බව.

පදට්ඨාන නම් :- ආසන්න කාරණය, සීලයාගේ පදට්ඨාන නම්, හිරි - ඔතප් දෙක ය.

ඒ එසේ මැ යි - හිරි ඔතප් ඇති කල්හි මැ සීලය උපදනේත් වෙයි. පවත්නේත් වෙයි. හිරි ඔතප් නැති කල්හි සීලය කෙසේවත් නූපදනේ ය. නොපවත්නේ යි.

ශීලයාගේ ලක්‍ෂණ-රස-පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද? යනු මෙතෙකින් විසඳන ලද්දේ යි."


"... සීලය බුදු දහමේ ප‍්‍රතිෂ්ටාවයි. අත්තිවාරමයි. සමාධිය හා ප‍්‍රඥා වර්ධනය සදහා සීලයෙහි පිහිටිය යුතු බව සම්බුද්ධ දේශනාවයි. සීලන අර්ථයෙන් සීලයයි කියනු ලැබේ. ...

සමාධානය හෝ උපධාරණය සීලන නම් වෙයි. කුසල කාය කර්මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය නමින්ද කුසල ධර්මයන් ප‍්‍රතිෂ්ඨා වශයෙන් දැරීම උපධාරණය නමින්ද ධර්මයේ ඉගැන්වෙයි."


T. "ඉදානි පරියන්තාපරියන්තවසෙන විජ්ජමානපභෙදං දස්සෙත්වා පුන ධම්මවසෙන ජාතිවසෙන පච්චයවසෙන සම්පයුත්තවසෙන සීලස්ස පභෙදං දස්සෙතුං කිං සීලන්තිආදිමාහ. තත්ථ සමුට්ඨාති එතෙනාති සමුට්ඨානං. පච්චයස්සෙතං නාමං. කිං සමුට්ඨානමස්සාති කිංසමුට්ඨානං. කතිනං ධම්මානං සමොධානං සමවායො අස්සාති කතිධම්මසමොධානං.

චෙතනා ¶ සීලන්ති පාණාතිපාතාදීහි විරමන්තස්ස, වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනා. චෙතසිකං සීලන්ති පාණාතිපාතාදීහි විරමන්තස්ස විරති. අපිච චෙතනා සීලං නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්තකම්මපථචෙතනා ¶. චෙතසිකං සීලං නාම “අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරතී”තිආදිනා (දී· නි· 1.217) නයෙන වුත්තා අනභිජ්ඣාඅබ්‍යාපාදසම්මාදිට්ඨිධම්මා. සංවරො සීලන්ති එත්ථ පඤ්චවිධො සංවරො වෙදිතබ්බො – පාතිමොක්ඛසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන්තිසංවරො, වීරියසංවරොති. තත්ථ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) අයං පාතිමොක්ඛසංවරො. “රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජතී”ති (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) අයං සතිසංවරො." >>>


"එවං දසකුසලකම්මපථවසෙන සීලං දස්සෙත්වා ඉදානි නෙක්ඛම්මාදීනං අරහත්තමග්ගපරියොසානානං සත්තතිංසධම්මානං වසෙන දස්සෙතුං නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලන්තිආදිමාහ. තත්ථ යස්මා නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරති න වීතික්කමති, තස්මා නෙක්ඛම්මං සීලන්ති අධිප්පායො. පච්චත්තත්ථෙ වා කරණවචනං, නෙක්ඛම්මන්ති අත්ථො. එස ¶ නයො ¶ සෙසෙසු. පාළියං පන නෙක්ඛම්මඅබ්‍යාපාදෙ දස්සෙත්වා හෙට්ඨා වුත්තනයත්තා සෙසං සඞ්ඛිපිත්වා අන්තෙ අරහත්තමග්ගොයෙව දස්සිතො.
එවං සංවරඅවීතික්කමවසෙන සීලං දස්සෙත්වා ඉදානි තෙසංයෙව ද්වින්නං පභෙදදස්සනත්ථං පඤ්ච සීලානි පාණාතිපාතස්ස පහානං සීලන්තිආදිමාහ. එත්ථ ච පාණාතිපාතස්ස පහානං සීලං, පාණාතිපාතා වෙරමණී සීලං, පාණාතිපාතස්ස පටිපක්ඛචෙතනා සීලං, පාණාතිපාතස්ස සංවරො සීලං, පාණාතිපාතස්ස අවීතික්කමො සීලන්ති යොජනා කාතබ්බා. පහානන්ති ච කොචි ධම්මො නාම නත්ථි අඤ්ඤත්‍ර වුත්තප්පකාරානං පාණාතිපාතාදීනං අනුප්පාදමත්තතො. යස්මා පන තං තං පහානං තස්ස තස්ස කුසලස්ස ධම්මස්ස පතිට්ඨානට්ඨෙන උපධාරණං හොති, විප්පකිණ්ණසභාවාකරණෙන ච සමොධානං, තස්මා පුබ්බෙ වුත්තෙනෙව උපධාරණසමොධානසඞ්ඛාතෙන සීලනට්ඨෙන සීලන්ති වුත්තං. ඉතරෙ චත්තාරො ධම්මා තතො තතො වෙරමණිවසෙන තස්ස තස්ස සංවරවසෙන තදුභයසම්පයුත්තචෙතනාවසෙන තං තං අවීතික්කමන්තස්ස අවීතික්කමවසෙන ච චෙතසො පවත්තිසභාවං සන්ධාය වුත්තා.
අථ වා පහානම්පි ධම්මතො අත්ථියෙව. කථං? පහීයතෙ අනෙන පාණාතිපාතාදිපටිපක්ඛො, පජහති වා තං පටිපක්ඛන්ති පහානං. කිං තං? සබ්බෙපි කුසලා ඛන්ධා. අඤ්ඤෙ පන ආචරියා “නෙක්ඛම්මාදීසුපි ‘වෙරමණී සීල’න්ති වචනමත්තං ගහෙත්වා සබ්බකුසලෙසුපි නියතයෙවාපනකභූතා විරති නාම අත්ථී”ති වදන්ති, න තථා ඉධාති. එවමිමෙහි පහානාදීහි පඤ්චහි පදෙහි විසෙසෙත්වා පරියන්තාපරියන්තසීලද්වයෙ අපරියන්තසීලමෙව ¶ වුත්තං. තස්මා එව හි එවරූපානි සීලානි චිත්තස්ස අවිප්පටිසාරාය සංවත්තන්ති…පෙ… සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛතීති වුත්තං."


"සංවරසමොධානං සීලන්ති සංවරසම්පයුත්තඛන්ධා. තෙ හි සංවරෙන සමාගතා මිස්සීභූතාති සංවරසමොධානන්ති වුත්තා. එවං අවීතික්කමසමොධානං සීලම්පි වෙදිතබ්බං. තථාභාවෙ ජාතචෙතනා සමොධානං සීලන්ති සංවරභාවෙ අවීතික්කමභාවෙ ජාතචෙතනාසම්පයුත්තා ඛන්ධා. යස්මා ච තීසුපි චෙතෙසු තංසම්පයුත්තා ධම්මා අධිප්පෙතා, තස්මා චෙතනාසමොධානෙන චෙතසිකානම්පි සඞ්ගහිතත්තා චෙතසිකසමොධානසීලං විසුං න නිද්දිට්ඨන්ති වෙදිතබ්බං. හෙට්ඨා චෙතනාදයො ධම්මා “සීල”න්ති වුත්තා. න කෙවලං තෙ එව සීලං, තංසම්පයුත්තා ධම්මාපි සීලමෙවාති දස්සනත්ථං අයං තිකො වුත්තොති වෙදිතබ්බො."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll