189. ආරූඪවීම ඇත්තක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආරූඪය යනු කුමක්ද? එහි සත්‍යයක් ඇද්ද? දේවාලවල දී බොහෝ විට ආරූඪ වන්නේ කාන්තාවන් ය. පහදා දෙන්න.

A. (01) මනුෂ්‍යයෙකු මළ ශරීරයට ආවේශ වීම.
(2) දෙවියන් පුද්ගල ශරීරයට අර්ධ වශයෙන් ආවේශ වීම.
(3) යක්‍ෂයන් මනුෂ්‍ය ශරීරයට ආවේශ වීම.
(4) ප්‍රේතයන් ආවේශ වීම.
(5) මියගිය ඥාතීන් උදව් කිරීම පිණිස ආවේශ වීම.
(6) නොසන්සිඳුන් ආශාවන්ගෙන් සිට මිය පරලොව ගිය මනුෂ්‍යයෝ එම ආශාවන් සන්තර්පනය කර ගැනීම සඳහා ආවේශ වීම.
(7) පූර්ව ජන්මයන්ගේ ඇතිවූ වෛරය පිරිමසා ගැනීම සඳහා ආවේශ වීම.
(8) සංසාරේ ඇති බැඳීම් නිසා ආවේශ වීම.
(9) යම් යම් තොරතුරු ලබා දීම සඳහා පමණක් ආවේශ වීම.
(10) තමාට පින් රැස් කර ගැනීමට මද රයෙකු වාහකයෙකු කොට ගෙන ආවේශ වීම.
(11) මනුෂ්‍යා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර උපයෝගී කර ගෙන දේව, යආවේශයෙහි ආදීහු බන්ධනය කොට ගැනීම නිසා ආවේශ වීම.
(12) භාවතා අදී චිත්ත ඒකාග්‍රතාවයන් මුල් කොට ගෙන විශ්ව ශක්තිය තුළින් පේන කීම නිසා එයද ආවේශයක් ලෙස සැලකීම.
ආදී වශයෙන් රාශියකි.

A. "මතක කලේබරයක් නැගිට කථා කිරීමට සමර්ථ නම් නැත. මෙය කෙසේ කථා කෙළේද? බුද්ධානුභාවයෙන්. භාග්‍යවතුන් වහන්සේ වනාහි කොරක්ඛත්තියා අසුර යෝනියෙන් ගෙන්වා ශරීරය ආවේශ කරවා කථා කරවීය. ඒ ශරීරයම හෝ කථා කරවීය. බුද්ධවිසය නොසිතිය හෙන්නේය.
මතස්ස පන උට්ඨාය අඤ්ඤෙන සද්ධිං කථනං නාම නත්ථි, හන්දාහං ගන්ත්වා පුච්ඡාමි. සචෙ කථෙති, සුන්දරං. නො ¶ චෙ කථෙති, සමණං ගොතමං මුසාවාදෙන නිග්ගණ්හිස්සාමී”ති ඉමිනා කාරණෙන උපසඞ්කමි. ආකොටෙසීති පහරි. ජානාමි ආවුසොති මතසරීරං උට්ඨහිත්වා කථෙතුං සමත්ථං නාම නත්ථි, ඉදං කථං කථෙසීති? බුද්ධානුභාවෙන. භගවා කිර කොරක්ඛත්තියං අසුරයොනිතො ආනෙත්වා සරීරෙ අධිමොචෙත්වා කථාපෙසි. තමෙව වා සරීරං කථාපෙසි, අචින්තෙය්‍යො හි බුද්ධවිසයො."

A. එකල කෙසේ වෙතත් මෙකල නම්, ඇතැම් විට තරමක් ප්‍රබල (හෝ දුබල) අමනුෂ්‍ය බලවේගයක් / බලවේග මඟින් ආරූඪය කෙරෙන අතර, ඒ හැරුණු විට යම් යම් (මෝහනය, ස්වයං-විශ්වාසය, ස්වයං-මෝහනය වැනි) මානසික තත්ත්වයන්ට පත් වීම (හෝ ඇතැම් මානසික රෝගයන්ට ගොදුරු වීම හා ඒවායේ රෝග ලක්ෂණ ප්‍රකට කිරීම) සිදු වේ. නොඑසේනම්, අන් සෑමවිටක (බොහෝවිට) ම පාහේ සිදුවන්නේ මවා පෑම, බොරුව හෝ වංචාව ය.

"එකල්හි එක්තරා මහණකුට අමනුෂ්‍යාබාධයෙක් වේ. ආචාර්‍ය්‍යඋපාධ්‍යායයෝ ඔහුට උවැටන් කරන්නෝ නීරෝග කරන්නට නො හැකි වූහ. ඒ මහණ තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමුමස් කෑසේ ය. අමුලේ ද බීයේ ය. (ආවිෂ්ට වූ අමනුෂ්‍යයා මස් ලේ කා බී ගියේ ය යි යූ සේ යි.) ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයෙහි අමුමස් අමුලේ අනුදනිමි” යි.
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො අමනුස්සිකාබාධො හොති. තං ආචරියුපජ්ඣායා උපට්ඨහන්තා නාසක්ඛිංසු අරොගං කාතුං. සො සූකරසූනං ගන්ත්වා ආමකමංසං ඛාදි, ආමකලොහිතං පිවි ¶. තස්ස සො අමනුස්සිකාබාධො පටිප්පස්සම්භි. භගවතො එතමත්ථං ආරොචෙසුං ¶. අනුජානාමි, භික්ඛවෙ, අමනුස්සිකාබාධෙ ආමකමංසං ආමකලොහිතන්ති."

"ආදාස පඤ්හං මුහුණ බලන කණ්ණාඩියට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. කුමාරිකපඤ්හං දැරියකගේ සිරුරට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. දෙවපඤ්හං දේව දාසියකගේ සිරුරට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි.
"ආදාසපඤ්හන්ති ආදාසෙ දෙවතං ඔතාරෙත්වා පඤ්හපුච්ඡනං. කුමාරිකපඤ්හන්ති කුමාරිකාය සරීරෙ දෙවතං ඔතාරෙත්වා පඤ්හපුච්ඡනං. දෙවපඤ්හන්ති දාසියා සරීරෙ දෙවතං ඔතාරෙත්වා පඤ්හපුච්ඡනං."

"නැතහොත් ඔවුන්ට ඇඟට දෙවියන් ආරූඪ වී ඒ ඒ තැන්වල වාසස්ථාන සාදන්නට සිත් යොමුකරත්. ඔව්හු සිව්කොණෙහි කණු සිටුවා ගෙවල් සෑදූවිට ඉවත්ව යත්. ශ්‍රද්ධාවෙන් යුක්ත වූවන්ගේ ශ්‍රද්ධාවන්ත දෙවිවරු එසේ කරත්. ශ්‍රද්ධාවක් නැති අයගේ ශ්‍රද්ධාවන්ත නොවූ දෙවිවරු ද එසේ කරත්.
අථවා නෙසං සරීරෙ දෙවතා අධිමුච්චිත්වා තත්ථ තත්ථ නිවෙසනානි මාපෙතුං චිත්තං නාමෙන්ති. තා චතූසු කොණෙසු ඛාණුකෙ කොට්ටෙත්වා වත්ථුම්හි ගහිතමත්තෙ පටිවිගච්ඡන්ති. සද්ධානං කුලානං සද්ධා දෙවතා තථා කරොන්ති, අස්සද්ධානං කුලානං අස්සද්ධා දෙවතාව."

"යළි චාතුද්දසිං මේ ගාථාවෙන් සාමණේරයන්ගේ කයෙහි ආරූඪ වුණු යක්ෂණිය පැවසුවා ය.
පුන චාතුද්දසින්ති ඉමාය ගාථාය සාමණෙරස්ස කායෙ අධිමුත්තා යක්ඛිනී ආහ."

“සාමණේරවරයා කොහේ ද? කිසියම් අහරක් ලබයි ද නැද්ද?’ යි විමසන්නී, ඔහු සිවුරු හැරීමේ කැමැත්තෙන් සිටින බැව් දැන දේවතාවුන් අතර මට ලජ්ජා නො ඉපදවිය යුතු ය; යමි, ඔහුගේ සිවුරු හැරීමට බාධා කරමි යි පැමිණ සිරුරට ආවේශ ව බෙල්ල හරවා බිම හෙළුවා ය. හේ හැරවුණු ඇස්වලින් යුතු ව කෙළ වගුරවමින් බිම දඟලයි. එහෙයින් යක්‍ඛෙන ගහිතො හොති (යකෙකු විසින් ගන්නා ලද්දේ / යකා ගැහුවා) යි කියන ලදි.
තස්මිං සමයෙ සා යක්ඛිනී “කහං නු ඛො සාමණෙරො? කිඤ්චි භික්ඛාහාරං ලභති ¶, උදාහු නො”ති? ආවජ්ජමානා තස්ස විබ්භමිතුකාමතාය නිසින්නභාවං ඤත්වා, “මා හෙව ඛො මෙ දෙවතානං අන්තරෙ ලජ්ජං උප්පාදෙය්‍ය, ගච්ඡාමිස්ස ¶ විබ්භමනෙ අන්තරායං කරොමී”ති ආගන්ත්වා සරීරෙ අධිමුච්චිත්වා ගීවං පරිවත්තෙත්වා භූමියං පාතෙසි. සො අක්ඛීහි විපරිවත්තෙහි ඛෙළෙන පග්ඝරන්තෙන භූමියං විප්ඵන්දති. තෙන වුත්තං “යක්ඛෙන ගහිතො හොතී”ති."

"එකළ එම යක්‍ෂණිය සාමණේර නම කොහේදැයි කිසියම් භික්ෂාවක් ලබත්දැයි ආවර්ජනා කරන්නේ ඔහු සිවුරුහරනට සිටින බව දැන මට දෙවියන් ඉදිරියේ ලජ්ජා උපදවන්නේදැයි, යම් විකෘතියට. වෙනස්වීමට අනතුරක් කරනෙමියි සිතා පැමිණ සිරුරට අවේශ වී ගෙල හරවා කෙල වැගිරෙමින් බිම වැටුනි. උවසිය පුතාට සිදු වූ මේ විකාර දැක වේගයෙන් ගොස් පුතා වැළදගෙන උකුලෙහි නිදිකර වුවාය. මුළු ගම්වැසියන් පැමිණ බලිකම ආදිය කළහ. උවැසිය අඩමින් මේ ගාථාව පැවසුවාය -
තස්මිං සමයෙ සා යක්ඛිනී “කහං නු ඛො සාමණෙරො, කච්චි භික්ඛාහාරං ලභති, නො”ති ආවජ්ජමානා තස්ස විබ්භමිතුකාමතාය නිසින්නභාවං ඤත්වා “සාමණෙරො මෙ මහෙසක්ඛානං දෙවතානං අන්තරෙ ලජ්ජං උප්පාදෙය්‍ය, ගච්ඡාමිස්ස විබ්භමනෙ අන්තරායං කරිස්සාමී”ති ආගන්ත්වා තස්ස සරීරෙ අධිමුච්චිත්වා ¶ ගීවං පරිවත්තෙත්වා ඛෙළෙන පග්ඝරන්තෙන භූමියං ¶ නිපති. උපාසිකා පුත්තස්ස තං විප්පකාරං දිස්වා වෙගෙන ගන්ත්වා පුත්තං ආලිඞ්ගෙත්වා ඌරූසු නිපජ්ජාපෙසි. සකලගාමවාසිනො ආගන්ත්වා බලිකම්මාදීනි කරිංසු. උපාසිකා පන පරිදෙවමානා ඉමා ගාථා අභාසි –"

"යක්‍ෂයෝ ද පාංශුපිශාචයෝ ද ප්‍රේතයෝ ද කිපුණාහු මිනිසුන්හට ආවේශ වෙති. ඔවුහු මරුහට ආවේශ වන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි."
යක්ඛා පිසාචා අථවාපි පෙතා, කුපිතාතෙ  අස්සසන්ති මනුස්සෙ;
න මච්චුනො අස්සසිතුස්සහන්ති, තං මෙ මතී හොති චරාමි ධම්මං."

A / T. සියලුදෙනාටම දැනුමට සහ විග්‍රහයට, මෙය හරියට "ජේසුස් වහන්සේ පාස්කු ඉරිදා කුරුසියෙන් නැගී සිටියා" (උත්ථානය - Resurrection) වැන්න.
(සහෝදර කිතුනු ආගමිකයන්ට නිග්‍රහයට නොවේ - සිතීම සමීක්ෂණ පරීක්ෂණ නිරීක්ෂණ ඔබලා හැමට බාරය.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll