Q. "මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙකරුණෙහි (මම ය මාගේ ය යි) සතුටු වියයුත්තෙක් කිවයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චෙතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්."
මඩුපින්ඩික සුත්‍රයේ මෙම කොටස සරලව පහදා දෙන්න
තෙරුවන් සරණයි
A. “මගේ” ආදී (ඥාතීත්ත්වයෙන් / සම්බන්ධ විභක්ත්‍යාර්ථ) ගත්තොත් තණ්හා ප්‍රපංචයට වැටෙනවා. “මගේ නොවේ” ආදී ලෙස (පිරිසිදු දහම් දැනුමෙන් යුත් විනිවිද දකින) ප්‍රඥාවෙන් ගත්තොත් තණ්හා ප්‍රපංචයෙන් මිදෙනවා.
“මම” ආදී (කර්තෘත්ත්වයෙන් / ප්‍රථමා විභක්ත්‍යාර්ථ) ගත්තොත් දෘෂ්ටි ප්‍රපංචයට (/ මාන ප්‍රපංචයට) වැටෙනවා. “මම නොවේ” (සත්ත්වයෙක්-පුද්ගලයෙක්-ආත්මයක් නොවේ) ආදී ලෙස (පිරිසිදු දහම් දැනුමෙන් යුත් විනිවිද දකින) ප්‍රඥාවෙන් ගත්තොත් දිට්ඨි ප්‍රපංචයෙන් (/ මාන ප්‍රපංචයෙන්) මිදෙනවා.
සාමාන්‍යයෙන්, “මම” “මගේ” (කර්තෘත්ත්වය / ඥාතීත්ත්වය) මුල් කරගත් ත්‍රිවිධ ප්‍රපංච නිසා තමා සියලු ම (කුසල් /) අකුසල් හටගනුයේ. මෙතැන දී නම් අරහත්ත්වයට පත්වීම නිසා අකුසල් නිරවශේෂයෙන් නිරුද්ධවන බව කියවේ.