114. ඊළඟ ප්‍රතිසංධිය දෙන්නේ කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මරණ අවස්ථාවේදී විඤ්ඤාණය සිරුරෙන් පහ වූ පසු මාරයාව දර්ශනය වීමක් වෙනවද?
මරණයෙන් පසු මාරයා විසින් විඤ්ඤාණයන් එක් රැස් කර ඊලග ප්‍රතිසන්දිය ලබා දෙනවා යන කතාවේ සත්‍ය අසත්‍යතාව කුමක්ද? කරුණාවෙන් පහදා දෙන්න.

A. ඒවා සම්පූර්ණයෙන් ම අසත්‍ය ය. එය පහත වැනි සිදුවීම් අනුසාරයෙන් ඇතිවූවක් / පැනනැඟුණක් යැයි උපකල්පනය කළ හැක.

“එකල්හි වනාහි දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙයක් නැගෙණහිර දෙසටද යයි, බස්නාහිර දෙසටද යයි, උතුරු දෙසටද යයි, දකුණු දෙසටද යයි, උඩු අතටද යයි, යට දෙසටද යයි, අනු දිග්වලටද යයි.

එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර, “මහණෙනි, තෙපි ඔය නැගෙණහිර දෙසටද යන. බස්නාහිර දෙසටද යන, උතුරු දෙසටද යන, දකුණු දෙසටද යන, උඩ දෙසටද යන, යට අතටද යන, දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙය දක්නහු දැ?” යි ඇසූසේක. ‘එසේය, ස්වාමීනි,” යි (භික්‍ෂූහු උත්තරදුන්හ,)

මහණෙනි, ඒ පාපී මරුවාය. ඔහු ගෝධික කුලපුතුගේ (ප්‍රතිසන්‍ධි) විඥානය කොහි පිහිටියේදැයි සොය සොයා යයි. එහෙත් මහණෙනි, ගෝධික කුලපුතුගේ විඥානය කිසි තැනෙකත් නොපිහිටියේය. කිසි තැනෙක නොපිහිටි (පුතිසන්‍ධි) විඥානයෙන් ගෝධික කුලපුත්තෙම පිරිනිවියේය” යි වදාළසේක.

ඉක්බිති පාපී මාරතෙම බේපුවපණඩුවීණාව ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් (මෙසේ) කීය.

“මම උඩද යටද සරසද සිව්දිග හා අනුදිසාද සෙව්යෙම් (ඔහු) නොදක්මි. ඒ ගෝධිත කෙම කොහි ගියේද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “දිරිමත්වූ ධ්‍යාන වඩන ගති ඇති, හැම විටම ධ්‍යානයෙහි ඇලුණු, දිවි නොතකමින් දිවා රෑ දෙක්හි භාවනාවෙහි යෙදුන ඒ ගෝධිකතෙම මරහුගේ සේනා බිඳ, නැවත ඉපදීමකට නොපැමිණ, තණ්හාව සහමුලින් උපුටාදමා පිරිනිවියේය.”

ශෝකයෙන් මැඩුණු ඒ මරහුගේ කිසිල්ලෙන් වීණාව ගිලිහුණේය. ඉක්බිති දුකටපත්වූ ඒ යක්තෙම එහිම අතුරුදන්විය.”




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll