Q. කුමන ධර්මය විසින් ද ධාර්මික පුද්ගලයා රකිනු ලබන්නේ?
A. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, පංසිල්, දසකුසල, දස පුණ්‍යක්‍රියා යනාදී ධර්මයන් විසින් බව පහත මූලාශ්‍ර අනුව කිව හැක.
[ඉහත ධර්මයන්හි හැසිරෙන (යෙදෙන) පුද්ගලයා, එකී ධර්මය විසින් ම රකිනු ලබන්නේ ය.]
A. # 303. “දශකුශල ධර්මය ඒකාන්තයෙන් ධර්මචාරී පුද්ගලයා රකියි. යහපත්කොට පුරුදු කළ ධර්මය සැප ගෙනදෙයි. පුරුදු කළ ධර්මයෙහි මේ ආනිසංසය ධර්මචාරී පුද්ගලයා දුගතියකට නොයවයි.
“303. (ජා. 1.10.102 ජාතකෙපි) ‘‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහති;
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.’’
# “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි”න්ති එවමාදීසු පුඤ්ඤෙ.’’
# "ධම්මරක්‍ඛිතා දහමෙන් රක්නා ලද බැවිනි. ඔවුහු උතුම් පන්සිල්හි සඳහන් කරුණු රැකගත්හ. ‘දැහැමිව හැසිරෙන තැනැත්තා දහමෙන්ම රැකෙයි’ -– ‘ධම්මො භවේ රක්‍ඛති ධම්මචාරි’ යනුවෙන් සඳහන් පරිදි දහමින් රකිනු ලැබ, දඬුවම් පැමිණවිය නොහැකි වූහ’යි අදහසයි.
තෙ හි පඤ්ච වරසීලධම්මෙ රක්ඛිංසු, “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි”න්ති (ජා· 1.10.102; 1.15.385) ධම්මරක්ඛිතා හුත්වා අවජ්ඣා අජෙය්‍යා ච අහෙසුන්ති ¶ අධිප්පායො.’’
“7. දානාදි පුණ්‍යධර්‍මය ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සාම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ ය. වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසය වෙයි: ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
මේ දිට්ඨධම්මිකාදි අනර්‍ත්‍ථයෙන් රැකීම ධර්‍මයාගේ ඵල යි. ...’’
7. “ධම‍්මො හවෙ රක්ඛති ධම‍්මචාරිං
ඡත‍්තං මහන‍්තං යථවස‍්සකාලෙ,
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ
න දුග්ගතිං ගච්ඡති ධම‍්මචාරී”ති.
ඉදං ඵලං, ...’’
T. 304. (ජා. 1.15.385) ‘‘නහි ධම්මො අධම්මො ච, උභො සමවිපාකිනො;
අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගතිං.
304. “ධර්මය අධර්මය යන දෙක සමාන විපාක දෙන්නේ නොවේ. අධර්මය අපායට යවයි. ධර්මය නිවනට යවයි.
305. ‘‘තස්මා හි ධම්මෙසු කරෙය්‍ය ඡන්දං, ඉති මොදමානො සුගතෙන තාදිනා;
ධම්මෙ ඨිතා සුගතවරස්ස සාවකා, නීයන්ති ධීරා සරණවරග්ගගාමිනො.
305. “එසේ හෙයින් ධර්මයෙහි ආශාව කරන්නේය. නොසෙල්වෙන බුදුන් කෙරෙහි සතුටුවන්නේ ධර්මයෙහි ආශාව කරන්නේය. ධර්මයෙහි සිටියාවූ ශ්‍රේෂ්ඨ පිහිට අනුව යන ප්‍රඥා වන්තයෝ නිවනට පමුණුවත්.
306. ‘‘විප්ඵොටිතො ගණ්ඩමූලො, තණ්හාජාලො සමූහතො;
සො ඛීණසංසාරො න චත්ථි කිඤ්චනං,
චන්දො යථා දොසිනා පුණ්ණමාසිය’’න්ති.
306. “අවිද්‍යාව දුරුකරණලදී. තෘෂ්ණා දැල නසනලදී. ඒ මම ක්ෂය කළ සංසාරය ඇත්තෙම් දොස් නැති කලා සම්පූර්ණ සඳ මෙන් ක්ෂය කළ සංසාරය ඇත්තේ රාගාදී ක්ලේශයන් නැත්තෙක්වීමි.”