95. ජාතක කතා බොරු නේද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q / Q . සක් දෙවිදුන් හදේ🌙 හාවා 🐇 සිතුවම් කළ බව ත්‍රිපිටකයෙ සදහන් වෙනවද? මූලාශ්‍රය දක්වන්න පුළුවන්ද?

ලගදි මම නැරබු යු ටියුබ් විඩියොවක ප්‍රසිද්ධ ස්වාමින් වහන්සෙ  නමක්... හදේ සාවෙකු ගේ රැපය ශ්‍රක දෙවියෝ ඇන්ද බවක් දැක්වුවා. (මුලාශ්‍රය විදිහට ගත්තේ සස ජාතකය). මම ඉගෙන ගෙන ඇති ආකාරයට සදෙ හාවකු ආකාරයෙන් දිස්වන්නෙ අපෙ රටට වුනාට, වෙනත් රටවලට මකරකු සහ වෙනත් සත්වයන්ගේ රැප පෙනෙනෙ බව විවිද මුලාශ්‍ර තිබෙනවා. තවද  සද රාහු අසුරෙන්දායා ගිලිමත්  විදයාතමකව එ පෘතුවියෙ ජයාව සද මතට වැටිමයි. මෙම කරැනු සියල්ල විද්‍යාත්මකව ගත්තාම සනාථ කරන්න බැරි දෙවල්. මෙමෙ කරැණු (සස ජාතකය චන්දා පිරිත ) පසු කාලිනව ඇතිලත් කරනු ලබන දෙවල් විය හැකි නෙද?

A. සක් දෙවිදුන් හදේ හාවා සිතුවම් කළ බව පිළිගත හැකිද?

මේ කරුණ සඳහන් වන්නේ ත්‍රිපිටකයේ නොව අටුවවේය. එහි සඳහන් වන්නේ මෙලෙසින්
“සසපණ්ඩිත, නාහං බ්‍රාහ්මණො, සක්කොහමස්මි, තව වීමංසනත්ථාය ආගතොම්හී”ති. “සක්ක, ත්වං තාව තිට්ඨ, සකලොපි චෙ ලොකසන්නිවාසො මං දානෙන වීමංසෙය්‍ය, නෙව මෙ අදාතුකාමතං පස්සෙය්‍යා”ති බොධිසත්තො සීහනාදං නදි. අථ නං සක්කො “සසපණ්ඩිත, තව ගුණො සකලකප්පං පාකටො හොතූ”ති පබ්බතං පීළෙත්වා පබ්බතරසං ආදාය චන්දමණ්ඩලෙ සසලක්ඛණං ලිඛිත්වා බොධිසත්තං ආනෙත්වා තස්මිං වනසණ්ඩෙ තස්මිංයෙව වනගුම්බෙ තරුණදබ්බතිණපිට්ඨෙ නිපජ්ජාපෙත්වා අත්තනො වසනට්ඨානමෙව ¶ ගතො. තෙපි චත්තාරො පණ්ඩිතා සමග්ගා සම්මොදමානා සීලං පූරෙත්වා දානං දත්වා උපොසථකම්මං කත්වා යථාකම්මං ගතා.”
මේ ලින්ක් එකෙන් පාලිය බලන්න -> https://tipitaka.app/?a=jm4-345-si

සිංහල පරිවර්තනය -> https://bit.ly/2MAoS0c

මේ කාරණය පිළිබඳව මීට ටික කලකට පෙර පෙර අප විසින් කෙටි අධ්‍යනයක් කරන ලදී. හදේ මේ හාවගේ හැඩය මතු වන්නට හේතුවන්නේ මීට වසර බිලියන 3.8 කට පේර හටගත් වේගයෙන් ඝන වූ ලාවා තට්ටුවක් (Maria) බව නිසා බවයි මේ දක්වා හඳේ මතුපිට ගැන අධ්‍යනය කරන ලද විද්‍යාඥයන්ගේ සොයාගැනීම වී ඇත්තේ.
අංජන කූටය නැමති කන්ද මිරිකීමෙන් ලබාගත් සාරය යොදාගෙන හඳේ මේ රූපය ඇඳි බවට ඉහත අටුවාවේ සඳහන් කරුණු සමග මෙය ගැලපෙනවා.

ඒ අනුව සස ජාතකය ට හේතු වුණු සස පණ්ඩිත හාවාද ජීවත් වී ඇත්තේ මීට වසර බිලියන 3.8 කට පමණ පෙර යැයි අනුමාන කළ හැකියි.

තවද Tidal locking නමැති සංසිද්ධිය නිසා සෑම විටම සඳේ එක් මුහුණතක් පමණක් පෘතුවියේ සිට දර්ශනය වේ. මේ සංසිද්ධියද ඊට ආසන්න කාලයක සිට ආරම්භ වූ බවත් ඉන් පසුව සඳ geographically dead හෙවත් ස්ථාවරව පැවති බවකුයි මේ දක්වා බටහිර විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ. සස ජාතකයේ සඳහන් වන පරිදි මේ කල්පය විනාශ වෙන තෙක් මෙසේ ස්ථාවරව පවතිනු ඇති.

ඒ නිසා මේ ජාතක කතා පසු කාලයක ඇති වූ දේවල් යැයි කියා ඒවා ගැන අවිශ්වාසයක් ඇති කර ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ.

-- සඳ රාහු ගිලීම යනු සෙවනැල්ල වැටීමෙන් වෙන චන්ද්‍රග්‍රහණ නොවේ. මේ පිළිබඳව අරියදස්සන හිමියන්ගේ ලිපිය මෙතනින් කියවන්න."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll