Q. ආර්ය උපවාදයක් වචනයෙන්ම උපවාද නොකියා ලිපියකින් වගේ කලොත් ආර්‍ය උපවාද සිදුවෙන බව සදහන් මූලාශ්‍ර තියෙනවා ද ?
A / Q. (අවසරයි අපෙ හාමුදුරුවනෙ!) මෙහි ද්වාරය වාග් පමණමයි කියලා කොහේ හෝ සඳහන් වෙනවා ද?
“එනම් ආර්යපුද්ගලයන්ට නින්දා කිරීම් >>ආදි<< වරද කිරීමය” මෙහි >>ආදි<< යන්නෙහි අර්ථය කුමක් විය හැකිදැයි සෙවිය යුතුය.
T / A. “මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන්ම අරියූපවාදය, මිථ්‍යා දෘෂ්ටිය ද ගත්කල්හි (එම අරියූපවාද ආදිය) නැවත කීම (ඒවා) මහාසාවද්‍ය බව දැක්වීම පිණිසය. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්‍යය ආනන්තරිය සමානය. ඒ බව - ...”
“එත්ථ ච වචීමනොදුච්චරිතග්ගහණෙනෙව අරියූපවාදමිච්ඡාදිට්ඨීසු ගහිතාසු පුනවචනං මහාසාවජ්ජභාවදස්සනත්ථං නෙසං. මහාසාවජ්ජො හි අරියූපවාදො ආනන්තරියසදිසො. යථාහ – ...”
එහෙමයි අපෙ හාමුදුරුවනෙ! එතන දී ආර්යූපවාදය සිදුවන්නේ වචනයෙන්.
“තත්ථ වචීදුච්චරිතග්ගහණෙනෙව අරියූපවාදෙ, මනොදුච්චරිතග්ගහණෙන ච මිච්ඡාදිට්ඨියා සඞ්ගහිතායපි ඉමෙසං ද්වින්නං පුන වචනං මහාසාවජ්ජභාවදස්සනත්ථන්ති වෙදිතබ්බං. මහාසාවජ්ජො හි අරියූපවාදො ආනන්තරියසදිසො. ...”
[“මිච්ඡාදිට්ඨිකාති විපරීතදස්සනා. මිච්ඡාදිට්ඨිකම්මසමාදානාති මිච්ඡාදිට්ඨිවසෙන සමාදින්නනානාවිධකම්මා, යෙ ච මිච්ඡාදිට්ඨිමූලකෙසු කායකම්මාදීසු අඤ්ඤෙපි ¶ සමාදපෙන්ති. තත්ථ වචීදුච්චරිතග්ගහණෙනෙව අරියූපවාදෙ, මනොදුච්චරිතග්ගහණෙන ච මිච්ඡාදිට්ඨියා සඞ්ගහිතායපි ඉමෙසං ද්වින්නං පුන වචනං මහාසාවජ්ජභාවදස්සනත්ථන්ති වෙදිතබ්බං. මහාසාවජ්ජො හි අරියූපවාදො ආනන්තරියසදිසො. යථාහ – “සෙය්‍යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය; එවංසම්පදමිදං, සාරිපුත්ත, වදාමි තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො, එවං නිරයෙ”ති (ම• නි• 1.149).”]
T. සිතින් සිතූ පමණින් ම ආර්යෝපවාදය සිදු වූ කතාවක් අසා ඇති මුත් එහි මූලාශ්‍ර ගවේෂණය කළ යුතු ය.
T / T. "ආර්‍ය්‍යෝපවාද කර්මය උපවාද අන්තරාය ය. බුදුවරයකුට හෝ පසේ බුදුවරයකුට හෝ ආර්‍ය්‍ය වූ බුද්ධ ශ්‍රාවකයකුට හෝ යටත් පිරිසෙයින් ගෘහස්ථ සෝවාන් පුද්ගලයකුට වුව ද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්‍ය්‍යෝපවාද කර්මයයි. එය පිළියම් ඇති අන්තරායයෙකි. අපරාධය කළ ආර්‍ය්‍ය පුද්ගලයා කමා කරවා ගැනීමෙන් ඒ දේෂය දුරු වේ. ඉන්පසු ඔහුට මඟ පල ලැබිය හැකිය. තමන් අතින් වරද කැරුණු ආර්‍ය්‍ය පුද්ගලයා සොයාගත නොහෙන කල්හි ඔහු ගිය දිශාව සලකා ඒ දිශාවට නමස්කාර කොට ක්ෂමාව අයැදීමෙන් ද, තමන් විසින් වරද කළ ආර්‍ය්‍ය පුද්ගලයා කාල ක්‍රියා කළේ නම් සොහොනට වැඳ ක්ෂමාව අයැදීමෙන් ද ඒ කර්මය සංසිඳෙන බව දක්වා තිබේ. සමහර විට තමන් අතින් බුද්ධාදි ආර්යයන්හට වරද සිදුවී තිබිය හැකි බැවින් භාවනාවට පටන් ගැනීමේදී ම යෝගාවචරයන් විසින් රත්නත්‍රය ක්ෂමා කරවාගෙන ආර්යයන් ක්ෂමා කරවාගෙන භාවනාව පටන් ගත යුතුයි."
"දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්‍රවෘත්ති පත්‍ර සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය."
[අජානං වාති අජානන්තො වා. ජානනං අජානනං චෙත්ථ අප්පමාණං, අරියභාවො එව පමාණං. තෙනාහ “උභයථාපි අරියූපවාදොව හොතී”ති. “අරියො”ති පන අජානතො අදුට්ඨචිත්තස්සෙව තත්ථ අරියගුණාභාවං පවෙදෙන්තස්ස ගුණපරිධංසනං න හොතීති තස්ස අරියූපවාදො නත්ථීති වදන්ති. සතෙකිච්ඡං පන හොති ඛමාපනෙන, න අනන්තරියං විය අතෙකිච්ඡං.
අරියූපවාදකම්මං අභිසපසඞ්ඛාතං ඵරුසවචනං පයුත්තං, තං මහාසත්තස්ස ඛෙත්තවිසෙසභාවතො තස්ස ච අජ්ඣාසයඵරුසතාය
අරියූපවාද | අරිය උපවාද]