59. අධික කාම ආශාව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අධික කාම ආශාව දුරු කරන්නෙ කෙසේ ද?

A. පිරිමියෙක් නම් ගැහැණියෙක් බවට පත්වේ යැයි හෝ ගැහැණියෙක් නම් ... ආදී ලෙස සිතෙන / කියන / කරන නොයෙක් තත්ත්වයන්ට පත්වෙන මහත්-කුඩා-අනුකුඩා මානසික විකෘතීන් (අධික) කාමය / රාගය හා බැඳී පවතී.

කාමෝන්මාදය [Hypersexuality (Nymphomania / Satyriasis)] මඟින් මොළයේ රසායනික වෙනසක් ඇතිව ඇත්තේ නම්, ඒ සඳහා බෙහෙත් (Medication) ගැනීම හා මනෝ වෛද්‍ය උපදෙස්, මනෝ විශ්ලේෂණය (psychoanalysis) හා උපදේශනය (counseling) ද වැදගත් වේ.

රාගයට එක් බෞද්ධ ප්‍රජානන චර්යා ප්‍රතිකාරයක් (Cognitive behavioral therapy – CBT) ලෙස, අශුභ භාවනාව ඉතා උපකාර වනබව බොහෝ දෙනා දනී.

අශුභ භාවනාව සමඟ ම හෝ සත්ත්ව-පුද්ගල පැහැසටහන් හා අත්-පා-ඇස්-තොල්-පියයුරු-ස්ත්‍රී නිමිත්ත (පුරුෂ නිමිත්ත) ආදී අනු-පැහැසටහන් බෙදා-බෙදා, එකී නිමිති අතුරුදන් වන තෙක් “විදර්ශනා භාවනාව” (කලක් / ගැඹුරින් ම) වැඩීම අතිශයින් ම ප්‍රතිඵලදායකය - එවිට රාගය ඇතිවීමට සටහනක් හෝ අනු-සටහන් හෝ (සංඛාර නිමිති) ඉතිරි නොවේ; සංස්කාර නිමිති අතුරුදන් වීමෙන් (අධික) රාගය සංසිඳේ.

[“පැහැසටහන්හි ඇලුණහුට ද (කෙලෙස් විසින්) ශුභයෙහි ගිජු වූවහුට ද වෙසෙසින් පිළසන් වූ අශුභසංඥාව නො වටහයි.”

"අත් හොබනේය. පා හොබනේය” යි මෙසේ හඟින්නේ කුඩා කොටස් හි ලක්ෂණ වශයෙන් රූපයෙහි නිමිති සිතට ගන්නා තැනැත්තාය. නිමිත්ත ග්‍රාහකයා වනාහී (හෙවත් කුඩා කොටස් වශයෙන් නිමිති ගන්නා තැනැත්තා වනාහී) බෙදා වෙන් කොට ග්‍රහණය කරයි. නිමිත්තග්‍රාහී තැනැත්තේ කිඹුල් සිරුරක් මෙන් සියල්ලම ගනියි. අනුව්‍යඤ්ජනග්‍රාහී තැනැත්තේ අත් පා ආදී වශයෙන් බෙදා ඒ ඒ කොටස් වෙන්ව ගනියි. මේ ග්‍රාහකයෝ දෙදෙනා ම එක් ජවන වාරයකදීම (නිමිත්ත) ලබත් ජවන වාර කීපයකදී නම් කිව යුත්තක්ම නැත. (හෙවත් වැඩියෙන් නිමිති ගනීත්මය) නිමිත්තස්සාදෙ ගථිතං = නිමිත්ත ආස්වාදනයෙන් ඒ හා ගැට ගැසේ. බැඳේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll