[Watch in 4K — Recommended Resolution.]


133. බුදුදහම යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදුදහම කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් පිළිතුරු කුමක් විය යුතුද?

A. ප්‍රඥාව.
[බුදුදහම = ප්‍රඥාව.]

T. {# බොහෝ දෙනා නොයෙක් නොයෙක් ආකාරයේ ප්‍රශ්න-ගැටළු නැඟීම හා එකම ප්‍රශ්නය නොයෙක් වර (නොයෙක් වේශයෙන්) ඇසීම සහ එකම ප්‍රශ්නයට විවිධ උත්තර / පිළිතුරු / ප්‍රතිචාර හෝ අදාළ නොවන දෑ ප්‍රකාශ කිරීම.

# ධර්මානුකූල පිළිතුරු පවා නොපිළිගැනීම / නොතේරීම.

# තමාගේ මතයට ගැලපෙන දේ / පුද්ගලයන් පමණක් මත යැපීම හා අනවශ්‍ය වාද-විවාද - ප්‍රශ්නොත්තර - සාකච්ඡා මඟින් කාලය කා දැමීම.

# ත්‍රිවිධරත්නයට ගරුසරු ඇතිව (සිතින් / කයෙන් / භාෂාවෙන්) නොසැලකීම.

# ත්‍රිවිධරත්නයට (සිතින් / කයෙන් / භාෂාවෙන්) සැහැල්ලුවෙන් හෝ හාස්‍යයෙන් සැලකීම.

# ත්‍රිවිධරත්නය පිළිබඳව (සිතින් / කයෙන් / භාෂාවෙන්) නොයෙක් සැකසංකා ඇතිබව.

# අධර්මයෙන් ධර්මය වෙන්කර ගැනීමේ නොහැකියාව.

# ත්‍රිවිධරත්නයේ ගැඹුර හෝ වටිනාකම හෝ බරපතලකම නොවැටහීම.
(බෞද්ධ හෝ අන්‍යාගමික අබෞද්ධ හෝ “ප්‍රඥාවන්තයාට” ඒවා මඳක් හෝ වැටහේ.)

# තමාට අනුන්ගේ හෝ තමාගේ ම සිත (අරමුණු, චින්තනය, වදන් - භාෂාව, හැසිරීම්, අදහස්, ඥාන මට්ටම, තත්ත්වය, හැකියා - නොහැකියා, කුසල් - අකුසල්, පිං - පව් ආදිය) හඳුනා ගැනීමට හැකි නොවීම.

# සැබෑ බුද්ධිමතුන් / උගතුන් / ප්‍රඥාවන්තයන් / ඥානවන්තයන් හෝ සැබෑ ධර්මධර / විනයධර / ත්‍රිපිටකධර ආදී හෝ සුපේශල / සික්ශාකමී / ධර්මානුධර්මපටිපන්න හෝ සැබෑ භාවනානුයෝගී / ධ්‍යානලාභී / මාර්ග-ඵලලාභී උතුමන් / උතුමන් වහන්සේලා දුර්ලභ (සුලබ නො) වීම.

ආදිය “බුදුදහම = ප්‍රඥාව” බවට උදාහරණ කිහිපයකි.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll