198. ධම්මානුධම්ම (ධර්මානුධර්ම) ප්‍රතිපදාව යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

[මෙය සඳහා සහ ඉංග්‍රීසි පරිවර්තනය සඳහා ද මූල්‍යමය අනුග්‍රහය - (Ven.) Bhante Randombe Suneetha.]

Q. ධම්මානුධම්මපටිපන්න (ධම්ම+අනුධම්ම) යනුකුමක්දැයි වෙනවෙනම පුර්ණ විස්තරයක් විවිධ සූත්‍රානුසාරයෙන් හා විවිධ අට්ඨකථා ඇසුරින් හා dictionary ඇසුරින්ද පැහැදිලි කරදෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි. "[one] who practices the dhamma in accordance with the dhamma.” (ධම්මානුධම්මපටිපන්න - මහාපරිනිබ්බාන සූත්‍රය) What is the difference between these two “dhamma”?

{(සුමංගල විලාසිනී අට්ඨකථාවේ ධම්ම යනු නවවිධ ලෝකුත්තර ධම්ම හැටියටත්, අනුධම්ම යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියත් විස්තර කරලා තියෙනවා.) [සූත්‍ර අනුසාරයෙන් මා විසින් එම කාරණය තේරුම් ගත්තේ "අර්ථ ධර්ම වශයෙන් දැනගෙන ප්‍රතිපදා ධර්ම වශයෙන් පිරීම" කියල.] (මෙහි සුත්‍රානුසාරයෙන් කියන්නේ මොන සූත්‍රවලින්ද කියල සුත්‍රවල නම් දන්නේ නම් පැහැදිලි කර දෙන්න. (අර්ථ ධර්ම පැහැදිලි කරන්න.) මේ විග්‍රහය සම්බන්දව මම සොයන්නේ ගොඩක් ගැබුරින්.}

# සටහන: විටෙක, කුසල කර්ම සඳහා ද, විටෙක හේතුවලින් හටගත් (සංඛත) දේවල්/තත්වයන් හැඟවීමට ද ධර්මය (ධම්ම) යන පදය භාවිතා වේ.

["දානාදි පුණ්‍යධර්‍මය
සියලු සඞ්ඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයෝ

ධම්මොති දානාදිපුඤ්ඤධම්මො.
සබ්බෙ ධම්මාති සබ්බෙ සඞ්ඛතා ධම්මා."]

# "මේ ධර්ම ශබ්දය වනාහි පර්යාප්ති, හේතු, ගුණ නිස්සත්ත නිජ්ජීවතාදියෙහි දක්නා ලැබේ. ..."

["ධම්මසද්දො පනායං පරියත්තිහෙතුගුණනිස්සත්තනිජ්ජීවතාදීසු දිස්සති. ..."

A. අවසරයි! [අර්ථ, ධර්ම ආදී ඥාන ගැන දැන ගන්නට මෙය කියවන්න!]

We guess, it should be "[One] Who practices with a view to attaining the Dhamma in accordance with the Dhamma.”

ThenThe former (Dhamma) is The Nine Super-Mundane (Navalokuttara) Dhamma and The latter (Dhamma) is Every Right Practice till 'Maturity-Moment' (Gotrabhū-citta) leading to Nibbana [including Dana-Sila-(Samata-Vipassana)Bhavana / Alms-giving-Moral Practice-(Tranquility-Insight)-Meditation, etc.], sometimes Vipassana only though.

{“This bhikkhu's way of arrival [Spk-pt: the preliminary practice (Pubbabhagapatipada) that is the cause for arrival at the noble path].”

"lit. 'who has entered the lineage (of the Noble Ones)', i.e. the Matured One.
# "ධම්මානුධම්ම පටිපන්නා ආර්ය ධර්මයාගේ අනුධර්ම වූ විදර්ශනා තත්ත්වයට පත්වූ"

"ධම්මානුධම්මපටිපන්නාති අරියධම්මස්ස අනුධම්මභූතං විපස්සනාධම්මං පටිපන්නා."

# “පටිපන්නො හොති” යන මෙහි සීලයේ පටන් රහත් බව දක්වා පිළිපන්නේ යැයි දතයුතුයි. “ධම්මානුධම්ම පටිපන්නො” යනු ලෝකෝත්තර නිර්වාණ ධර්මයාගේ සුළු ශික්ෂාපද හා ප්‍රතිපත්ති සහිත පිළිවෙතට එළඹි, “අනුධම්මභූත” -එනම් ධර්මයට යෝග්‍ය වූ සුදුසු වූ යන අර්ථයි."

"පටිපන‍්නො හොතීති එත්‍ථ සීලතො පට‍්ඨාය යාව අරහත‍්තමග‍්ගා පටිපන‍්නොති වෙදිතබ‍්බො. ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නොති ලොකුත‍්තරස‍්ස නිබ‍්බානධම‍්මස‍්ස අනුධම‍්මභූතං පටිපදං පටිපන‍්නො. අනුධම‍්මභූතන‍්ති අනුරූපසභාවභූතං."

# "එහි ධම්මානුධම්ම පටිපන්නො යනු නවආකාර ලෝකෝත්තර ධර්මයන් අනුධර්මයනුත් පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නේ එම ප්‍රතිපදාවම සුදුසු බැවින් සාමීචි (නිවැරදි පිළිවෙල) යයි කියනු ලැබේ. ඒ නියම ප්‍රතිපදාවට පත්වූයේනුයි = සාමීචිපටිපන්නො - එම පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත අනුධර්මයේ හැසිරෙයි. පුරයි. අනුධම්මචාරී නම් වේ.

පුබ්බභාග ප්‍රතිපදාව නම් සීලය නම් වූ ආචාර ප්‍රඥප්තියත් ධුතංග සමාදානයෙන් ගෝත්‍රභූ සිත දක්වා සම්මා පටිපදා යැයි දතයුතුයි. ඒ නිසා යම් භික්‍ෂුවක් අගුරු වූ කාරණා සයක පිහිටා පැනවීම ඉක්මවා යයිද නුසුදුසු ලෙස ජීවිකාව කෙරේද මේ ධම්මානුධම්ම පටිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තමාට පනවන ලද ශික්‍ෂාපද, ශාස්තෲන් වහන්සේ නමැති වෙරළ, තථාගයන් නමැති සීමාව තථාගතයන් නමැති සීමා නූල (කලු නූල) අණුමාත්‍රයක්වත් නොඉක්මවයි. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් වන්නේය. භික්‍ෂුණියටද එසේමය. යම් උපාසකයෙක් පංච වෛරයන්, දශ අකුසල කර්මපථයන් සමාදන්ව ජීවත්වෙයිද මෙය ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තුන්සරණයෙහි පිහිටා පන්සිල් දසසිල් සම්පූර්ණ කරන්නේ වෙයිද මසකට උපොසථ අටක් කරයිද දන් දෙයිද සුවඳ පූජා මල් පූජා කරයිද මවට උපස්ථාන කරයිද පියාට උපස්ථාන කරයිද ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කරයිද මොහු ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා වන්නේය. උපාසිකාවටද එසේමය."

"තත්ථ ධම්මානුධම්මප්පටිපන්නොති නවවිධස්ස ලොකුත්තරධම්මස්ස අනුධම්මං පුබ්බභාගපටිපදං පටිපන්නො ¶. සායෙව පන පටිපදා අනුච්ඡවිකත්තා “සාමීචී”ති වුච්චති. තං සාමීචිං පටිපන්නොති සාමීචිප්පටිපන්නො. තමෙව පුබ්බභාගපටිපදාසඞ්ඛාතං අනුධම්මං චරති පූරෙතීති අනුධම්මචාරී.

පුබ්බභාගපටිපදාති ච සීලං ආචාරපඤ්ඤත්ති ධුතඞ්ගසමාදානං යාව ගොත්‍රභුතො සම්මාපටිපදා වෙදිතබ්බා. තස්මා යො භික්ඛු ඡසු අගාරවෙසු පතිට්ඨාය පඤ්ඤත්තිං අතික්කමති, අනෙසනාය ජීවිකං කප්පෙති, අයං න ධම්මානුධම්මප්පටිපන්නො. යො පන සබ්බං අත්තනො පඤ්ඤත්තං සික්ඛාපදං ජිනවෙලං ජිනමරියාදං ජිනකාළසුත්තං අණුමත්තම්පි න වීතික්කමති, අයං ධම්මානුධම්මප්පටිපන්නො නාම. භික්ඛුනියාපි එසෙව නයො. යො උපාසකො පඤ්ච වෙරානි දස අකුසලකම්මපථෙ සමාදාය වත්තති අප්පෙති, අයං න ධම්මානුධම්මප්පටිපන්නො. යො පන තීසු සරණෙසු, පඤ්චසුපි සීලෙසු, දසසු සීලෙසු පරිපූරකාරී හොති, මාසස්ස අට්ඨ උපොසථෙ කරොති, දානං දෙති, ගන්ධපූජං මාලාපූජං කරොති, මාතරං පිතරං ¶ උපට්ඨාති, ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති, අයං ධම්මානුධම්මප්පටිපන්නො නාම. උපාසිකායපි එසෙව නයො."

# “For a monk practicing the Dhamma in accordance with the Dhamma, what accords with the Dhamma is this: that he keep cultivating disenchantment with regard to form, ...

“For a monk practicing the Dhamma in accordance with the Dhamma, what accords with the Dhamma is this: that he keep focused on inconstancy with regard to form, ...

“For a monk practicing the Dhamma in accordance with the Dhamma, what accords with the Dhamma is this: that he keep focused on stress with regard to form, ...

“For a monk practicing the Dhamma in accordance with the Dhamma, what accords with the Dhamma is this: that he keep focused on not-self with regard to form, ...




# "සත්වන සූත්‍රයේ - “ධම්මානුධම්මපටිපන්නස්ස” යනු නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයන්ගේ අනුලෝම වූ ධර්මයන්ගේ පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නහුම යනුයි. “අයමනුධම්මො” යනු මේ අනුලෝම ධර්මය වේ යනුයි." 

"සත්තමෙ ධම්මානුධම්මප්පටිපන්නස්සාති නවන්නං ලොකුත්තරධම්මානං අනුලොමධම්මං පුබ්බභාගපටිපදං පටිපන්නස්ස. අයමනුධම්මොති අයං අනුලොමධම්මො හොති."

# "1. ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නව ලොවුතුරා දහම් ලබනු සඳහා පූර්‍වභාග ප්‍රතිපත්තිධර්‍මය පිළිපන්) මහණහට මේ තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයැ යි කියනුවට මේ යෝග්‍ය වූ ස්වභාවයෙක් වෙයි. හෙ තෙම කියනුයේ දශ කථාවස්තුධර්‍මය ම කියයි. (මහිච්ඡතාදිය වඩා ලන) අධර්‍ම කථාවක් නො කියයි. කල්පනා කරණුයේ ද (නෙක්ඛම්මවිතක්කාදි) ධර්‍මවිතර්‍කයක් ම කල්පනා කෙරෙයි. (කාමවිතර්‍කාදි) අධර්‍මවිතර්‍කයක් කල්පනා නො කෙරෙයි. ඒ දෙක ම හැර එහි උපේක්‍ෂක වැ වෙසේ නම්, (කමටහන් වඩනුයේ) සිහි ඇති වැ නුවණ ඇති ව වෙසෙයි.

මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “ධර්‍මය ආරාම කොට ඇති (ශමථවිදර්‍ශනා වැඩීමෙහි ලැගුනු) ධර්‍මයෙහි ඇලුනු, ඒ ධර්‍මය ම පුනපුනා සිතන, එය මතුමත්තෙහිත් වැඩීම් විසින් අනුස්මරණය කරණ මහණ තෙමේ (සත්තිස් බෝපැකිදහම් ද නවලොවුතුරා දහම් ද යන) සදහම් කෙරෙන් නො පිරිහේ.

3. ඒ මහණ තෙම යන්නේ හෝ සිටිනුයේ හෝ හුන්නේ හෝ නැතහොත් වැදැ හෝනේ හෝ ආධ්‍යාත්මයෙහි (හෙවත් ආධ්‍යාත්මාලම්බනයෙහි) කෙලෙස් සංසිඳුවීම් විසින් සිත සංසිඳුවනුයේ අත්‍යන්තශාන්තිය ම (නිවණ ම) ලබයි.”

මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය."

“1. ධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛුනො අයමනුධම්මො හොති වෙය්‍යාකරණාය – ධම්මානුධම්මපටිපන්නොයන්ති භාසමානො ධම්මඤ්ඤෙව භාසති නො අධම්මං, විතක්කයමානො වා ධම්මවිතක්කඤ්ඤෙව විතක්කෙති නො අධම්මවිතක්කං, තදුභයං වා පන අභිනිවෙජ්ජෙත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො”ති. 

එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති –

2. “ධම්මාරාමො ¶ ධම්මරතො, ධම්මං අනුවිචින්තයං;
ධම්මං අනුස්සරං භික්ඛු, සද්ධම්මා න පරිහායති.

3. “චරං වා යදි වා තිට්ඨං, නිසින්නො උද වා සයං;
අජ්ඣත්තං සමයං චිත්තං, සන්තිමෙවාධිගච්ඡතී”ති.

අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං."

# "ධම්මෙසු විදසුන් අනුව සළකා බලන රූප, වේදනා ආදී සමූහ පහේ පැවැත්ම හෙවත් ගතිසොබාවයි. නිච්චං නිතර, නිරතුරුව, ඒ අනුව පැවතෙන, අනුධම්මචාරී ඒ කරුණු අනුව යන විදසුන් වඩමින්, ඒ අනුව හැසිරෙමින්, නැතහොත් ධම්මා නව ලොවුතුරා දහමයි. ඒ කරුණුවලට සුදුසු පරිදි පැවතීම අනුධම්මො. විදසුන් සඳහාම සමාන වචනයකි. එහි ධම්මානං නිච්චං අනුධම්මචාරී යනුවෙන් කිවයුතු නමුදු ගාථා සැකසීමේ පහසුව අනුව විබත් වෙනසකින් ධම්මෙසු යැයි කියා ඇත. ආදීනවං සම්මසිතා භවෙස ඒ දහමෙහි අනුව හැසිරෙතැයි කියන ලද විදසුන් වඩමින් කිසිවක් ඇති පරිද්දෙන් නොපවතී යැයි කාමාදී භව තුනෙහිම මැනවින් දකිමින් මෙම කයෙහි සිතෙහි විවේක බව ලබන පිළිවෙත ලබන ලද්දේ යැයි කිවයුතුය. තනිව හැසිරෙයි යනුවෙන් අදහස් වේ යැයි ද දතයුතුය.

"ධම්මෙසූති විපස්සනූපගෙසු පඤ්චක්ඛන්ධාදිධම්මෙසු. නිච්චන්ති සතතං, සමිතං, අබ්භොකිණ්ණං. අනුධම්මචාරීති තෙ ධම්මෙ ආරබ්භ පවත්තමානෙන අනුගතං විපස්සනාධම්මං චරමානො. අථ වා ධම්මාති නව ලොකුත්තරධම්මා, තෙසං ධම්මානං අනුලොමො ධම්මොති අනුධම්මො, විපස්සනායෙතං අධිවචනං. තත්ථ “ධම්මානං නිච්චං අනුධම්මචාරී”ති වත්තබ්බෙ ගාථාබන්ධසුඛත්ථං විභත්තිබ්‍යත්තයෙන “ධම්මෙසූ”ති වුත්තං සියා. ආදීනවං සම්මසිතා භවෙසූති තාය අනුධම්මචරිතාසඞ්ඛාතාය විපස්සනාය අනිච්චාකාරාදිදොසං තීසු භවෙසු සමනුපස්සන්තො එවං ඉමං කායවිවෙකචිත්තවිවෙකං අරිඤ්චමානො සිඛාප්පත්තවිපස්සනාසඞ්ඛාතාය පටිපදාය අධිගතොති වත්තබ්බො එකො චරෙති එවං යොජනා වෙදිතබ්බා."

# “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො,”

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ග සුපටිපන්න ය. සුපටිපන්න නම් සම්‍යක් ප්‍ර‍තිපදාවට - අනිවර්‍තති ප්‍ර‍තිපදාවට - අනුලොම ප්‍ර‍තිපදාවට - අවිරුද්ධ ප්‍ර‍තිපදාවට - ධර්‍මානුධර්‍ම ප්‍ර‍තිපදාවට මනාව පිළිපන්නේ ය. (සම්‍යක් ප්‍ර‍තිපදා නම් යහපත් ආර්‍ය්‍යමාර්‍ග ප්‍ර‍තිපත්තිය යි. ඒ යහපත් - ආර්‍ය්‍යමාර්‍ග ප්‍ර‍තිපත්තිය ප්‍ර‍තිපක්‍ෂ වූ ක්ලේශයන් නැවත හැරී නො එන සේ දුරු කරන බැවින් අනිවර්‍තතිප්‍ර‍තිපදා නම් වේ. අවබෝධ කැරැ ගත යුතු වූ නිර්‍වාණයට ඒකාන්තයෙන් අනුලොම් වන බැවින් අනුලෝම ප්‍ර‍තිපදා නම් වේ. අනුලෝම බැවින් ම විරුද්ධ නො වන බැවින් අවිරුද්ධ ප්‍ර‍තිපදා නම් වේ. නිර්‍වාණ ධර්‍මයට අනුරූප ස්වභාව ප්‍ර‍තිපත්ති බැවින් ධර්‍මානුධර්‍ම ප්‍ර‍තිපදා නම් වේ. මෙසේ සම්‍යක් ප්‍ර‍තිපත්තියට පිළිපන් බැවින් ශ්‍රාවක සංඝ සුප්‍ර‍තිපන්න යි. ශ්‍රාවකයෝ නම් භාග්‍යවතුන්ගේ අවවාද අනුශාසනා සකසා අසන්නෝ ය. (කළ වරද දැකැ කරන ධර්‍ම දේශනා අවවාද ය. කළ වරද නො දැක ආදියෙහි ම කරන ධර්‍ම දේශනා අනුශාසන යි. කළ වරද දැකැ හෝ ආදියෙහි කරන ධර්‍ම දේශනා අවවාද ය. පසු පසු වැ කරන ධර්‍ම දේශනා අනුශාසන යි. ඒ අවවාද අනුශාසනා පරිදි පිළිපැදීමෙන් කාර්‍ය්‍යය සිදුවන බැවින් ආර්‍ය්‍ය භාවයට පමුණුවන ඇසීම සකසා ඇසීම යි. මෙයින් ආර්‍ය්‍යයෝ ම නිෂ්පර්‍ය්‍යායයෙන් ශ්‍රාවකයෝ වෙති යි දත යුතු යි.) ශ්‍රාවකයන්ගේ සංඝ - සමූහ ශ්‍රාවක සංඝ ය ආර්‍ය්‍ය සීල සමානත්‍වයෙන් හා ආර්‍ය්‍ය දෘෂ්ටි සමානත්‍වයෙන් සමූහ භාවයට පැමිණි පිරිස මෙයින් කියනු ලැබේ.

# "සම්බොධිකාමස්ස යථානුධම්මං - සතර මාර්‍ගඥානය ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය … ධර්‍මවිචයසමෙබාධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘සම්බෝධි’ යී කියනු ලැබෙයි. ඒ සම්බෝධිය අවබෝධ කරනු කැමැත්තහුට අනුරූපප්‍රතිපත්තියෙන් අවබෝධ කරනු කැමැත්තහුට ප්‍රතිවේධ කරනු කැමැත්තහුට මැනැවින් අවබෝධ කරනු කැමැත්තහුට අධිගමය කරනු කැමැත්තහුට ස්පර්‍ශ කරනු කැමැත්තහුට ප්‍රත්‍යක්‍ෂ කරනු කැමැත්තහුට නුයි ‘සම්බොධිකාමස්ස’ යනු වේ. 

යථානුධම්මං යන (මෙහි) බෝධියට අනුධර්‍මයෝ කවරහ යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අප්‍රත්‍යනීකප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි සම්පූර්‍ණ කරන සුලු බව ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව යන මොහු මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත්; නොහොත් සතර ආර්‍ය්‍යමාර්‍ගයන්ගේ පූර්‍වභාගයෙහි උපන් විදර්‍ශනාව යි. මොහු මාර්‍ගඥාන බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත් නුයි ‘සම්බොධිකාමස්ස යථානුධම්මං’ යනු වේ."

"සම්බොධිකාමස්ස යථානුධම්මන්ති. සම්බොධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණං පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං…පෙ… ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි. තං සම්බොධිං බුජ්ඣිතුකාමස්ස අනුබුජ්ඣිතුකාමස්ස පටිබුජ්ඣිතුකාමස්ස සම්බුජ්ඣිතුකාමස්ස අධිගන්තුකාමස්ස ඵස්සිතුකාමස්ස සච්ඡිකාතුකාමස්සාති – සම්බොධිකාමස්ස.

යථානුධම්මන්ති කතමෙ බොධියා අනුධම්මා? සම්මාපටිපදා අනුලොමපටිපදා අපච්චනීකපටිපදා අවිරුද්ධපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ¶ ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤං – ඉමෙ වුච්චන්ති බොධියා අනුධම්මා. අථ වා චතුන්නං මග්ගානං පුබ්බභාගෙ විපස්සනා – ඉමෙ වුච්චන්ති බොධියා අනුධම්මාති – සම්බොධිකාමස්ස යථානුධම්මං."

# "ධම්මානුධම්මපටිපදායාති ධම්මො නාම නවලොකුත්තරධම්මො. අනුධම්මො නාම විපස්සනාදි. තස්ස ධම්මස්ස අනුරූපා ධම්මපටිපදා ධම්මානුධම්මපටිපදා, තස්සා ධම්මානුධම්මපටිපදාය."

"ධම්මානුධම්මපටිපදාති නිබ්බානධම්මස්ස අනුච්ඡවිකතාය අනුධම්මභූතා පටිපදා."

වෙනත් අර්ථ: (ධම්ම / අනුධම්ම පද වෙනත් අරුත්වල ද යෙදේ.)

# "එහි ‘සමාරෝපණ’ කවරෙ යත්: යම් වීරියින්‍ද්‍රියයෙක් ඇද්ද, හේ සීල ස්කන්‍ධ යැ, යම් සීලයක් ඇද්ද එය සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, යම් ධම්මානුධම්මපටිපත්තියක් ඇද්ද, ඒ පාතිමොක්ඛසංවර යි."

"තත්ථ කතමා සමාරොපනා? යං වීරියින්ද්‍රියං, සො සීලක්ඛන්ධො. යං සීලං, තෙ චත්තාරො ධම්මා පධානා. යං ධම්මානුධම්මපටිපත්ති, සො පාතිමොක්ඛසංවරො."

# ධම්මස්සානු ධම්මං මේ සුත්‍රයෙහි ධම්මො නම් අර්හත් මාර්ගය අනුධම්ම නම් මින් පහත මාර්ග තුන ද සාමඤ්ඤඵලද පිළිවෙළින් ලබන්නේය යන අර්ථයි.

"ධම්මස්සානුධම්මන්ති ඉමස්මිං සුත්තෙ ධම්මො නාම අරහත්තමග්ගො, අනුධම්මො නාම හෙට්ඨිමා තයො මග්ගා තීණි ච සාමඤ්ඤඵලානි, තානි පටිපාටියා පටිලභීති අත්ථො."

# "ධම්මස්සච අනුධම්මං මෙහි සර්වඥතාඥානය ධම්ම නමි මහජනයාට ප්‍රකාශකිරිම අනුධම්ම නමි"

ධම්මස්ස චානුධම්මන්ති ඉධ සබ්බඤ්ඤුතඤ්ඤාණං ධම්මො නාම, මහාජනස්ස බ්‍යාකරණං අනුධම්මො නාම.

# ධම්මස්ස ච අනුධම්මං ව්‍යාකරොන්ති යනු මෙහි ධර්‍මය නම් කියනලද කථාවයි. අනුධර්‍මය නම් කියනලද්දහුට යළි කීමයි.

"ධම්මස්ස චානුධම්මං බ්‍යාකරොන්තීති එත්ථ ධම්මො නාම කථිතකථා, අනුධම්මො නාම කථිතස්ස පටිකථනං.

# “සද්ධා පබ්බජිතස්ස භික්ඛවෙ භික්ඛුනො අයමනුධම්මො හොති යං රූපෙ නිබ්බිදාබහුලො විහරිස්සති” යන මෙය මෙහි අනුධර්‍මය නමි."

“සද්ධාපබ්බජිතස්ස, භික්ඛවෙ, භික්ඛුනො අයං අනුධම්මො හොති, යං රූපෙ නිබ්බිදාබහුලො විහරිස්සතී”ති අයමස්ස ¶ අනුධම්මො නාම."

Dictionaries:

# "BU ධම්ම(m.) doctrine; nature; truth; the Norm; morality; good conduct.

BUධම්මපු ආගම ධර්මාදිය; ත්‍රිපිටක ධර්මය; ධර්මය; මාර්ගඵලාදිය; යහපත් පැවැත්ම; ස්වභාවය.

MS ධම්මපු ස්වභාව, පාලිධර්‍මය, ඤාණය, යුක්තිය, සත්‍යය, ප්‍රකෘතිය, පුණ්‍යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව.

ND ධම්ම lit. the 'bearer', constitution (or nature of a thing), norm, law (jus), doctrine; justice, righteousness; quality; thing, object of mind (s. āyatana) 'phenomenon'. In all these meanings the word 'dhamma' is to be met with in the texts. The Com. to D. instances 4 applications of this term guṇa (quality, virtue), desanā (instruction), pariyatti (text), nijjīvatā (soullessness, e.g. "all dhammā, phenomena, are impersonal," etc.). The Com. to Dhs. has hetu (condition) instead of desanā. Thus, the analytical knowledge of the law (s. paṭisambhidā) is explained in Vis.M. XIV. and in Vibh. as hetumhi ñāṇa, knowledge of the conditions.

The Dhamma, as the liberating law discovered and proclaimed by the Buddha, is summed up in the 4 Noble Truths (s. sacca). It forms one of the 3 Gems (ti-ratana, q.v.) and one of the 10 recollections (anussati q.v.).

Dhamma, as object of mind (dhammāyatana, s. āyatana) may be anything past, present or future, corporeal or mental, conditioned or not (cf. saṅkhāra, 4), real or imaginary."

# "අනුධම්ම - පු - අනු+ධම්ම BU අනුධම්ම(m.) conformity with the Law. BUඅනුධම්මපු සුළු ශික්ෂාපද හා ප්‍රතිපත්ති. MS අනුධම්මපු අනුධර්මය, ධර්මයට අනුව පැවැති, ධර්‍මානුකූල. PS අනුධම්ම[anu + dhamma] 1. in compn. with dhamma as dhammânudhamma to be judged as a redupl. cpd after the manner of cpds. mentioned under anu iv. meaning "the Law in all its parts, the dhamma and what belongs to it, the Law in its fullness". For instances see dhamma C. iv. Freq. in phrase dh˚ -- ânudh˚ -- paṭipanna "one who masters the completeness of the Dh.", e. g. S ii.18; iii.163; It 81; Ps ii.189. -- 2. conformity or accordance with the Law, lawfulness, relation, essence, consistency truth; in phrase dhammassa (c˚) anudhammaṁ vyākaroti to explain the truth of the Dh. Vin i.234; D i.161; M i.368, 482; S ii.33; iii.6; iv.51; v.7. See further M iii.30; Sn 963 (cp. Nd1 481 for exegesis) Also in cpd. ˚cārin living according to the Dhamma living in truth S ii.81, 108; A ii.8; Dh 20 (cp. DhA i.158); Vv 317; Sn 69 (see Nd2 51). CRඅනුධම්මanu-dhamma, m. [a secondary noun, cf. anu- loma, adhicitta, abhidhamma, etc.], (a) (right) method (as hypostasis of anu-dhammaṁ [yathânudh°, dham- mânudh°] ind.): dhammânudhammaṁ paṭipannassa ayam ~o hoti veyyākaraṇāya, It 81,13 (= anu- cchavika-sabhāvo paṭirūpa-sabhāvo, It-a); SN III anu-dhammavassa . . . ayam ~o hoti veyyākaraṇāya . . ., MN III 30,8 (= sabhāvo, Ps; cf. dhammassa cânudham- maṁ vyākaronti, Vin I 234,19); sāvakassa . . . satthu sāsane pariyogāya [Ps Se °gayha] vattato ayam ~o hoti . . ., MN I 480,32 (= sabhāvo, Ps); — pl. katame bodhiyā ~ā, Nidd I 481,31 (explaining yathâ- nudhammaṁ, Sn 963), see akatânudhamma. — (β), a minor dhamma (abstracted from dhammânudham- maṁ, cf. anukhuddaka), Ps III 366,6 ad MN II 146,15, quoted under anudhammaṁ, ind.). — Title of four suttas, SN III 40—41. — Ifc. v. akatânudhamma."

# "ධම්මානුධම්ම - පු, ථී - ධම්ම+අනුධම්ම.

BU ධම්මානුධම්ම((dhamma + anudhamma), m.) lawfulness; conformity with the Norm.

BU ධම්මානුධම්ම3 ධර්මයට අනුකූල වූ.

MS ධම්මානුධම්මපු ධර්‍මානුධර්‍ම, ධර්‍මයට අනුව පිළිපදින්නා."

86. ‘‘ධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛුනො අයමනුධම්මො හොති වෙය්‍යාකරණාය -

ධම්මානුධම්මපටිපන්නොයන්ති භාසමානො ධම්මඤ්ඤෙව භාසති නො අධම්මං, විතක්කයමානො වා ධම්මවිතක්කඤ්ඤෙව විතක්කෙති නො අධම්මවිතක්කං, තදුභයං වා පන අභිනිවෙජ්ජෙත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -

‘‘ධම්මාරාමො ධම්මරතො, ධම්මං අනුවිචින්තයං;
ධම්මං අනුස්සරං භික්ඛු, සද්ධම්මා න පරිහායති.

‘‘චරං වා යදි වා තිට්ඨං, නිසින්නො උද වා සයං;
අජ්ඣත්තං සමයං චිත්තං, සන්තිමෙවාධිගච්ඡතී’’ති.

අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං."

86. “මහණෙනි, ධර්මයට පිළිපන් මහණහුගේ මේ සුදුසු ස්වභාවය වේ. කියන කල්හි යම් අනුධර්මයකින් කියන්නේ (දශ කථාවස්තු) ධර්මයම කියයි (එයට විරුද්ධ බොහෝදේට ආශාවීමාදී) අධර්මය නොකියයි. කල්පනා කරනු ලබන්නේ හෝ ධර්මයෙන් වෙන් නොවූ විතර්කයක්ම කල්පනා කෙරෙයි. (කාම විතර්කාදී) අධර්ම කල්පනාවක් කල්පනා නොකරයි. නොකොට උදාසීනව සිහි ඇත්තෙක්ව සම්‍යක් ප්‍රඥාව ඇත්තෙක්ව වෙසේ යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“ඒ ධර්මයම මතුමත්තෙහි භාවනා වශයෙන් සිහි කරන්නාවූ ඇලුම්කොට ඇත්තාවූ (එසේම ඒ) ධර්මයෙහි ඇලුනාවූ ධර්මය සිතන්නාවූ සිහිකරන්නාවූ මහණ තෙමේ බොධිපාක්ෂික දහමින්ද නවලොවුතුරා දහමින්ද නොපිරිහෙයි.

“පිඩුසිඟීම් වශයෙන්ද සක්මන් කිරීම් වශයෙන්ද හැසිරෙන්නේ හෝ සිටින්නේ හෝ හිඳින්නේ හෝ හොවින්නේ හෝ තමාගේ සිත සංසිඳුවන්නේ නිවණටම පැමිණේයයි.”

T. "ප්‍රතිපත්ති පූජාව

ලොවුතුරා බුදුබවට පැමිණ පන්සාළිස් වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නොනැගී සිටින සෙය්‍යාවෙන් ශයනය කළ කල්හි දෙවියෝ මල් සඳුන් සුණුවලින් හා සංගීතයෙන් හා අනේක තූර්යයෙන් ද පූජා පවත්වන්නට වූහ. ඒ මහා පූජාව පවත්වන කල්හි තථාගතයන් වහන්සේ ආනන්ද මහ තෙරුන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

“න ඛො ආනන්ද එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා යො ඛො භික්ඛුවා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානු ධම්මපටිපන්නො විහරති සාමිචිපටිපන්නො අනු ධම්මචාරි සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය තස්මාතිහානන්ද ධම්මානුධම්ම පටිපන්නා විහරිස්සාම සාමිචිපටිපන්නා අනුධම්මචාරිනොති එවඤ්හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති” (පරිනිබ්බාන සුත්ත)

තේරුම: “ආනන්දය! මෙතෙකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙසේ නම්, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ. ගරු කෙරේ. සිතින් ආදරය කෙරේ. අභිවාදනාදිය කෙරේ. ආනන්දය එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙන්නමෝ වෙමු යයි ද නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ වෙමු යයි ද, ධර්මයට අනුව හැසිරෙන්නමෝ වෙමු යයි ද මෙසේ හික්මිය යුතුය.

සැදැහැවත්හු තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාර පාන යනාදිය බොහෝ පුදති. එහෙත් ඒවායින් උන්වහන්සේට උවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය. තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක් ගෙන පෙරුම් පුරා බුදු බව ලබා ගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්‍යග් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහා ය. එ බැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් එය උන්වහන්සේ තමන් වහන්සේට පූජාවක් කිරීමක් ලෙස සලකති. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගතයන් වහන්සේට පූජා කිරීමක් ද වේ. සුවඳ මල් ආදී ද්‍රව්‍යන් මෙන් තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නො වේ. මෙකල බොහෝ දෙනා “ඉමාය ධම්මනුධම්ම පටිපත්තියා බුද්ධං පූජෙමි” යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවය කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් නොපෙනේ. නා නා විධ පූජ කොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කථා බොහෝ ගණනක් අපදාන විමානවත්ථු ආදී බණ පොත්වල දක්නා ලැබේ. ප්‍රතිපත්ති පූජාවය කියා දෙයක් යම් කිසිවකු විසින් කරන ලද බවක් කියැවෙන කථාවක් කිසිතැනෙක නො දක්නා ලැබේ. ඉහත දැක්වූ දේශනා පාඨයෙන් කියැවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමය කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීම ම පූජාවක් වන බවය.

ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම් ගත් ඇතැම්හු බුදුරදුන් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨය යි වදාරා තිබෙනවාය දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පූජාය. ඒවා නො කළාට අප ළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම් ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පූජාව) පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය.

“යො පන තිසු සරණෙසු පඤ්චසු සීලෙසු දසසු සීලෙසු පරිපූරකාරි හොති මාසස්ස අට්ඨ උපොසථෙ කරොති, දානං දෙති, ගන්ධ පූජං මාලා පූජං කරොති, මාතරං උපට්ඨාති, පිතරං උපට්ඨාති, ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති, අයං ධම්මානුධම්ම පටිපන්නො නාම හොති.”

තේරුම: යමෙක් තිසරණය පඤ්චශීලය දශශීලය සම්පූර්ණ කෙරේ ද, මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජා කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද, ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය.

මේ අටුවා පාඨයෙන් දැක්වෙන දන් දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවය. ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යයි වදාළ දේවල් වලින් වැළකීමත් කළ යුතු යයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු යයි වදාරා ඇති දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය."


{T. "අපායදුක්ඛෙ සකලසංසාරදුක්ඛෙ ච පතිතුං අදත්වා ධාරණට්ඨෙන ධම්මො, මග්ගඵලනිබ්බානානි."

"යථානුසිට්ඨං පටිපජ්ජමානෙ අපායදුක්ඛෙ අපාතනවසෙන ධාරණට්ඨෙන ධම්මො, සාසනබ්‍රහ්මචරියං, තදෙව තදඞ්ගාදිවසෙන කිලෙසානං විනයනට්ඨෙන විනයොති ආහ – “ධම්මොති වා…පෙ… නාම”න්ති." https://tipitaka.app/?a=me2-64-si

"සො එව තංසමඞ්ගීනං වට්ටදුක්ඛපාතතො ධාරණට්ඨෙන ධම්මොති ආහ – “ඤායං ධම්මන්ති අරියමග්ගධම්ම”න්ති."

"තත්ථ ධම්මන්ති සීලං. තං හි උපරිගුණවිසෙසානං ධාරණට්ඨෙන ධම්මොති වුච්චති."

> ධාරණ අට්ඨේන ධම්මෝ <}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll