A. අභිධර්ම ක්‍රමයට ඡන්ද-රාග දෙක උපාදානයෝ වෙති. අභිධර්මයේ උපාදාන නම් තණ්හා-දිට්ඨි (චෛතසික) දෙක ය; සූත්‍ර පිටකයට අනුව ද්වේෂය ද උපාදානයෝ වෙත්. තරහව, දැඩි තරහා (ක්‍රෝධය) මඟින් අරමුණු දැඩිව ගැනීම නිසා රිදවීම්, නැසීම්, වැනසීම් ආදී නොයෙක් අකටයුතුකම් කරයි; ද්වේෂයෙන් ද වෛරය හෝ බද්ධ වෛරය වශයෙන් අරමුණ අත් නොහරී - දැඩිව අල්වා (උපාදාන කර) ගනී.
ආශ්‍රිත: පහත ටීකා / අටුවා / සූත්‍ර පාඨ(ය).
“ඡන්දරාගද්වයං උපාදාන”න්ති අභිධම්මනයෙන වුත්තං. අභිධම්මෙ හි තණ්හාදිට්ඨියොව “උපාදාන”න්ති ආගතා, සුත්තන්තෙ පන දොසොපි “උපාදාන”න්ති වුත්තො “කොධුපාදානවිනිබන්ධා විඝාතං ආපජ්ජන්තී”තිආදීසු. තෙන වුත්තං “උභයම්පි වා දළ්හග්ගහණවසෙන උපාදාන”න්ති ¶. දළ්හග්ගහණං අමුඤ්චනං. පටිඝොපි හි උපනාහාදිවසෙන පවත්තො ආරම්මණං න මුඤ්චති.”
ඒ අනුසාරයෙන්, මෝහයෙන් අරමුණේ සැබෑ තත්ත්වය (චතුරාර්‍ය සත්‍ය) වසා මුලාකොට අරමුණ අත්නොහැර දැඩිව (උපාදාන කර) ගන්නා බව හෝ එසේ කිරීමට තණ්හා-දිට්ඨි දෙකට උපකාරවන බව / අකටයුතුකම්/අකුසල් වෙත යොමු කරවන බව සිතිය හැක.
R. "තං මමස්ස උපාදානං, සො මමස්ස විඝාතො යනු ඒ ඡන්‍දරාග දෙක මට උපාදානයක් වන්නේය. දෝස පටිඝ දෙක විනාශයක් වන්නේය. ඒ දෙකම ග්‍රහණ වශයෙන් උපාදානයි. නසන අර්ථයෙන් විඝාතයි. රාගය වනාහි නොමිදෙනු කැමති බැවින් අරමුණු ගනී. කූඩැල්ලන් මෙන් දෝසය විනාශ කරනු කැමැත්ත නිසා සර්පයකු වැන්න. මේ දෙකම කවන අර්ථයෙන් නසත්මය. උපාදානයයිද විඝාතයයිද කියන ලදී. සෙස්ස පළමුවර හා සමානය.
තං මමස්ස උපාදානං, සො මමස‍්ස විඝාතොති තං ඡන්‍දරාගද‍්වයං මම උපාදානං අස‍්ස, දොසපටිඝද‍්වයං විඝාතො. උභයම‍්පි වා දළ‍්හග‍්ගහණවසෙන උපාදානං, විහනනවසෙන විඝාතො. රාගො හි අමුඤ‍්චිතුකාමතාය ආරම‍්මණං ගණ‍්හාති ජලූකා විය. දොසො විනාසෙතුකාමතාය ආසීවිසො විය. උභොපි චෙතෙ සන‍්තාපකට‍්ඨෙන විහනන‍්ති යෙවාති “උපාදාන”න‍්ති ච “විඝාතො”ති ච වුත‍්තා. සෙසං පඨමවාරසදිසමෙව."
"යමෙක දී මට ඡන්දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ ප්‍රතිඝයෙක් හෝ වන්නේ නම්, එය මට උපාදානයෙක් වන්නේ ය. යමෙක් මට උපාදානයෙක් වන්නේ නම්, එය මට දුකෙක් වන්නේ ය. මට යම් දුකෙක් වන්නේ නම්, එය මට ස්වර්ගමෝක්ෂ දෙකට බාධක වන්නේ ය” යනු යි.
යත්‍ථ මෙ අස‍්ස ඡන්‍දො වා රාගො වා දොසො වා පටිඝො වා, තං මමස්ස උපාදානං. යං මමස‍්ස උපාදානං, සො මමස්ස විඝාතො. යො මමස‍්ස විඝාතො, සො මමස‍්ස අන‍්තරායො”ති."