87. දෙවියෝ - දිව්‍යාංගනාවෝ සෙක්ස් (Sex) කරන්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. දෙවියන් දිව්‍යාංගනාවන් එක්ක කාමයේ (මෛතුන්‍ය සේවනයේ) හැසිරෙනවා ද?

[1083. තෙල ෂට්කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙති. සියලු කාමාවචරයන්ගේ එක්රැස් කොට පුඬුකළ ආයුප්‍රමාණය කෙතෙක් වෙයි යත්: ඒ ෂට්කාමාවචර දෙවියන්ගේ ආයු මිනිසුන්ගේ හවුරුදු ගණනායෙන් දොළොස්සියඅටවිසිකෙළපනස්ලක්‍ෂ (1228,50,00,000) කැයි ප්‍රකාශ කරන ලදැයි.

1083. ඡ එතෙ කාමාවචරා- සබ‍්බකාමසමිද‍්ධිනො.
සබ‍්බෙසං එකසඞ‍්ඛාතො- ආයු භවති කිත‍්තකො,
ද‍්වාදස කොටිසතං තෙසං -අට‍්ඨවීසඤ‍්ච කොටියො,
පඤ‍්ඤාස සතසහස‍්සානි - වස‍්සග‍්ගෙන පකාසිතා’ති.]


A. "මිනිස්සු වනාහි තම සිත බැඳුණු වස්තුවෙහි (තමාගේ) බලය පවත්වති. යම්තැනක බැඳුණු සිත් ඇත්තාහු වෙත් ද සියයක් ද දහසක් ද දී ඒ කාන්තාවම ගෙනවුත් නිතර පරිභෝග (පරිහරණය) කරති (බැඳුණු සම්පත බුදිති.) ඇතැම් දෙවියෝ ද (එසේය). චාතුම්මහාරාජිකයේ පටන් දෙව්ලෝ සතරෙහි වාසය කරන දෙවිවරු බැඳුණු වස්තුවෙහිම බලය පවත්වති. මෙහිදී පංචසිඛ කථාවස්තුව නිදසුනකි. එසේම අපායට, නිරයට අයත් ඇතැම් සත්ත්වයින් හැර සෙසු අපාය සත්ත්වයෝ ද බැඳුණු වස්තුවෙහිම (තමාගේ) බලය පවත්වති. මාළුවා තමාගේ මාළුදෙන (මැසිනි) සමග ද කැසුබුවා තමාගේ කැසුබුදෙන සමගදැයි මෙසේ සියලු තිරිසන්නු ද ප්‍රේතයෝ ද විනිපාතිකයෝ ද එසේය. එහෙයින් නිරයට අයත් සත්ත්වයන් හැර සෙසු අපාය සත්ත්වයන් ගෙන තුසිත දෙවිවරු තෙක් මේ සත්ත්වයෝ පච්චුපට්ඨිත කාම ඇත්තෝ නම් වෙති. නිම්මාණරතිනො යනු තමන් මවාගත් නිර්මාණයෙහි ඇලීම ඔවුන්ට ඇත යනුවෙන් නිර්මාණරති නම් වෙති. ඔවුහු නිල් කහ ආදී වශයෙන් යම්බඳු රූපයකට කැමති වෙත්ද එවැන්නක් මවාගෙන ඇලෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉදිරියෙහි වූ මනාපකායික දෙවිවරුන් මෙනි. පරනිම්මිතවසවත්තිනො යනු අනුන් විසින් මවන ලද කාමයන්හි බලය පවත්වති යන අරුතින් පරනිර්මිත වසවර්තීහු නම් වෙති. ඔවුන්ගේ සිත දැන අන්‍යයෝ කැමති පරිදි කාම වස්තු නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. ඔවුහු කෙසේ අනිකකුගේ සිත දනිත් ද? ඇසුරුකිරීම් වශයෙන් දනිති. යම්සේ දක්‍ෂ අරක්කැමියා අනුභව කරන රජුට යමක් යමක් රුචි වේද, ඒ ඒ දෙය දනියි. මෙසේ ස්වභාවයෙන් කැමති අරමුණ දැන එබන්දක්ම නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. මෛථුන සේවනාදී වශයෙන් කාමයන් අනුභව කරති. ඇතැමෙක් වනාහි ‘සිනාසීම් පමණකින් ද බැලීම් පමණකින් ද වැළඳගැනීම් පමණකින් ද අත් අල්ලාගැනීම් පමණකින් ද ඔවුන්ගේ කාම කටයුත්ත ඉටුවේය’යි කියති. එය අටුවාවෙහි ‘එය වනාහි නැතැයි’ ‘ප්‍රතික්‍ෂේප කරන ලදී. කයින් ස්පර්ශ නොකරන්නහුට ඵොට්ඨබ්බ කාම කටයුත්තක් සිදු නොවේ. කාමාවචර දෙව්ලෝ හයෙහි දෙවියන්ගේ කාමයෝ ප්‍රකෘති ස්වභාවයෙන්ම යුක්ත වෙති."

[S. "කාමුප්පත්තියො - කාම සේවනය, කාම ප්‍රතිලාභය හෝ පච්චුපට්ඨිතකාමා - නිතර කාමය, නිතර අරමුණ. සෙය්‍යථාපි මනුස්සා - මිනිසුන් මෙන් මිනිස්සු නිතරම කාම වස්තුවෙහි වසඟයට පත්වෙති. යම්තැනක පිළිබඳ සිතවේ ද සියයක් ද දහසක් දීමෙන් හෝ ගැහැණිය ගෙන්වා නිතර කම්සුව විඳියි. එකච්චෙ දෙවා - නම් සිව් දෙව්ලෝවාසීන් ඔව්හු ද කාම වස්තුවෙහි නිතරම වසඟයට වැටෙති. එකච්චෙ විනිපාතිකා - නම් නිරය වාසීන් හැර සෙස්සෝ මත්ස්‍ය කැසුබු ආදිහු ද නිතර කාම වස්තුවෙහි වසඟයට වැටෙති. මත්ස්‍යයා තමාගේ මත්ස්‍ය දෙන සමග කැසුබුවා කැසුබු දෙන සමග ප්‍රියවෙයි. නිම්මිනත්වා නිම්මිනිත්වා - නිල් කහ ආදි වශයෙන් තමාගේ රූපය කැමති වන ලෙසින් මවාගෙන. ආයුෂ්මත් අනුරුද්ධ හිමියන් ඉදිරියේ මනාපකායික දෙවියන් මෙන් නිම්මානරතී - සේ තම නිර්මාණයෙහි ඇල්ම ඔවුන්ට නිසා නිම්මානරති වේ. පරනිම්මිත කාමා - අනුන් විසින් නිර්මාණය කළ කාමය. ඔවුන්ගේ සිත දැන රුචිපරිදි කාම යෝගය නිර්මාණය කරයි. ඔව්හු එහි වසඟයට පත්වෙති. අනුන්ගේ සිත කෙසේ දනිත්ද? ප්‍රකෘති සේන වශයෙන්, යම්සේ දක්‍ෂ කෝකියා රජු අනුභව කරන යමක් වැඩිපුර ගන්නා සේ ඔහුගේ රුචිය දනී. මෙසේ ප්‍රකෘතියෙන් අභිරුචි අරමුණ දැන එබඳු වූවක්ම නිර්මාණය කරයි. ඔව්හු එහි වසඟයට යති. මෛථුන සේවනය කරති. ඇතැම් තෙරවරු සිනාවීම් පමණින් බැලූ පමණින් වැළඳගත් පමණින් කාම කිස සිදුවේ යයි කියති. අටුවාවෙහි මෙය නැතැයි ප්‍රතික්ෂේපිතය. කය ස්පර්ශ නොකර ස්පර්ශ කාමය ඇති නොවේ. කාමාවචර හයක කාමය ප්‍රකෘති වේ. එය කියන ලදී.

සය එකෙහි කම්සැරි - හැමකම්සැප පිරි ඇති
සෑම එක් ගණනයෙන් - වෙයි ආයු කොපමණකින්"

"සයවන සූත්‍රයෙහි කාමුප්පත්තියො යනු කාම ප්‍රතිලාභ හෝ කාම ප්‍රතිසේවනයෝය. පච්චුපට්ඨිතකාමා යනු නිරතුරු කාම, නිරතුරු අරමුණු - මිනිසුන් මෙනි. මිනිස්සු වනාහි තම සිත බැඳුණු වස්තුවෙහි (තමාගේ) බලය පවත්වති. යම්තැනක බැඳුණු සිත් ඇත්තාහු වෙත් ද සියයක් ද දහසක් ද දී ඒ කාන්තාවම ගෙනවුත් නිතර පරිභෝග (පරිහරණය) කරති (බැඳුණු සම්පත බුදිති.) ඇතැම් දෙවියෝ ද (එසේය). චාතුම්මහාරාජිකයේ පටන් දෙව්ලෝ සතරෙහි වාසය කරන දෙවිවරු බැඳුණු වස්තුවෙහිම බලය පවත්වති. මෙහිදී පංචසිඛ කථාවස්තුව නිදසුනකි. එසේම අපායට, නිරයට අයත් ඇතැම් සත්ත්වයින් හැර සෙසු අපාය සත්ත්වයෝ ද බැඳුණු වස්තුවෙහිම (තමාගේ) බලය පවත්වති. මාළුවා තමාගේ මාළුදෙන සමග ද කැසුබුවා තමාගේ කැසුබුදෙන සමගදැයි මෙසේ සියලු තිරිසන්නු ද ප්‍රේතයෝ ද විනිපාතිකයෝ ද එසේය. එහෙයින් නිරයට අයත් සත්ත්වයන් හැර සෙසු අපාය සත්ත්වයන් ගෙන තුසිත දෙවිවරු තෙක් මේ සත්ත්වයෝ පච්චුපට්ඨිත කාම ඇත්තෝ නම් වෙති. නිම්මාණරතිනො යනු තමන් මවාගත් නිර්මාණයෙහි ඇලීම ඔවුන්ට ඇත යනුවෙන් නිර්මාණරති නම් වෙති. ඔවුහු නිල් කහ ආදී වශයෙන් යම්බඳු රූපයකට කැමති වෙත්ද එවැන්නක් මවාගෙන ඇලෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉදිරියෙහි වූ මනාපකායික දෙවිවරුන් මෙනි. පරනිම්මිතවසවත්තිනො යනු අනුන් විසින් මවන ලද කාමයන්හි බලය පවත්වති යන අරුතින් පරනිර්මිත වසවර්තීහු නම් වෙති. ඔවුන්ගේ සිත දැන අන්‍යයෝ කැමති පරිදි කාම වස්තු නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. ඔවුහු කෙසේ අනිකකුගේ සිත දනිත් ද? ඇසුරුකිරීම් වශයෙන් දනිති. යම්සේ දක්‍ෂ අරක්කැමියා අනුභව කරන රජුට යමක් යමක් රුචි වේද, ඒ ඒ දෙය දනියි. මෙසේ ස්වභාවයෙන් කැමති අරමුණ දැන එබන්දක්ම නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. මෛථුන සේවනාදී වශයෙන් කාමයන් අනුභව කරති. ඇතැමෙක් වනාහි ‘සිනාසීම් පමණකින් ද බැලීම් පමණකින් ද වැළඳගැනීම් පමණකින් ද අත් අල්ලාගැනීම් පමණකින් ද ඔවුන්ගේ කාම කටයුත්ත ඉටුවේය’යි කියති. එය අටුවාවෙහි ‘එය වනාහි නැතැයි’ ‘ප්‍රතික්‍ෂේප කරන ලදී. කයින් ස්පර්ශ නොකරන්නහුට ඵොට්ඨබ්බ කාම කටයුත්තක් සිදු නොවේ. කාමාවචර දෙව්ලෝ හයෙහි දෙවියන්ගේ කාමයෝ ප්‍රකෘති ස්වභාවයෙන්ම යුක්ත වෙති. 

එය -
ඡ එතෙ කාමාවචරා සබ්බකාම සමංගිනො
සබ්බසං එකසංඛාතං ආයු භවති කිත්තක’න්ති

සියලු කාමයන්ගෙන් යුක්ත වූ ඒ කාමාවචර දෙව්ලෝ හයක් ඇත. (ප්‍රකෘති ස්වභාවයෙන් යුක්තවීම් වශයෙන්) එක් ආකාර ලෙස කියන ලද දෙව්ලෝ සියල්ලේ ආයුෂ කොපමණ වේද, යනුවෙන් කියන ලදී.

ගාථාවන්හි යෙ චඤ්ඤෙ යනු කියන ලද ආකාර ඇති දෙවියන් සමග අනිකුත් කාමභෝගී යම් මිනිස්සු වෙත් ද අපායට එළඹි ඇතැමෙක් වෙත්ද ඒ සියල්ලෝම. ඉත්‍ථභාවඤ්ඤථාභාවං ලබන ලද මේ ආත්මභාවයද උත්පත්ති භවන්තර නම් වූ මෙයින් මතු අනික් ආත්ම භාවදැයි (මේ ආත්මයත් මතු ආත්මයත්) යන දෙආකාර සංසාරය. නාතිවත්තරෙ නො ඉක්මවත්. සබ්බෙ පරිච්චජෙ කාමෙ යනු දිව්‍ය ආදි ප්‍රභේද ඇති සියලු කාමයන් වන වස්තුකාමයන් ද ක්ලේශ කාමයන් ද දුරුකරන්නේය. ක්ලේශකාමයන් අනාගාමි මාර්ගයෙන් දුරුකරමින්ම වස්තුකාමයන් දුරු කරයි. පියරූප සාතරූපගධිතං යනු ප්‍රිය වූ රූපාදිය කෙරෙහි ඇතිවන සුඛ වේදනා ආස්වාදයෙන් ගිජු වූ. ඡෙත්‍වා සොතං දුරච්චයං අනිත් ශ්‍රෝත (සැඩ දියපහර) වලට වඩා ඉක්මවීමට අපහසු වූ තණ්හා සැඩපහර අර්හත් මාර්ගයෙන් සහමුලින් සිඳ. ඉතිරිය මුලින් කියන ලද ක්‍රමයෙන්මය."

"ඡට්ඨෙ කාමූපපත්තියොති කාමපටිලාභා කාමපටිසෙවනා වා. පච්චුපට්ඨිතකාමාති නිබද්ධකාමා නිබද්ධාරම්මණා යථා තං මනුස්සා. මනුස්සා හි නිබද්ධවත්ථුස්මිං වසං වත්තෙන්ති. යත්ථ පටිබද්ධචිත්තා හොන්ති, සතම්පි සහස්සම්පි දත්වා තමෙව මාතුගාමං ආනෙත්වා නිබද්ධභොගං භුඤ්ජන්ති. එකච්චෙ ච දෙවා. චාතුමහාරාජිකතො පට්ඨාය හි චතුදෙවලොකවාසිනො නිබද්ධවත්ථුස්මිංයෙව වසං වත්තෙන්ති. පඤ්චසිඛවත්ථු චෙත්ථ නිදස්සනං. තථා එකච්චෙ ආපායිකෙ නෙරයිකෙ ඨපෙත්වා සෙසඅපායසත්තාපි නිබද්ධවත්ථුස්මිංයෙව වසං වත්තෙන්ති. මච්ඡා හි අත්තනො මච්ඡියා, කච්ඡපො කච්ඡපියාති එවං සබ්බෙපි තිරච්ඡානා පෙතා විනිපාතිකා ¶ ච. තස්මා නෙරයිකෙ ඨපෙත්වා සෙසඅපායසත්තෙ උපාදාය යාව තුසිතකායා ඉමෙ සත්තා පච්චුපට්ඨිතකාමා නාම, නිම්මානරතිනොති සයං නිම්මිතෙ නිම්මානෙ රති එතෙසන්ති නිම්මානරතිනො. තෙ හි නීලපීතාදිවසෙන යාදිසං යාදිසං රූපං ඉච්ඡන්ති, තාදිසං තාදිසං නිම්මිනිත්වා රමන්ති ආයස්මතො අනුරුද්ධස්ස පුරතො මනාපකායිකා දෙවතා විය. පරනිම්මිතවසවත්තිනොති පරෙහි නිම්මිතෙ කාමෙ වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තිනො. තෙසඤ්හි මනං ඤත්වා පරෙ යථාරුචිතං කාමභොගං නිම්මිනන්ති, තෙ තත්ථ වසං වත්තෙන්ති. කථං තෙ පරස්ස මනං ජානන්තීති? පකතිසෙවනාවසෙන. යථා හි කුසලො සූදො රඤ්ඤො භුඤ්ජන්තස්ස යං යං රුච්චති, තං තං ජානාති, එවං පකතියා අභිරුචිතාරම්මණං ඤත්වා තාදිසෙයෙව නිම්මිනන්ති, තෙ තත්ථ වසං ¶ වත්තෙන්ති, මෙථුනසෙවනාදිවසෙන කාමෙ පරිභුඤ්ජන්ති. කෙචි පන “හසිතමත්තෙන ඔලොකිතමත්තෙන ආලිඞ්ගිතමත්තෙන හත්ථග්ගහණමත්තෙන ච තෙසං කාමකිච්චං ඉජ්ඣතී”ති වදන්ති, තං අට්ඨකථායං “එතං පන නත්ථී”ති පටික්ඛිත්තං. න හි කායෙන අඵුසන්තස්ස ඵොට්ඨබ්බං කාමකිච්චං සාධෙති. ඡන්නම්පි කාමාවචරදෙවානං කාමා පාකතිකා එව. 

වුත්තඤ්හෙතං –
“ඡ එතෙ කාමාවචරා, සබ්බකාමසමිද්ධිනො;
සබ්බෙසං එකසඞ්ඛාතං, ආයු භවති කිත්තක”න්ති. (විභ· 1023);

ගාථාසු ¶ යෙ චඤ්ඤෙති යෙ යථාවුත්තදෙවෙහි අඤ්ඤෙ ච කාමභොගිනො මනුස්සා චෙව එකච්චෙ අපායූපගා ච සබ්බෙ තෙ. ඉත්ථභාවඤ්ඤථාභාවන්ති ඉමං යථාපටිලද්ධත්තභාවඤ්චෙව, උපපත්තිභවන්තරසඞ්ඛාතං ඉතො අඤ්ඤථාභාවඤ්චාති ද්විප්පභෙදං සංසාරං නාතිවත්තරෙ න අතික්කමන්ති. සබ්බෙ පරිච්චජෙ කාමෙති දිබ්බාදිභෙදෙ සබ්බෙපි කාමෙ වත්ථුකාමෙ ච කිලෙසකාමෙ ච පරිච්චජෙය්‍ය. කිලෙසකාමෙ අනාගාමිමග්ගෙන පජහන්තොයෙව හි වත්ථුකාමෙ පරිච්චජති නාම. පියරූපසාතගධිතන්ති ¶ පියරූපෙසු රූපාදීසු සුඛවෙදනස්සාදෙන ගධිතං ගිද්ධං. ඡෙත්වා සොතං දුරච්චයන්ති අඤ්ඤෙහි දුරච්චයං දුරතික්කමං තණ්හාසොතං අරහත්තමග්ගෙන සමුච්ඡින්දිත්වා. සෙසං හෙට්ඨා වුත්තනයමෙවාති.


A / T. "වත්ථිසීසන්ති ¶ වත්ථිපුටස්ස අබ්භන්තරෙ මත්ථකපස්සං. “රාග…පෙ… අසක්කොන්තො”ති රාගපරියුට්ඨානං සන්ධාය වුත්තං. රාජා පන “සම්භවස්ස සකලකායො ඨාන”න්ති සුතපුබ්බත්තා වීමංසනත්ථං එවමකාසීති වදන්ති. දකසොතන්ති මුත්තමග්ගං, අඞ්ගජාතප්පදෙසන්ති වුත්තං හොති. දකසොතොරොහණතො පට්ඨාය පන උපාදින්නතො විනිමුත්තතාය සම්භවෙ උතුසමුට්ඨානමෙව රූපං අවසිස්සති, සෙසං තිසමුට්ඨානං නත්ථීති වෙදිතබ්බං. ආපොධාතුයා සන්තානවසෙන පවත්තමානාය අවත්ථාවිසෙසො සම්භවො, සො චතුසමුට්ඨානිකො අට්ඨකථායං චතුසමුට්ඨානිකෙසු සම්භවස්ස වුත්තත්තා. සො පන සොළසවස්සකාලෙ උප්පජ්ජති, තස්ස රාගවසෙන ඨානාචාවනං හොතීති වදන්ති, තස්මා යං වුත්තං කථාවත්ථුඅට්ඨකථායං “සුක්කවිස්සට්ඨි නාම රාගසමුට්ඨානා හොතී”ති, තං සම්භවස්ස ඨානාචාවනං සන්ධාය වුත්තන්ති වෙදිතබ්බං, න පන සම්භවො චිත්තසමුට්ඨානොයෙවාති දීපෙතුං, තෙනෙව තත්ථ විස්සට්ඨිග්ගහණං කතං. “ඛීණාසවානං පන බ්‍රහ්මානඤ්ච සම්භවො නත්ථී”ති ආචරියධම්මපාලත්ථෙරෙන වුත්තං, තස්මා යං වුත්තං කථාවත්ථුඅට්ඨකථායං (කථා• අට්ඨ• 307) “තාසං දෙවතානං සුක්කවිස්සට්ඨි නාම නත්ථී”ති, තම්පි ඨානාචාවනං සන්ධාය වුත්තන්ති ගහෙතබ්බං, න පන දෙවතානං සබ්බසො සම්භවස්ස අභාවං සන්ධාය. ඡන්නම්පි පන කාමාවචරදෙවතානං කාමා පාකතිකායෙව. මනුස්සා විය හි තෙ ද්වයංද්වයසමාපත්තිවසෙනෙව මෙථුනං පටිසෙවන්ති, කෙවලං පන නිස්සන්දාභාවො තෙසං වත්තබ්බො. තඞ්ඛණිකපරිළාහවූපසමාවහං සම්ඵස්සසුඛමෙව හි තෙසං කාමකිච්චං. කෙචි පන “චාතුමහාරාජිකතාවතිංසානංයෙව ද්වයංද්වයසමාපත්තියා කාමකිච්චං ඉජ්ඣති, යාමානං අඤ්ඤමඤ්ඤං ආලිඞ්ගනමත්තෙන, තුසිතානං හත්ථාමසනමත්තෙන, නිම්මානරතීනං හසිතමත්තෙන, පරනිම්මිතවසවත්තීනං ඔලොකිතමත්තෙන කාමකිච්චං ඉජ්ඣතී”ති වදන්ති, තං අට්ඨකථායං පටික්ඛිත්තං තාදිසස්ස කාමෙසු විරජ්ජනස්ස තෙසු අභාවතො කාමානඤ්ච උත්තරුත්තරි පණීතතරපණීතතමභාවතො."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll