254. සිත නැත්නම් ලෝකයක් නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සිත නැත්තං ලෝකයත්, විශ්වයත් නැත්ද?

A. කොන්ටම් භෞතික විද්‍යාව (Quantum Physics) අනුව ද ලෝකය/විශ්වය ඇතිවන්නේ සිතුවිලි මඟිනි. ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළින් බුදුදහමට ලැබෙන පිටුබලය අවතක්සේරු කළ නොහැක.

["Quantum physicists tell us that the entire Universe emerged from thought!"

"The amazing work and discoveries of the quantum physicists over the last eighty years has brought us to a greater understanding of the unfathomable power of the human mind to create. Their work parallels the words of the world's great minds, including Carnegie, Emerson, Shakespeare, Bacon, Krishnamurti, and The Buddha." 

"I'm not talking to you from the point of view of wishful thinking or imaginary craziness. I'm talking to you from a deeper, basic understanding. 

Quantum physics really begins to point to this discovery. It says that you can't have a Universe without mind entering into it, and that the mind is actually shaping the very thing that is being perceived - Dr. Fred Alan Wolf - Quantum Physicist, Lecturer, and Award-Winning Author."

Source: The Secret by Rhonda Byrne.]

# අභිධර්මයට අනුව ඇති සතර පරමාර්ථ ධර්මයන්ගෙන් සිත/සිත් හා චෛතසික (මේ දෙකෙන් එකක් නැති කල, අනෙක ද නැති වේ) නැති නම්, රූප හෝ නිවන ගැන අරමුණු කළ නොහැක / අරමුණු නොවේ; එමෙන් ම, සිත/සිත් (එම සිත ම/වෙනත් සිත්) ගැන, චෛතසිකයක්/චෛතසික පිළිබඳව අරමුණු ඇති නොවේ / සිතිය නොහැක. එබැවින්, ඉහත විද්‍යාත්මක ප්‍රකාශයන් බුදුදහමෙන් ද සනාථ කළ හැක.

# තවද, පහත සුප්‍රසිද්ධ බුද්ධ-භාෂිතයන් ද ඒ බව සනාථ කරන ඒවා ය:

1. "මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා ..." ගාථා(ව).

https://tipitaka.lk/kn-dhp-1/1-6/sinh

2. “කිමෙකින් ලෝ වැස්සා (අරමුණු දෙසට) පමුණුවනු ලැබේද? කිමෙකින් (ඒ මේ අතට) අදිනු ලැබේද? කවරනම් එකම දෙයක වසඟයට සියලු සත්ත්‍වයෝම ගියෝද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලෝවැසි තෙම සිතින් (අරමුණු දෙසට) පමුණුවනු ලැබේ. සිතින් (ඒ මේ අතට) අදනා ලැබේ. සියලු සත්හුම සිත නමැති එකම දෙයක වසඟයට ගියේය.”


‘‘කෙනස්සු නීයති ලොකො, කෙනස්සු පරිකස්සති;
කිස්සස්සු එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.

‘‘චිත්තෙන නීයති ලොකො, චිත්තෙන පරිකස්සති;
චිත්තස්ස එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.

# "මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමන මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කලණය. “වහන්ස, කවරක්හු විසින් ලෝකය ගෙණ යනු ලැබේ ද? කවරක්හු විසින් ලෝකය අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ දැ” යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.

මහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට (වසඟයට) යෙයි."


# "චිත‍්තෙන නීයති ලොකො චිත‍්තෙන පරිකස‍්සති,"
චිත‍්තස‍්ස එකධම‍්මස‍්ස සබ‍්බෙව වසමන‍්වගූති."
"සිතින් ලොව පමුණුවනු ලැබේ (/ගෙන යනු ලැබේ). සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහු ය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll