132. බුදුදහමට පහර දෙන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදුදහමට (නිර්නාමිකව හෝ) පහර ගහන පුද්ගලයන් / සිද්ධි පිළිබඳව අසන්නට ඇතත්, එවැනි එක් උදාහරණයක් පමණක් ලබා දිය හැකි ද?

A. (බොහෝ උදාහරණ ඇතත්,) පහත පුද්ගලයාගේ (කාලය - දැනුම - භාෂාව ආදිය සූක්ෂම යොදාගෙන කරන)  ප්‍රයත්නය බලන්න.

(උපුටා ගැනීමකි) "සියල්ල සාපේක්ෂයි👌
ඇයි නිවන විතරක් නිරපේක්ෂයි කියල කට්ටියක් කියන්නෙ.?
නිවන කියන්නෙ ස්වයං මෝහනයක් වගේ දෙයක් වෙන්ඩ බැයිද.?🤔
මෙහෙම අහපුවම නිවන ගැන කටපාඩං කරගත්තු කට්ටිය කියයි ඒකමෙහෙමයි අරහෙමයි ප්‍රත්‍යක්ෂයෙන් අවබෝද කරගන්ඩ ඕනෙ දෙයක් එහෙම කියල ඉතිං එහෙනං ඔයාල ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබොද කරගෙනද ඒක ගැන දන්නෙ නැත්තං පොතකිං කියවලාද නැත්තං නිවං අවබෝද කරගත්තයි කියන කෙනෙග්ගෙං කතා අහලද.?

නිවන එක එක්කෙනාට සාපේක්ෂ නැත්තං ඇයි නිවන් අවබෝද කරගත්තයි කියල සමාජයෙ ඉන්න එක එක්කෙනාගෙ බාහිර හැසිරීම් එකිනෙකාට අසමාන වෙන්නෙ.?🤔🤔🤔 *නිවන් දැක්කයි කියන දෙන්නෙක් ගත්තොත් අදහස් හැසිරීම් දෙන්නගෙ අහසයි පොලොවයි වගේ*😯😯

නිවන් අවබෝද කරගත්තම කලින් කාල තියන කෑමක් උනත් කලිංට වඩා රහයි වතුර උනත් සාමාන්‍ය මනුස්සයෙකුට වඩා රහට දැනෙනව කියල මං පේස්බුක් නිවන් ඔස්තාර් කෙනෙක් කියනව අහල තියනව.අනේ මන්ද මටනං ජොයින්ට් පාරක් ගහපුවමත් එහෙමයි😛🤣(දැං කියයි ඒක තාවකාලිකයි කියල)

නිවන් අවබෝද කරගන්ඩ නිස්චිත අනුපිලිවලක් තියනවනෙ(පිලිපදින ඕන දේවල් ටිකක්) හරි දැං ඔය ඔක්කොම කරනව දැං තමං හිතාගන කරන්නෙ මේව කරාම මං නිර්වානය අවබොද කරගන්නව කියල.එකපාරටම අම්මටසිරි මට නිවන් අවබෝද උනා🤗🤗.* දැං ඕක ස්වයං මෝහනයක් වෙන්ඩ බැයිද.????????.මනෝවිද්‍යාත්මකව එහෙම දෙයක් වෙන්ඩ බැයිද.?

දැං නිවං ඔස්තාර්ල කියනව ඒකලු තියන පරම සැපත අවබෝද කරගත්තම කිසිම දුකක්වත් සැපක්වත් නැල්ලු අපි මේ ජීවත්වෙන්නෙ දුකකලු.අපි ජීවත් වෙන්නෙ බොරුවකලු සංස්කෘතිකයි එකගයි ඈ මේ ජීවිතේ පට්ට දුකක් අපිට පේන දකින ඇහෙන හිතෙන හැමදේම බොරුවක් මං ඒක පෞද්ගලිකව පිලිගන්නවා😍
කිසිම දේකට දුකක්වත් සතුටක්වත් හිතෙන්නැති වෙන්ඩ මොලේ පුහුනුකරගන්ඩ පුලුවන් කියල මාත් හිතනව හැබැයි ඒකට නිවන කියන්නෑ මං

දැං ඔච්චරටම ඔයාලට ඒක ෂුවර්නං මේ සියල්ලට වඩා ඒක හොදයිනං ඇයි මේ හැමදේම අතෑරල පව්ල ලමයි අතෑරල ගිහින් මහනවෙලාහරි කැලේකට ගිහින් හරි ඒක අවබෝද කරගන්නැත්තෙ.? එක්කො ඔයාටත් ඒක හරියටම ෂුවර් නැද්ද.?(නිවන් අවබෝද කරගන්ඩ පව්ල් අතාරින්ඩම ඔඉන්නෑ මහනවෙන්ඩම ඕන්නෑ කියයි දැං)
මං මේක දැම්මෙ කිසිම ආගමකට අපහාස කරන්ඩ නෙමෙයි(එහෙම උනත් මට ප්‍රෂ්නෙකුත් නෑ)සමහරවිට මං වැරදි ඇති මගෙ මේ වෙනකොට තියන දැනුමෙ හැටියටයි මෙහෙම හිතෙන්නෙ.මට වඩා මේව ගැන ගොඩාක් දේවල් දන්න කට්ටිය ඇති පුලුවන්නං මටත් කියල දෙන්න. මං කියපු දේවල් සීයට සීයක් මමවත් පිලිගන්නෑ ඇත්තටම.අපි දන්නැති දේවල් ගොඩාක් මේ විෂ්වයේ තියෙන්න පුලුවන්😍😍😍❤️" (උපුටා ගැනීම අවසන්.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll