“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
A.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCiHLsjgfyi45ceo8p5Y-oYqBhxtRkPverJ295GZSq-3PWpNI7tBts3OoL0SC3MmYEY2f8Sam8vrTEYeDYyAJGiJC02hqnmlizwTxtPH7Y5cpjdqOUf3VKmd3q2icWE2YkqGPUceYlCWKt/s16000/NB.jpg)
A. “නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන,
බුද්ධෙන සෙට්ඨො සදිසො වා විජ්ජති;
යමාහුනෙය්‍යානමග්ගතං ගතො,
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසින”න්ති. –
මේ ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ බුදුරදුන් හා සමාන ශ්‍රේෂ්ඨයෙක් නොවෙයි. යමෙක් ආහුනෙය්‍ය වේද ඔවුන් අතරෙන් අග්‍ර බවට ගියේය. පින් කැමැත්ත වුවන්ට මහත් ඵලයක් වෙයි."
A. “නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
“මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය. ...”