247. නිෂ්පන්න / අනිෂ්පන්න කියන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි ! මට පහදා දෙන්න පුළුවන් ද නිෂ්පන්න/අනිෂ්පන්න කියන්නේ ඇයි කියලා... (මූලාශ්‍ර යොමුවක් ඇත්නම් වඩාත් හොඳයි)

A. # නිෂ්පන්න - අනිෂ්පන්න යන වචන දෙක විවිධ අර්ථයෙන් යෙදෙන බව පෙනේ. නිෂ්පන්න හෝ අනිෂ්පන්න ලෙස (වෙනත් ඕනෑම අවශ්‍ය වචනයක්) යොදා, මෙහි දී 👉 https://tipitaka.lk/ 👈 සොයා බලන්න.

# (අටවිසි) රූප (28) සම්බන්ධයෙන් කතා කරන විට දී නම්:

නිෂ්පන්න = කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් ඍජුව ම උපදවනු ලබන (මහාභූතයන්ගේ පටන් ආහාර රූපය දක්වා ඇති රූප 18).

අනිෂ්පන්න = කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් උපදවනු නොලබන (ඉතිරි රූප 10).

S. # "නිප්ඵන්නන්ති එත්ථ චත්තාරො මහාභූතා චක්ඛුසොතඝානජිව්හාකායරූපසද්දගන්ධරසඉත්ථිපුරිසජීවිතින්ද්‍රියකබළීකාරාහාරහදයවත්ථූති අට්ඨාරස රූපානි නිප්ඵන්නානි නාම. සෙසානි දස අනිප්ඵන්නානි නාම."


# "නිප්ඵන්නානි නාමාති “රූපස්ස පරිච්ඡෙදො, රූපස්ස විකාරො, රූපස්ස ලක්ඛණ”න්තිආදිනා පරිච්ඡෙදාදිභාවං අතික්කමිත්වා අත්තනො කක්ඛළත්තාදිනා සභාවෙන පරිච්ඡිජ්ජ ගහෙතබ්බත්තා, අපරියායෙනෙව කම්මාදිපච්චයෙහි නිප්ඵන්නත්තා වා නිප්ඵන්නානි නාම. තබ්බිපරීතතො අනිප්ඵන්නා."


# "චතස්සො ධාතුයො, චක්ඛාදීනි තෙරස, කබළීකාරාහාරො චාති අට්ඨාරසවිධං රූපං පරිච්ඡෙදවිකාරලක්ඛණභාවං අතික්කමිත්වා සභාවෙනෙව පරිග්ගහෙතබ්බතො නිප්ඵන්නං, සෙසං තබ්බිපරීතතාය අනිප්ඵන්නං."


# "ධාතු සතරද, චක්‍ඛූ ආදීවූ (හදය වත්‍ථුරූපය තෙක්) තෙළසද කබලිංකාරාහාරයදැ’යි යන අටළොස් වැදෑරුම් රූපය පිරිසිඳීම්, වෙනස්වීම් ලක්‍ෂණ කොට ඇති බව ඉක්මවා ස්වභාව වශයෙන්ම ගතයුතු වන හෙයින්නිෂ්පන්න’ නම්වේ, ඉතිරි දසය එයට වෙනස්වන හෙයින් ‘අනිෂ්පන්න’ නම්වේ."


# "අනිෂ්පන්න රූප යන්නෙහි තේරුම කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් නූපදවනු ලබන රූපයෝය යනුයි. කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් කෙලින් ම උපදවනු ලබන්නෝ මහාභූතයන් ගේ පටන් ආහාර රූපය දක්වා ඇති අටළොස් රූපයෝ ය. ආකාශධාත්වාදි රූපයෝ දශ දෙන මහාභූතාදීන් නිසා උපදනා රූපයෝ ය."


# "පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා කියවුණු මේ රූප අටළොස කෙළින් ම කර්මාදි ප්‍ර‍ත්‍යයන් විසින් උපදවන රූපයෝ ය. එබැවින් ඒවාට නිෂ්පන්න රූපය යි කියනු ලැබේ. තව ද ඒවාට ස්වභාව රූප - ස්වලක්ෂණ රූප-රූප රූප යන නම් ද කියනු ලැබේ."


# "පරිච්ඡේද රූපයය, විකාර රූප පසය, ලක්ෂණ රූප සතරය යන මේ රූප දශය කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් කෙළින් ම හට ගන්නා රූප නොවන බැවින් ඒවාට අනිෂ්පන්න රූපය යි කියනු ලැබේ."


# "සතර මහාභූතයන් ගේ පටන් ආහාර රූපය දක්වා කියන ලද මේ රූපයෝ අටළොස් දෙන කර්කශත්වාදි තම තමන්ගේ ලක්ෂණයෙන් ම සිද්ධ බැවින් ස්වභාව රූපයෝ නම් වෙති. උත්පාදාදි වූ ද අනිත්‍යාදි වූ ද සංස්කෘත ලක්ෂණයෙන් යුක්ත බැවින් ලක්ෂණ රූපයෝ නම් වෙති. තම තමන් උපදවන කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් ම උපදවනු ලබන බැවින් නිෂ්පන්න රූප නම් වෙති. නිෂ්පර්‍ය්‍යායයෙන් ම රුප්පන ලක්ෂණයෙන් යුක්ත වන බැවින් රූපාරූප නම් වෙති. යෝගාවචරයන් හට අනිත්‍යාදි වශයෙන් සම්මර්ශනයට යෝග්‍ය බැවින් සම්මර්ශන රූප නම් වෙති. මේ නම් පස අතුරෙනුදු වඩා ව්‍යවහාර වන නාමය නිෂ්පන්න රූප යන නාමය ය."


T. "නිප්පන්න. පු නිපන්, උපන්."

"අනිපඵන්න. ති නූපන්, නිෂ්ඵන්න නොවූ."

"නිප්ඵන්න BUE (pp. of nipphajjati) was produced; sprung forth; resulted; happened.
නිප්ඵන්න BUS 3 සමෘද්ධ වූ; සිද්ධ වූ; හටගත්.
නිප්ඵන්න PTS (adj.) [pp. of nippajjati] accomplished, perfected, trained S i.215 (˚sobhin, spelt nippanna) J iv.39 (˚sippa master of the art, M.A.); DhA iii.285 (sasse); DhsA 316; in phil. determined, conditioned Kvu xi.7; xxiii.5; Vism 450; Pts. of Controversy, 395 Cp. abhi˚, pari˚. See also Cpd. 156, 157.
නිප්ඵන්නො VRI Arisen, produced; formed, effected, accomplished; springing from, made."

"අනිප්ඵන්න ති
න+නිප්ඵන්න
අනිප්ඵන්න CR a-nipphanna, mfn., (in gramm.) not derived; Sadd 586,5* (dhātucintāya ye muttā ~ā ti te matā)."


# "1. රූප විසි අට

පඨවි ධාතුව - ආපෝ ධාතුව - තේජෝ ධාතුව - වායෝ ධාතුව යන භූතරූප සතර ය, චක්ෂුඃ ප්‍ර‍සාදය - ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය - ඝ්‍රාණ ප්‍ර‍සාදය - ජිහ්වා ප්‍ර‍සාදය - කාය ප්‍ර‍සාදය යන ප්‍ර‍සාදරූප පස ය, රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්ප්‍ර‍ෂ්ටව්‍යය යන ගෝචරරූප පසය, ස්ත්‍රී භාව රූපය - පුරුෂ භාව රූපය යන භාව රූප දෙකය, හෘදය රූපය ය, ජීවිත රූපය ය, ආහාර රූපය ය කියා නිෂ්පන්න රූප අටළොසකි.

ආකාශ ධාතුව ය, කාය විඤ්ඤත්තිය - වචී විඤ්ඤත්තිය - ලහුතාව - මුදුතාව - කම්මඤ්ඤතාව යන විකාර රූප පසය, උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන ලක්ෂණ රූප සතරය කියා අනිෂ්පන්න රූප දශයෙකි.

නිෂ්පන්න රූප අටළොසය, අනිෂ්පන්න රූප දසය ය යි රූප විසි අටෙකි.

(මේ රූප විසි අට කට පාඩම් කර ගන්න.)

ස්ප්‍ර‍ෂ්ටව්‍යය කියා අමුතු රූපයක් නැත්තේ ය. ගෝචර රූප කියන තැන ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන නමින් කියැවෙන්නේ පඨවි - තේජෝ - වායෝ යන භූත රූප තුන ය. එබැවින් නිෂ්පන්න රූප අටළොස ගණන් ගැනීමේදී ස්ප්‍ර‍ෂ්ටව්‍යය අත් හැර ගණන් ගත යුතු ය. එසේ නො කළ හොත් නිෂ්පන්න රූප දහනවයකට ගැනෙනවා ඇත.

රූපවලින් ප්‍ර‍ධාන වන්නේ භූත රූප සතර ය. ඉතිරි රූප විසි හතර භූත රූප නිසා ඇති වන ඒවා ය. එබැවින් ඒවාට උපාදාය රූප නාමය කියනු ලැබේ. භූතරූප සතරය, උපාදාය රූප විසි හතරය කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ."


# "... මේ අටළොස් රූපයෝ ස්වභාව රූප, සලක්‍ෂණ රූප, නිෂ්පන්න රූප, රූප සම්මර්ශන රූප නම් ද වෙත්. ..."


#"නිප්ඵන්නරූපං පනෙත්ථ රූපරූපං නාමආකාසධාතු පරිච්ඡෙදරූපං නාමකායවිඤ්ඤත්තිආදි කම්මඤ්ඤතාපරියන්තං විකාරරූපං නාමජාතිජරාභඞ්ගං ලක්ඛණරූපං නාමාති එවං රූපරූපාදිචතුක්කවසෙන චතුබ්බිධං.


#"නිප්ඵන්නරූපං පනෙත්ථ රූපරූපං නාමාති යදෙත්ථ අට්ඨවීසතිවිධෙ රූපෙ “නිප්ඵන්නන්ති වුත්තං රූපංතදෙව රූපලක්ඛණයොගතො රූපංරුප්පනං රූපංතං එතස්ස අත්ථීති යථා අරිසසොතිරූපගුණයොගතො වා යථා නීලගුණයොගතො නීලං වත්ථන්තිස්වායං රූපසද්දො රුළ්හියා අතංසභාවෙපි පවත්තතීති අපරෙන රූපසද්දෙන විසෙසෙත්වා වුත්තං රූපරූපන්ති යථා තිලතෙලංදුක්ඛදුක්ඛන්ති (විසුද්ධි· 2.539) රුප්පනසභාවං රූපන්ති අත්ථොයදි එවංආකාසධාතුආදීනං කථං රූපභාවොතිනිප්ඵන්නරූපස්ස පරිච්ඡෙදවිකාරලක්ඛණභාවතො තග්ගතිකමෙවාති “රූපන්ත්වෙව වුච්චති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll