Q. භවාංග කතාවේ එන "හීන ඥානවිප්‍රයුක්ත - උත්කෘෂ්ට ඥානවිප්‍රයුක්ත කුශලයෙ වෙනස කුමක්ද? (ඥානවිප්‍රයුක්ත බවෙහි, එය ඥානයෙන් තොර බැවින් කෙසේ නම් හීන - උත්කෘෂ්ට බවක් පැනේ ද?)
A. ද්විහේතුක කුසලයක් කිරීමට පළමුව හා පසුව ද්විහේතුක කුසල සිත් ම පහළ වූ විට එය "ද්විහේතුක උත්කෘෂ්ට (උසස්)" ය.
ද්විහේතුක කුසලයක් කොට 'මම කළේ වැඩකට නැති දෙයක්' වැනි සිතුවිලි සිතීමෙන් හෝ, තමා හුවා/රුවා දැක්වීමට හෝ අනෙකා පහත් කොට දැක්වීමට ද්විහේතුක කුසලයක් කිරීම හෝ, නීවරණ මඟින් කිලිටි වීමෙන් ඒ කුසලය "ද්විහේතුක ඕමක (පහත්/හීන)" වේ.
S. "ද්විහේතුක නම් ඥාන විප්‍රයුක්ත සතරය. එ ද පූර්වාපර ද්විහේතුකයන්ගෙන්ම පිරිවරන ලද ද්විහේතුක උත්කෘෂ්ට ය. ද්විහේතුක ප්‍රතිසන්ධි නම් ඥාන විප්‍රයුක්ත විපාක සතර ය. ....
ද්විහේතුකය ඔමක වන්නේ එබඳු කුශල කර්මයක් කොට “මම නිශ්ඵලයක් කෙළෙමි.” යනාදීන් විපිළිසර වීමෙන් ය. නීවරණයන්ගෙන් හෝ අත්තුක්කංසනාදියෙන් හෝ කිලිටි වීමෙන් ද ද්විහේතුකය ඔමක වේ. ඊට දෙන ප්‍රතිසන්ධිය අහේතුක මැ යි."