A. 1. “මුලින් ම” හටගන්න “මුලක්” තියෙන්න ඕනි - එහෙම “මුලක්” නැතිබව ඉස්සරලා ම තේරෙන්න ඕනි.
2. “අවිද්‍යාව” කියන්නේ චෛතසිකයක් (සිතේ ගතියක්), සිත නැතුව චෛතසික පහළ වෙන්නෙත් නෑ - චෛතසික නැතුව සිත පහළ වෙන්නෙත් නෑ - දෙවනුවට ඒක තේරෙන්න ඕනි.
3. සිත-චෛතසික කියන්නේ මුලක්-අගක් නැති, විශ්වයේ සදාකාලික වූ ද, සත්ත්ව-පුද්ගල-ආත්ම නොවන’මුත් (“*රූප*” හා ද එක්ව) සත්ත්වයන්-පුද්ගලයන් නිර්මාණය කරන බලවේග (පරමාර්ථ) යි - තෙවනුවට ඒක තේරෙන්න ඕනි.
“*රූප*” යනු ද භෞතික රූප නොව, බලවේග (පරමාර්ථ) ම කොටසකි.
A. “මේ ආසව වාරය තෙම පටිච්ච සමුප්පාදයෙහි ප්‍රධාන වූ අවිජ්ජාවක් වන්නීද ඒ අවිජ්ජාවගේද ප්‍රත්‍යය දැක්වීම් වශයෙන් වදාරණ ලද්දේය. මෙසේ වදාල මේ වාරය හේතුකොට සංසාරයාගේ නොදත හැකි අග්‍රය ඇතිබැව්, පැහැදිලි වූවා වෙයි. කෙසේද යත්, ආසව සමුදයෙන්ම අවිජ්ජා සමුදය වෙයි. මෙසේ ආසවයෝ අවිජ්ජාවට ද අවිජ්ජාව ආසවයන්ට ද ප්‍රත්‍යය වේයයි දක්වා අවිද්‍යාවන්ගේ පූර්වකෝටිය නොපැනෙයි. එම පූර්වකෝටිය නොපෙනෙන බව නිසා සංසාරයාගේ නොදතහැකි අග්‍ර ඇති බව සිද්ධවූවා වෙයි.”
“ආසවවාරෙ ¶ අවිජ්ජාසමුදයාති එත්ථ අවිජ්ජා කාමාසවභවාසවානං සහජාතාදිවසෙන පච්චයො හොති. අවිජ්ජාසවස්ස උපනිස්සයවසෙනෙව. අපරාපරුප්පන්නා චෙත්ථ අවිජ්ජා අවිජ්ජාසවොති වෙදිතබ්බා. පුබ්බුප්පන්නා අවිජ්ජායෙවස්ස අපරාපරුප්පන්නස්ස අවිජ්ජාසවස්ස උපනිස්සයපච්චයො හොති. සෙසං වුත්තනයමෙවාති. අයං වාරො යා එසා පටිච්චසමුප්පාදපදෙසු ජෙට්ඨිකා අවිජ්ජා, තස්සාපි පච්චයදස්සනවසෙන වුත්තො. එවං වුත්තෙන වාරෙන සංසාරස්ස අනමතග්ගතා සාධිතා හොති. කථං? ආසවසමුදයෙන හි අවිජ්ජාසමුදයො. අවිජ්ජාසමුදයෙනාපි ආසවසමුදයො. එවං ආසවා අවිජ්ජාය අවිජ්ජාපි ආසවානං පච්චයොති කත්වා පුබ්බකොටි න පඤ්ඤායති අවිජ්ජාය, තස්සා අපඤ්ඤායනතො සංසාරස්ස අනමතග්ගතා සිද්ධා හොතීති.”
A. "අවිද්‍යාවගේ ද භවතෘෂ්ණාවගේ ද පූර්‍වාන්තය නො පැනෙයි. එහි අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාසංයෝජන ඇති සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පැනෙයි, එහි යම් සත්‍වකෙනෙක් තෘෂ්ණසංයෝජන ඇත්තාහු ද ඔහු ගැලීසිටීම බහුල කොට ඇත්තාහු මද වූ විදර්‍ශනා ඇත්තාහු යැ. යළි උත්සන්න වූ දෘෂ්ටි ඇති යම් සත්‍වකෙනෙක් ඇද්ද ඔහු විදර්‍ශනා බහුල කොට ඇත්තාහු අල්ප වූ ගැලීසිටීම ඇත්තාහු වෙත්."
"පුබ්බා ¶ ¶ කොටි න පඤ්ඤායති අවිජ්ජාය ච භවතණ්හාය ච. තත්ථ අවිජ්ජානීවරණානං තණ්හාසංයොජනානං සත්තානං පුබ්බකොටි න පඤ්ඤායති. තත්ථ යෙ සත්තා තණ්හාසංයොජනා, තෙ අජ්ඣොසානබහුලා මන්දවිපස්සකා. යෙ පන උස්සන්නදිට්ඨිකා සත්තා, තෙ විපස්සනාබහුලා මන්දජ්ඣොසානා."