234. සිප-වැළඳ ගැනීමත් කාමමිථ්‍යාචාරය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ධර්මයට අනුව අවිවාහක යුවලක් පෙම්වතුන් ලෙස සිටියදී, (ලිංගිකව එක් නොවී) සිප ගැනීම, වැලද ගැනීම, අත්වැල් පටලවාගෙන සිටීම ආදියේ යෙදිමෙදි කාම මිත්‍යාචාරයක් සිදු වන්නේද? එයින් පාපයක් සිදු වී කර්මපථයක් සකස් වන්නේද?

A. කෙටියෙන් ම-කෙලින් ම සඳහන් කරන්නෙ නම්:

කාමමිථ්‍යාචාරයක් (නමැති කර්ම පථය) සිදු නොවේ.
කර්ම පථයක් සිදු නොවුණ ද අකුසල කර්ම (පවක්/පව්) සිදු වේ.

# ලිංගිකව එක්වීම ලෙස ධර්මයේ දී ගණන් ගනු ලබන්නේ පහත ඕනෑම කාරණයක් ය.

1. මුඛ සංසර්ගය.
2. යෝනි සංසර්ගය.
3. ගුද සංසර්ගය.

# කාමමිථ්‍යාචාරය (කර්ම පථය) ද බොහෝ ව්‍යතිරේක (අතුරු කරුණු-කාරණා) ඇති කර්ම පථයකි.

වැඩිදුර කියවන්න: https://dhamma.lk.ingreesi.com/2020/06/769.html


# සෑම කර්මයක් ම කර්ම පථයක් ලෙසින් ද ක්‍රියාත්මක විය හැකි බව පෙනේ. 

වැඩිදුර කියවන්න: https://dhamma.lk.ingreesi.com/2019/08/505.html


# රාගය (ප්‍රේමය / ආදරය / ... ආදිය) ද අධාර්මික අර්ථයෙන් ගැනේ.

වැඩිදුර කියවන්න: https://dhamma.lk.ingreesi.com/2019/10/546.html




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll