Q. ශිලයේ වටිනාකම කාලයට අනුව වැඩිවෙන්නක්ද, පුද්ගලයෙක් කාමරයක තනිව සිටින විට ආරක්ෂා වේන ශිලයයි සමාජය සමඟ ගැටිමේදි ආරක්ෂා කරගන්න ශිලයයි අතර වෙනසක් තිබේද?
A. “ගිහි පැවිදි සැම දෙනා ගේ ම ශීලය චාරිත්‍ර ශීල වාරිත්‍ර ශීල වශයෙන් දෙ වැදෑරුම් වේ. ඒ ඒ තත්වයේ සැටියට නො කළ යුතු ක්‍රියාවලින් වැළකීම වාරිත්‍ර ශීලය ය. කළ යුතු දෑ කිරීම චාරිත්‍ර ශීලය ය. එයින් වාරිත්‍ර ශීලය ප්‍රධාන ය. එහි ප්‍රතිපත්ති ක්‍රමය මෙසේ දත යුතුය.”
A. “ශීලය ඉබේ ම රැකෙන, ඉහත කී ගුණයන් නැත්තා වූ තැනැත්තා හට සිල් රැකීම මහ දුකෙකි. ඔහුට ශීල සමාදානය සිර ගෙයකට හසු වීමක් වැනිය. ඔහු විසින් දුකින් රක්‍ෂා කරන ශීලය දුබල ය. දුකින් සිල් රකින්නා වූ එබඳු පුද්ගලයන් ගේ ශීලය අස්ථිර ය. බිඳෙන සුලු ය. දුසිල් බවට ප්‍රතිපක්ෂ වූ ඉහත කී මෛත්‍රී කරුණාදී ගුණ ඇතිකර ගත් තැනැත්තාට සිල් රැකීමට අපහසුවක් නැත. සිල් රැකීම ඔහුට සුවයෙකි. ශීලය බිඳීම ම ඔහුට දුකෙකි. ඔහුගේ ශීලය ස්ථිරය. ඉබේ ම ඔහුගෙන් සිල් රැකෙන්නේ ය. උසස් ශීලය වනුයේ එබඳු පුද්ගලයාගේ ශීලය ය. ප්‍රාණඝාතාදිය කිරීමේ කැමැත්ත ඇති ව සිට, ශීලය නමැති වැටෙන් නො පැන යා හැකි බව නිසා, දුසිරිතෙන් වළක්නා තැනැත්තාගේ ශීලය හීනය.”
වාරිත්‍ර ශීලය - https://pitaka.lk/books/paramitha-prakaranaya/6-2.html
A. “පෙර මහබෝසතුන් විසින් කළ, සාමාන්‍ය ජනයා විසින් කළ නොහෙන, පරම දුෂ්කර ක්‍රියා ඇසූ කල්හි, මහ බෝසතුන්ගේ උදාර චරිත කථා ඇසූ කල්හි, කාහට මේවා කළ හැකිදැයි සිතා බෝධිසම්භාර පිරීමට බිය නො වී, පසු නො බැස, "මම ද ඒ මහෝත්තමයන් ගේ අඩි පාරේ යමි ය, අන්‍යයන් ට යමක් කළ හැකි නම් මට ද ඒ දේ කළ හැකිය’යි සිතා, මම ද පෙර බෝසතුන් අනුව සිල් පුරා ඔවුන් සේ ම සම්බෝධියට පැමිණෙන්නෙමි"යි ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන වීර්‍ය්‍ය නොහැර ශීල පාරමිතාව පිරිය යුතු ය.
කොතෙක් සිල් රැකියත්, කොතෙක් යහපත් ක්‍රියා කළත්, කොතෙක් දුෂ්කර ක්‍රියා කළත් ඒවා ලොවට කියා පාන්නකු නො විය යුතුය. තමන්ගේ ගුණ නො හෙළිකර අපරාධ නො සඟවන කෙනෙකු විය යුතු ය. ලෝභය දුරු කළා වූ, ලද දෙයින් සතුටු වන්නා වූ, විවේකය භජනය කරන්නා වූ ජනයා හා අමිශ්‍රව වාසය කරන්නා වූ, දුක් ඉවසන්නා වූ, ඒ ඒ දෙයට ආශා නො කරන්නා වූ, අවික්ෂිප්ත වූ, නිහතමානී වූ, අචපල වූ, අවාචාල වූ, පමණට කථා කරන්නා වූ, සන්සුන් ඉඳුරන් ඇත්තා වූ, සන්සුන් සිත් ඇත්තා වූ, කුහකාදි මිථ්‍යාජීවයෙන් වෙන් වූ, ආචාර ගෝචර සම්පන්න වූ, ස්වල්ප වරදට ද බිය වන්නා වූ, සිකපදය මනා කොට රක්නා වූ, වීර්‍ය්‍ය ඇත්තා වූ, සම්බෝධියට හා නිවනට යවන ලද සිත් ඇතතා වූ, ශරීරය ගැන හා ජීවිතය ගැන අපේක්ෂාවක් නැත්තා වූ, සිකපද බිඳ කය හා ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අදහසක් ඇති වුව හොත් එය වහා දුරු කරන්නා වූ කෙනකු විය යුතුය.
අල්පමාත්‍ර විශේෂාධිගමයකින් සතුටු නො විය යුතුය. මතු මත්තෙහි ලැබිය යුතු ධ්‍යානාදී ගුණ විශේෂයක් ලැබීම සඳහා වැඩ කිරීමෙහි නො හැකිළෙන්නා වූ, නො පසුබස්නා වූ බලවත් වීර්යයෙන් යුක්ත විය යුතු ය.”
චාරිත්‍ර ශීලය - https://pitaka.lk/books/paramitha-prakaranaya/6-3.html