1. අභිධර්මානුකූලව පැහැදිලි කර දිය හැකිද?
2. සරල උදාහරණයක් ඇසුරින් පැහැදිලි කර දිය හැකිද? (e.g. අබෞද්ධ යෝගී න් "මම දෙවියන් හා ඒකාත්ම වන්නෙ මි" සිතා සමාධි ගත වි ධ්‍යාන උපදවයි etc.?)
3. සම්මා සමාධි යනු විදර්ශනා සමාධි පමණ ද? සමථ සමාධි ද අයත් වේද?
4. සම්මා සමාධි වල දි පංච නීවරණ ධර්ම යටපත් විය යුතු යි. මිච්ඡා සමාධි වල දි අවම වශයෙන් යටපත් වන ධර්ම මොනවද? (e.g. විචිකිච්චා ව හෙවත් බුද්ධා දී ගැන සැකය මිච්ඡා සමාධි වලදී අවශ්‍ය නැහැ?)
හැකිනම් මුලාශ්‍ර ද දක්වන්න. තෙරුවන් සරණයි!
A. 1. කුසල් සිත්හි යෙදෙන ඒකග්ගතා චෛතසිකය සම්මා සමාධිය යි. අකුසල් සිත්හි යෙදෙන ඒකග්ගතා චෛතසිකය මිච්ඡා සමාධිය යි. (පහත ව්‍යතිරේක ඇත.)
"සමාධි යනු ද ඒකග්ගතාවට නමෙකි. මහද්ගත ලෝකෝත්තර චිත්තයන්හි සමාධිය බලවත් ය. කාමාවචර සමාධිය දුබල ය. උද්ධච්ච සහගත සිතේ සමාධිය වඩාත් දුර්වල ය."
"අරමුණුවල අනේකාකාර ඇති බැවින් ඒකග්ගතාව නැති ව සිතකට අරමුණක් නො ගත හැකිය. එබැවින් ඒකග්ගතාව සෑම සිතකට ම වුවමනා ය. “සමාධිය” යනු ද ඒකග්ගතා චෛතසිකයට කියන තවත් නමෙකි. බොහෝ සෙයින් ඒ නම ව්‍යවහාර වන්නේ දියුණු වූ ඒකග්ගතාවට ය."
"අයං වුච්චති හික්ඛවෙ සම්මා සමාධි - මෙය පූර්වභාගයෙහි ලෞකිකය. අපරභාගයෙහි ලෝකෝත්තර සම්මා සමාධිය යයි කියනු ලැබේ."
"මහණෙනි, සම්මාසමාධිය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍ක විචාර සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්වීතිය ධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතිය ද වැළකීමෙන් උපේක්‍ෂා ද ඇති ව වෙසේ. සිහි ද ඇතිව මනාදැනුමුත් ඇතිව කයින් සුවත් විඳී, උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පෙර ම සොම්නස්දොම්නසුන්ගේ පහ ව යෑමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සම්මාසමාධි යි කියනු ලැබේ යි."
"සම්මා සමාධිය තෙම මිච්ඡා සමාධිය ද (සම්මා සමාධියට) විරුද්ධ කෙලෙස් ද දුරුකෙරෙයි. නිවන ද අරමුණු කෙරෙයි. සම්ප්‍රයුක්ත ධර්මයන්ද මොනවට පිහිටුවයි. එහෙයින් සම්මා සමාධියයි කියනු ලැබේ."
"කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ."
"කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ."
"කවරෙක් එසමයෙහි මිථ්‍යාසමාධි වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාසමාධි වේ."
"කවරක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධිබල වේ."
"කවරක් එසමයෙහි ශමථ වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි ශමථ වේ."
"කවරෙක් එසමයෙහි අවික්‍ෂෙප වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි අවික්‍ෂෙප වේ."
"අකුශල චිත්තසම්ප්‍රයුක්ත වූ ඒකාග්‍රතාව මිච්ඡා සමාධිය ය. එය සියලු අකුශල චිත්තයන්හි ඇත්තේ ය."
"මිච්ඡා සමාධි යනු විචිකිච්ඡා සහගත සිත හැර ඉතිරි අකුශල චිත්තයන්හි ඒකග්ගතා චෛතසිකය ය. විචිකිච්ඡා සහගත සිත්හි ඒකග්ගතාව ඉන්ද්‍රිය - බල භාවයට ද නො පැමිණෙන බව මතක තබා ගත යුතු ය."
"මහණෙනි, මිථ්‍යාස්වභාවය ද සම්‍යක්ස්වභාවය ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මිථ්‍යා ස්වභාවය කවරේ ද යත්: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජිව මිච්ඡාවායාම මිච්ඡාසති මිච්ඡාසමාධි යි. මහණෙනි, මිථ්‍යාස්වභාව යයි කියනු ලැබේ.
මහණෙනි සම්‍යක්ස්වභාවය කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ස්වභාව ය යි කියනු ලැබේ."
"මහණෙනි, අකුසල්දහම් ද කුසල් දහම් ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අකුසල් දහම්හු කවරහුද යත්. එනම් මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මොහු අකුසල්දහම්හු යි කියනු ලැබෙත්.
මහණෙනි, කුසල්දහම් කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මොහු කුසල්දහම්හු යයි කියනු ලැබෙත් යි."
2. එහි දී වැඩි දියුණු වූ අකුසල් හෝ කුසල් සිත්හි යෙදෙන ඒකග්ගතා චෛතසිකය ඇතුළත් ධ්‍යාන ලැබේ.
"සමාධි සතර ද ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ. ලෞකික සමාධිය ද ඇතැමෙක් බ්‍රහ්මලෝකයෙහි ඉපදීම ආදි කරුණු පිණිස ද වඩති. එසේ වැඩූ ලෞකික සමාධිය වෘත්තනිඃශ්‍රිත බැවින් බෝධිපාක්ෂික සම්මාසමාධියට අයත් නොවේ."
"ධ්‍යානාඞ්ග: විතක්කය - විචාරය - පීතිය - ඒකග්ගතාවය - සෝමනස්සය - දෝමනස්සය - උපෙක්ඛාවය කියා ධ්‍යානාඞ්ග සතෙකි.
සිත අරමුණට යොමු වන්නේ, අරමුණ කරා යන්නේ, අරමුණෙහි ගමන් කරන්නේ ධ්‍යානාඞ්ගයන්ගේ බලයෙනි. ධ්‍යානාඞ්ග වුවමනා නැත්තේ පඤ්චවිඤ්ඤාණයන්ට පමණෙකි. ඒ සිත්වලට ධ්‍යානාඞ්ග වුවමනා නැත්තේ ප්‍රසාදයෙහි ගැටී ඇති අරමුණ ගනිමින් එහි ම උපදින නිසා ය. ද්විපඤ්ච විඥානය හැර සියලු ම, සිත්වල ධ්‍යානාඞ්ග ලැබෙන්නේ ය. සෝමනස්ස - දෝමනස්ස - උපෙක්ඛා යන මේ තුනෙන් ම ගැනෙන්නේ එක ම වේදනා චෛතසිකය ය. එබැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ විතක්කය - විචාරය - පීතිය - ඒකග්ගතාවය - වේදනාවය කියා ධ්‍යානාඞ්ග පසෙකි. දෝමනස්සය අකුසල ධ්‍යානාඞ්ගයෙකි. අනික්වා කුශලාකුශල දෙපක්ෂයට ම සාධාරණ ය."
"මාර්ගාඞ්ග: සම්මාදිට්ඨි සම්මාසංකල්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවායාම මිච්ඡාසමාධි කියා මාර්ගාඞ්ග දොළොසෙකි.
මෙහි සම්මා දිට්ඨි යනු ප්‍රඥා චෛතසිකය ය. සම්මා සඞ්කප්ප යනු විතර්ක චෛතසිකය ය. සම්මා වාචාදි තුන විරති චෛතසිකයෝ ය. සම්මා වායාම යනු වීර්‍ය්‍ය චෛතසිකය ය. සම්මා සති යනු සති චෛතසිකය ය. සම්මා සමාධි යනු ඒකග්ගතා චෛතසිකය ය. මිච්ඡාදිට්ඨි යනු අකුශල දිට්ඨි චෛතසිකය ය. මිච්ඡාසංකප්ප යනු අකුශල චිත්තයන්හි යෙදෙන විතර්ක චෛතසිකය ය. මිච්ඡා වායාම යනු අකුසල් සිත්වල යෙදෙන වීර්‍ය්‍ය චෛතසිකය ය. මිච්ඡා සමාධි යනු විචිකිච්ඡා සහගත සිත හැර ඉතිරි අකුශල චිත්තයන්හි ඒකග්ගතා චෛතසිකය ය. විචිකිච්ඡා සහගත සිත්හි ඒකග්ගතාව ඉන්ද්‍රිය - බල භාවයට ද නො පැමිණෙන බව මතක තබා ගත යුතු ය.
මෙහි විතක්ක - විරිය - ඒකග්ගතා යන චෛතසික තුන දෙතැන දෙතැන යෙදී ඇති බැවින් ධර්ම වශයෙන් ලැබෙන්නේ මාර්ගාඞ්ග නවයෙකි. ප්‍රඥා - විතර්ක - සම්මා වාචා - සම්මාකම්මන්ත - සම්මා ආජීව - වීර්‍ය්‍ය - සති - ඒකග්ගතා - දිට්ඨි යනු මාර්ගාඞ්ග වන චෛතසික නවය ය.
සම්මා දිට්ඨි ආදි මේ ධර්මයෝ සමූහ සමූහ වී සිත දුර්ගතියට අභිමුඛ කොට අකුශල විෂයයෙහි ද, සුගතියට හා නිවනට අභිමුඛ කොට කුශල ක්‍රියා විෂයයෙහි ද ගමන් කරවති. දුර්ගති සුගති නිර්වාණයන්ට පමුණුවන මාර්ගයන්ගේ අඞ්ග වීමෙන් සම්මා දිට්ඨි ආදිය මාර්ගාඞ්ග නම් වෙති. මෙහි මාර්ග යයි කියනුයේ උපායට ය."
3. දෙක ම අයත් වේ.
"සම්මා සමාධිය වනාහි මාර්ගක්‍ෂණයෙහි ද ප්‍රථමධ්‍යානාදී වශයෙන් නොයෙක් ආකාර වෙයි."
"එහි සමථ යැ විද්‍යා යැ සති යැ හිරි යැ අහංකාරප්‍රහාණ යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ ප්‍රඥා යැ සමාපත්ති යැ සෞමනස්‍ය යැ යන මේ ධර්‍මයෝ එක් දිසායෙකි.
විදර්‍ශනා යැ චරණ යැ සම්ප්‍රජන්‍ය යැ ඔත්තප්ප යැ මමංකාරප්‍රහාණ යැ යෝනිසෝමනසිකාර යැ සම්‍යක්සමාධි යැ නිබ්බිදා යැ සද්ධර්‍මශ්‍රවණ යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යන මේ දෙවැනි දිසාව යැ. මෙසේ කුශලපක්‍ෂයෙහි ද අකුශලපක්‍ෂයෙහිද නන්‍දියාවට්ටනයයාගේ සතර දිසාවෝ වෙත්."
"එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂප්යෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි ශමථ වේ."
"ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට උත්සාහ කරන්නෝ ද ශමථයානික විදර්ශනායානික වශයෙන් දෙකොටසකි. එයින් ශමථයානිකයන් ධ්‍යාන වඩන්නේ ලෝකෝත්තර මාර්ගයට උපකාර පිණිස ය. එබැවින් ඒ ශමථයානිකයන් ගේ ලෞකික සමාධි සතර, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධියට අයත් වේ. මග්ග විභංග සූත්‍රයෙහි පරිකර්‍ම සමාධි, උපචාර සමාධි යන කාමාවචර සමාධි දෙක නො ගන්නා ලද්දේ උසස් සමාධිය පමණක් දැක්වීම් වශයෙනි. ශමථයානිකයන්ගේ හා විදර්ශනායානිකයන්ගේ පරිකර්-මෝපචාර කාමාවචර සමාධි දෙක ද සම්‍යක්සමාධි මාර්ගය ම ය. ඒ සමාධිය ලෞකික අව්සථාවේ කසිණාදි නානාරම්මණයන්හි පවතිමින් වැඩී ලෝකෝත්තර මාර්ග චිත්තය පහළවීමේ දී නිවන අරමුණු කරමින් අන්‍ය මාර්ගාංගයන් හා එක් ව උපදනේ ය."
"ඒ සතිය දියුණු තියුණු වූ කල්හි ක්ෂණයක් ක්ෂණයක් පාසා නොයෙක් අරමුණුවල විසිර යමින් පැවති සිත එක ම අරමුණෙක්හි පිහිටු වන සමාධිය පහළ වී එන්නේ ය. මේ සමාධිය වනාහි සිහියගේ ආනුභාවයෙන් හටගන්නා වූ “විපස්සනා ඛණික සමාධිය” මැ යි. මේ සමාධිය වැඩිදියුණු වූ කල්හි රූපක්‍රියා සියල්ල ප්‍රකටව වැටහී එන්නේ ය."
["මෙහිදී විපස්සනා ඛණික සමාධිය ම උපචාර සමාධි ය යි කියන ලදී. කුමක් නිසාද යත්? නීවරණ කෙලෙස් ධ්‍යානයට පුරෝගාමී වන බැවිනු ත් මාර්ග ඵල අර්පනාවන්ගේ උපචාර අවස්ථායෙහි පවත්නා බැවිනු ත් ය."
කුමක් හෙයින් ද යත්? කෙස්, ලොම් ආදී වශයෙන් මෙනෙහි කරන කල්හි සිත එකඟවන-සමාධිය ඇති විය හැකිය. සමාධිය වනාහි උපචාර සමාධි-අර්පනා සමාධි වශයෙන් දෙවැදෑරුම් වේ. එහි උපචාර සමාධිය නම් ධ්‍යාන සිත ඇතිවීමට පෙර පෘථග්ජනයාට හෝ සෙඛ පුද්ගලයාට නම් ඥාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත්හි යෙදෙන ඛණික චිත්තෙකග්ගතා චෛතසික ය යි. අර්පනා සමාධිය නම්, ප්‍රථමාධ්‍යානය හා සම්ප්‍රයුක්ත වන ඒකග්ගතා චෛතසික ය යි.
4. මිච්ඡා සමාධිවල දි සම්මා අංග යටපත් වන අතර,
ගැලපෙන පරිදි මෙහි විරුද්ධාර්ථ සලකා ඇත > "සම්මා සමාධිය තෙම මිච්ඡා සමාධිය ද (සම්මා සමාධියට) විරුද්ධ කෙලෙස් ද දුරුකෙරෙයි. නිවන ද අරමුණු කෙරෙයි. (මෙතැන හැර) සම්ප්‍රයුක්ත ධර්මයන්ද මොනවට පිහිටුවයි. එහෙයින් සම්මා සමාධියයි කියනු ලැබේ."
වැඩිදුර තේරුම් ගැනීමට හා සංසංදනයට,
"චෛතසික සම්ප්‍රයෝගය" හා
"චෛතසික සංග්‍රහය" උගත යුතුය.
"ප්‍රාණඝාත කර්මයෙහි විතක්ක - විචාර - දෝමනස්ස - ඒකග්ගතා යන චතුරඞ්ගික ධ්‍යානය ද, මිච්ඡාසඞ්කප්ප - මිච්ඡාවායාම - මිච්ඡාසමාධි යන අඞ්ග තුනෙන් යුක්ත වන මාර්ගය ද ලැබේ. මෙසේ සකල කුශලාකුශලයන් විෂයයෙහි ධ්‍යාන හා මාර්ග ලැබෙන සැටි ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් අනුව තේරුම් ගත යුතු ය."
{‘සමාධි’ යනු ඒකත්තතා යැ. එහි සමාධි කවරෙ යැ: අකුශලචිත්තෛකාග්‍රතා සංඛ්‍යාත සරණසමාධි ය කුශලාව්‍යාකෘත වූ (ලෝකොත්තර වූ) අරණසමාධි යැ ප්‍රතිඝචිත්තයෙහි එකාග්‍රතා සංඛ්‍යාත සවෙරසමාධි යැ මෙත්තාචෙතොවිමුත්ති සංඛ්‍යාත අවෙර සමාධි යැ සප්‍රතිඝ වූ සව්‍යාපජ්ඣසමාධි යැ අප්‍රතිඝ වූ අබ්‍යාපජ්ඣ සමාධි යැ සප්‍රීතික සමාධි යැ නිෂ්ප්‍රීතිකසමාධි යැ ලෞකික වූ සාමිසසමාධි යැ ලෝකොත්තර වූ නිරාමිස සමාධි යැ දන්ධාහිඥ වූ සසංඛාරසමාධි යැ ක්ෂිප්‍රාහිඥ වූ අසංඛාරසමාධි යැ ශුෂ්කවිදර්ශකයාගේ ඒකංසභාවිත සමාධි යැ ශමථයානිකයාගේ උහයංසභාවිත සමාධි යැ (කායසක්ඛී පුද්ගලයාගේ ද උභතෝභාගවිමුත්තයාගේ ද) උභතෝභාවීතභාවන සමාධි යැ සවිතර්ක සවිචාර සමාධි යැ අවිතර්කවිචාරමාත්‍ර වූ සමාධි යැ අවිතර්කඅවිචාර සමාධි යැ (අප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානාදි) හානභාගිය සමාධි යැ (තදනුධම්මතා සතිය පිහිටීම් වශයෙන්) ඨීතිභාගිය සමාධි යැ විශේෂාධිගමය පිණිස පවත්නා විශේෂභාගිය සමාධි යැ නිබ්බෙධභාගිය සමාධි යැ ලෞකික සමාධි යැ ලෝකෝත්තර සමාධි යැ මිථ්‍යාසමාධි යැ සම්‍යක්සමාධි යැ යන මේ සමාධි නම් වේ. මේ සමාධිහුගේ වේමත්තතා යි."
{T. "අට්ඨ මිච්ඡත්තාති මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි. “හිතසුඛාවහා මෙ භවිස්සන්තී”ති එවං ආසීසිතාපි තථාඅභාවතො අසුභාදීසුයෙව සුභන්තිආදිවිපරීතප්පවත්තිතො ච මිච්ඡාසභාවාති මිච්ඡත්තා. මිච්ඡා පස්සති, මිච්ඡා වා එතාය පස්සන්තීති මිච්ඡාදිට්ඨි. අථ වා විපරීතා දිට්ඨීති මිච්ඡාදිට්ඨි, අයාථාවදිට්ඨීති වා මිච්ඡාදිට්ඨි, විරජ්ඣිත්වා ගහණතො වා විතථා දිට්ඨීති මිච්ඡාදිට්ඨි, අනත්තාවහත්තා පණ්ඩිතෙහි කුච්ඡිතා දිට්ඨීති වාමිච්ඡාදිට්ඨි. මිච්ඡාසඞ්කප්පාදීසුපි එසෙව නයො. මිච්ඡාදිට්ඨීති සස්සතුච්ඡෙදාභිනිවෙසො. මිච්ඡාසඞ්කප්පොති කාමවිතක්කාදිතිවිධො විතක්කො. මිච්ඡාවාචාති මුසාවාදාදිචතුබ්බිධා චෙතනා. මිච්ඡාකම්මන්තොති පාණාතිපාතාදිතිවිධා චෙතනා. මිච්ඡාආජීවොති මිච්ඡාජීවපයොගසමුට්ඨාපිකා චෙතනා. මිච්ඡාවායාමොති අකුසලචිත්තසම්පයුත්තං වීරියං. මිච්ඡාසතීති සතිපටිපක්ඛභූතො අකුසලචිත්තුප්පාදො. මිච්ඡාසමාධීති අකුසලසමාධි."
"අයාථාවසමාධානතො මිච්ඡාසමාධීති එවමිධ අත්ථො දට්ඨබ්බො."
"සම්මාදිට්ඨිආදීසු ¶ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො, පග්ගහනට්ඨෙන සම්මාවායාමො, උපට්ඨානට්ඨෙන සම්මාසති, අවික්ඛෙපනට්ඨෙන සම්මාසමාධීති වෙදිතබ්බො. වචනත්ථතො පන සම්මා පස්සති, සම්මා වා තාය පස්සන්තීති සම්මාදිට්ඨි. සම්මා සඞ්කප්පෙති, සම්මා වා තෙන සඞ්කප්පෙන්තීති සම්මාසඞ්කප්පො. සම්මා වායාමෙති, සම්මා වා තෙන වායමන්තීති සම්මාවායාමො. සම්මා සරති, සම්මා වා තාය සරන්තීති සම්මාසති. සම්මා සමාධියති, සම්මා වා තෙන සමාධියන්තීති සම්මාසමාධි. අපිච, පසත්ථා සුන්දරා වා දිට්ඨි සම්මාදිට්ඨීති. ඉමිනාපි නයෙන තෙසං වචනත්ථො වෙදිතබ්බො. ලක්ඛණාදීනි පන හෙට්ඨා වුත්තානෙව."