[Watch in 4K — Recommended Resolution.]


180. නිමල නිර්මල බුදුදහම තෝරා බේරා ගන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මේ කාලේ හරියට දහම හොයාගන යන අය මුලාවේ වට්ටන  ආරාම, අසපු, ආශ්‍රම, ආරණ්‍ය බොහොමයි ...
මිනිස්සු කොහොමද හරි දහමින් මේ මිත්‍යා දෘෂ්ටීන් පිටු දකින්නේ...? සම්බුද්ධ ශාසනයේ ඵල ප්‍රයෝජන ගන්න මිනිසුන් සම්මා දිට්ඨිය වෙත යොමු කරවන්න මේ පිලිබඳ යම් පැහැදිලි කිරීමක් කරනවා නම් ලොකු දෙයක්... අඩුම වශයෙන් අපි අහන බණක් වත් මිත්‍යා දෘෂ්ටික බණක්ද කියලා නොවැටහෙන කොට දැනෙන දෙගිඩියාව හරිම වෙහෙසකාරී මිනිස්සුන්ට...

A. 1. ගතින් (පොතින්) බණ දෙසූ හොඳ ම හිමි නම රේරුකානේ නාහිමියන් බැවින් උන්වහන්සේගේ පොත් සියල්ලම කියවන්න.

2. මුවින් බණ දෙසූ හොඳ ම හිමි නම නාඋයනේ නාහිමියන් බැවින් උන්වහන්සේගේ බණ සියල්ල ම ශ්‍රවණය කරන්න.



T. {අටුවා - ටීකා - ත්‍රිපිටකයට / අටුවා - ටීකා ද ඇතුළුව, ත්‍රිපිටක පොත් වහන්සේලාට අමතරව බව හෝ ගැනීම ද වටී.



Q. බොහෝම පින්. මුල ඉදන් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික කියවනව මං. යම්කිසි අනුපිලිවෙලක් ඔබ අනුමත කරනවද? මං තාම බෞද්ධයාගේ අත්පොතේ.

A. බොහොම හොඳයි. බෞද්ධයාගේ අත්පොතෙන් පටන්ගත් එකත් ගොඩක් හොඳයි. ඊළඟට “අභිධර්මයේ මූලික කරුණු” යෝජනා කරනවා. මං කැමති පිළිවෙළට නොවේ, ඔබ ආස ම පිළිවෙළට කියවන්න කියලත් යෝජනා කරනවා. එක එක්කෙනාට පිළිවෙළ වෙනස් වෙන්න පුළුවන්.

කොහොමහරි අවසානෙදි (“විනය” පොත් නැතත්, අනිත් “සාමාන්‍ය”, “අභිධර්ම”, “භාවනා”) පොත් සියල්ල ම කියවන්න; මැරෙන තුරාවට නැවත නැවත කියවන්න. කියවන කරුණු මතක තබාගෙන, ඒ අනුව හැසිරෙන්න, ඒ කරුණු නිතර-නිතර මෙනෙහි/සිහි කරන්න!

[පොත් වර්ගීකරණය මෙතනින් ද හඳුනාගත හැක - https://ogatharana.org/]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll