49. එකම කාරණය විවිධ වචනවලින් දේශනා කරන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ගරු ස්වාමින්වහන්සේලාගෙන්ද ගිහි පින්වතුන්ගෙන්ද අවසරයි.ත්‍රිපිටකය තුළ සදහන් යම් යම් සූත්‍ර දේශනා අධ්‍යනය කිරීමේදී එකම කරුණු විවිධ තේමාවන් යටතේ සූත්‍ර කීපයක සදහන් වනු දුටුවා.එසේ සටහන් කිරීමට හේතුව කුමක්දැයි දැනගනු කැමැත්තෙමි. තෙරුවන් සරණයි.

(මේ link එකේ සදහන් වන්නේ එලෙස සදහන් වන සූත්‍ර කීපයකි.)

A / T. “එක ම කාරණය අන් වචන වලින් ද සමහර තැනක දී පැවසීම තථාගතයන් වහන්සේගේ සිරිතකි. එසේ කරනුයේ ඒ ඒ වචන වලින් දේශනය කළ කල්හි කාරණය තේරුම් ගන්නා පුද්ගලයන්ගේ වශයෙනි. මෙය ද එබඳු තැනකි.”


“දේශනා ක්‍ර‍මයන්හි පරතෙරට පැමිණියා වූ තථාගතයන් වහන්සේ එක ම අර්ථය සිය ගණන් දහස් ගණන් ක්‍ර‍මවලින් දේශනා කිරීමෙහි පොහොසත් වූ සේක. යම්කිසි කරුණක් ගැන එක් ආකාරයකින් කරන්නා වූ දේශනාවක් අසා ඒ කාරණය හැම දෙනාට ම අවබෝධ නොවන බැවින් තථාගතයන් වහන්සේ ඒ ඒ තැනැත්තන්ට අවබෝධ වන ක්‍ර‍ම බල බලා එක ම කාරණය නොයෙක් තැන්වල දී නොයෙක් සත්ත්වයන් හට නොයෙක් ක්‍ර‍මවලින් දෙසූ සේක.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll