Q. බුද්ධ ශාසනය නැති කාලවල විදර්ශනා භාවනා නැතිද?
A. “කසිණ භාවනා ආනාපාන භාවනා මෛත්රී භාවනාදි සමථ භාවනා අබුද්ධෝත්පාද කාලවල ද ඇත්තේ ය. විපස්සනා භාවනාව වනාහි බුදුසසුනකින් මිස අන් තැනකින් ලැබිය නො හෙන කෙළින් ම මඟපලවලට හා නිවනට පමුණුවන භාවනාව ය. එබැවින් බුද්ධශාසනයෙන් ලබා ගත යුතු උසස් දෙය ලබා ගනු කැමති පින්වතුන් මේ විපස්සනා භාවනා ක්රමය උගෙන එහි යෙදිය යුතු ය.”