242. රාගය සංකල්පයක් පමණක් (සංකප්ප රාගෝ) ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q.  සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එක මූලාශ්‍ර ඇසුරින් පෙන්වා දිය හැකි ද?

A. "... වැලිත් මොහු (රූප/ශබ්ද/...) කාමයෝ නො වෙති. මොහු ආර්‍ය්‍යයන්ගේ විනයෙහි කාමගුණ නම්හයි කියනු ලැබෙත්.

66. ලොවුහි පුරුෂයක් හට සඞ්කල්ප විසින් උපන් රාගය, කාම වෙයි. යම්බඳු විසිතුරු ආලම්බනයෝ වෙත් නම්, තුලුහු කාම නො වෙත්. පුරුෂයාගේ සඞ්කල්පරාගය ම කාම වෙයි. ලොව්හි විසිතුරු වස්තූහු එලෙසින් ම සිටුනාහ. වැලිත් එ අරමුණු කෙරේ උපන් ඡන්‍දරාගය ධීරයෝ විනයනය කරත්.


... අපිච ඛො භික‍්ඛවෙ නෙතෙ කාමා, කාමගුණා නාමෙතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.

66. සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො
නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ,
සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො
තිට‍්ඨන‍්ති චිත්‍රානි තථෙව ලොකෙ,
අථෙත්‍ථ ධීරා විනයන‍්ති ඡන්‍දන‍්ති."

# ‘කාමා’ යනු විස්තර විසින් ...


# "කාමගුණා යනු කැමති වියයුතු යන අරුතින් කාමයෝයි බැඳීම් අරුතින් ගුණයෝයි, අන්තගුණං යනාදියෙහි මෙනි, චක්ඛුවිඤ්ඤෙය්‍යා යනු චක්ෂුර්විඥානයෙන් දැකිය යුතු යි, ඉට්ඨා යනු බලාපොරොත්තු දේ වේවා හෝ නොවේවා ඉටු අරමුණු බවට පත්වූ යන අරුත්ය. කන්තා යනු කමනීයවූයි, මනාපා යනු සිත්වඩනාවූයි, පියරූපා යනු ප්‍රියස්වභාවය ඇතිවූයි, කාමුපසංහිතා යනු අරමුණ කොට උපදිනු ලබන කැමැත්තෙන් එළවන ලද්දාවූයි, රජනීයා යනු රාගය ඉපදීමට හේතුවූයි, නෙතෙ කාමා යනු මොවුහු කැමතිවීම් අර්‍ත්‍ථයෙන් කාමයෝ නම් නොවෙත්, සංකප්පරාගො යනු සංකල්ප වශයෙන් උපන් රාගයයි, කාමො යනු මෙය කාමය දුරුකිරීම සඳහා පිළිපන් දේවලින් දුරුකළ යුතුය, කැමතිවීමේ අරුතින් කාම නමි, චිත්‍රානි යනු විසිතුරු විසිතුරු වූ අරමුණුයි."


"කාමගුණාති කාමයිතබ‍්බට‍්ඨෙන කාමා, බන්‍ධනට‍්ඨෙන ගුණා “අන‍්තගුණ”න‍්තිආදීසු විය. චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යාති චක‍්ඛුවිඤ‍්ඤාණෙන පස‍්සිතබ‍්බා. ඉට‍්ඨාති පරියිට‍්ඨා වා හොන‍්තු මා වා, ඉට‍්ඨාරම‍්මණභූතාති අත්‍ථො. කන‍්තාති කමනීයා. මනාපාති මනවඩ‍්ඪනකා. පියරූපාති පියජාතිකා. කාමූපසඤ‍්හිතාති ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජමානෙන කාමෙන උපසඤ‍්හිතා. රජනීයාති රාගුප‍්පත‍්තිකාරණභූතා. නෙතෙ කාමාති න එතෙ කමනට‍්ඨෙන කාමා නාම හොන‍්ති. සඞ‍්කප‍්පරාගොති සඞ‍්කප‍්පවසෙන උප‍්පන‍්නරාගො. කාමොති අයං කාමප‍්පහානාය පටිපන‍්නෙහි පහාතබ‍්බො. කමනට‍්ඨෙන කාමා නාම. චිත්‍රානීති චිත්‍රවිචිත්‍රාරම‍්මණානි."

# පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි යම් චිත්‍රාලම්බනයෝ ඇද්ද, ඔහු කාම නො වෙති. පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි ඒ චිත්‍රාලම්බනයෝ එ සැටි මැ සිටිති. වැළි මෙහිලා ධීරයෝ ඡන්‍දය හැර පියති” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.


A/T. # ‘ලොව විසිතුරු දේ කැමැත්ත නොවේ යැයි ද කැමැත්ත යනු සංකල්පවලට ඇති රාගය යැයිද කියහ. මේ සංකල්ප අයහපත් සිතිවිලිය. ඒ පැවිද්දෝ ද කම්සැප විඳින්නෝ වෙති.’

එවිට තෙරණුවෝ පිරිවැජියාගේ වාදයෙහි වැරදි දකිමින් සංකල්පවලට ඇති මිනිසාගේ ඇල්ම, කැමැත්ත හෙවත් කාමය යයි නො කියහිද? ඒ විසිතුරු විසිතුරු අරමුණු කාමය යැයි කියහි’දැයි ඇසූහ. ‘පැවිද්දාණනි, එසේය’ - එහිදී තෙරුන් වහන්සේ ද (පසුර පිරිවැජියා) තෙවරක්ම (එම අදහසෙහි) ගිවිස්වාගෙන, ‘ඇවැත්නි, පිරිවැජියාගේ වාදයෙහි වැරැද්ද බලව’යි ගිවිස්වාගෙන, ‘ඇවැත්නි, පිරිවැජියාගේ වාදයෙහි වැරැද්ද බලව’යි වාදපැන තීරකයන් අමතා, ‘ඇවැත්නි පවුර, ඔබගේ (සසුනෙහි) මගපෙන්වන නායකයෙකු ඇත්දැ’යි ඇසූහ. ‘එසේය, පැවිද්දාණනි, ඇත’, ‘ඔහු ඇසින් හඳුනාගෙන රූප අරමුණු දකී ද?’ හඬ ආදී අරමුණු ඇසුරු කරයි ද?’ ‘එසේය, පැවිද්දාණනි, ඇසුරු කරයි.’, ‘එසේනම්, ඔහුගේ නායකකම, මඟපෙන්වීම කොයින්ද? ඔහුද ගෙයක වසන, කම්සුව විඳින්නකු නොවේදැ’යි විමසා ඊට පසු මෙසේ ද කීහ -

‘ලෝකයෙහි විසිතුරු දේ කාමය යැයි ද සංකල්පවලට ඇති රාගය කාමය නොවේ යැයිද කියහ. මනරම් රූප දකිමින්, මනරම් නාද අසමින්, මනරම් සුවඳ විඳිමින්, මනරම් රස විඳිමින්, මනරම් පහස ලබමින් ඔබගේ නායකයා ද කම්සුව විඳින්නෙක් වන්නේය.’


“තෙ වෙ කාමා යානි චිත්‍රානි ලොකෙ,
සඞ‍්කප‍්පරාගං න වදෙසි කාමං; ..."

# "(ලෝකයේ යම් විචිත්‍ර වූ (රූපාදි දේ) ඇත්ද ඒවා කාමයෝ ය; සංකල්පිත රාගය කාමය යි නො කියන්නෙහි ය. මනොරමණීය වූ රූප දක්නා ඔබගේ ශාස්තෘවරයා ද කාම භෝගියෙක් වන්නේ ය.


# "කාමෙහි යන මේ පදයෙන් “කතමෙ වත්‍ථුකාමා මනාපියා රූපා”[3] වස්තුකාම කවරේද මන වඩන රූප” යනාදීන් නිර්‍දෙශ පාළියෙහි දැක්වුණු වස්තුකාම ද

“ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො ඉමෙ වුච්චන්ති කාමා”[4] යනාදීන් නිර්‍දෙශයෙහි හා විභඞ්ගයෙහි දැක්වුණු ක්ලේශකාම ද යන සියල්ල සඞ්ග්‍ර‍හ වන බව දත යුතු. “ඡන්‍දය කාමය රාගය කාමය, ඡන්‍දරාගය කාමය, සඞ්කල්පය කාමය, රාගය කාමය, සඞ්කල්ප රාගය කාමය, මොහු කාමයෝ යි කියනු ලැබෙත් යනු පාළියෙහි අර්‍ථ යි. (ප්‍රාර්‍ථනාකාරයෙන් ප්‍ර‍වෘත්ත වූ දුර්‍වල ලෝභය ඡන්‍දනාර්‍ථයෙන් ඡන්‍ද නම් වූයේ කැමති වන අර්‍ථයෛන් කාම නම් ව්. සෙස්සෙහි දු මෙමෙ නය යි එයට වඩා බලවත් ලොභය රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. එයට වඩා බලවත් බහුල රාගය ඡන්‍දාරාග නම් වේ. නිමිත්තානුඛයඤ්ජනයන්ගේ සඞ්කල්පයට හේතු වූ ලෝභය සඞ්කල්පරාග නමි. එය වඩා බලවත් වූයේ රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. සඞ්කල්ප වශයෙන් ප්‍ර‍වෘත්ත වෙසෙසින් බලවත් වූ ලෝභය සඞ්කල්පරාග නම් වේ යනු පැරකුම්බා සන්න ය.)

["පත්ථනාකාරෙන පවත්තො දුබ්බලො ලොභො ඡන්දනට්ඨෙන ඡන්දො, තතො බලවා රඤ්ජනට්ඨෙන රාගො, තතොපි බලවතරො බහලරාගො ඡන්දරාගො. නිමිත්තානුබ්‍යඤ්ජනානි සඞ්කප්පෙති එතෙනාති සඞ්කප්පො, තථාපවත්තො ලොභො, තතො බලවා රඤ්ජනට්ඨෙන රාගො, සඞ්කප්පනවසෙනෙව පවත්තො තතොපි බලවතරො සඞ්කප්පරාගොති. ස්වායං ¶ පභෙදො එකස්සෙව ලොභස්ස පවත්තිආකාරවසෙන, අවත්ථාභෙදවසෙන ච වෙදිතබ්බො යථා “වච්ඡො දම්මො බලීබද්දො”ති. ඉමෙ කිලෙසකාමා. කාමෙන්තීති කාමා, කාමෙන්ති එතෙහීති වා."

මෙසේ ගත් කල්හි “විවිච්චෙව කාමෙහි” යන්නෙන් “වස්තුකාමයෙන් වේන වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් කාය විවේකය කියවේ. “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන්නෙන් “ක්ලේශ කාමයෙන් හා සියලු අකුශලයෙන් වෙන් වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් චිත්ත විවේකය කියවේ. පළමු දැක්වුණු වස්තුකාම විවේක වචනයෙන් කාම සුඛ හැරැපීම ද, දෙවුන දැක්වුණු ක්ලේශ කාම විවේක වචනයෙන් ධ්‍යාන සුඛ ලැබැ ගැන්මද ප්‍ර‍කාශ විණි.

මෙසේ වස්තු කාම - ක්ලේශ කාම විවේකය කියවෙන හෙයින් ම මේ දෙපද අතුරෙන් පළමු වැන්නෙන් තෘෂ්ණාදි සංක්ලේශොත්පත්තියට හේතු වූ වස්තු දුරු කිරීම ද, දෙවැන්නෙන් ඒ සංක්ලේශ දුරු කිරීමද, එසේ ම පළමු වැන්නෙන් ලෝල භාව හේතු දුරු කිරීම ද, දෙවැන්නෙන් බාල භාව දුරු කිරීම ද, පළමුවැන්නෙන් කාම ගුණාධිගමයට හේතු වූ ප්‍රාණඝාතාදිය අශුද්ධ ප්‍රයෝග වන බැවින් එයින් වෙන්වීම් සංඛ්‍යාත ප්‍රයෝග ශුද්ධිය ද, දෙවැන්නෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනයෙන් හා විවපනිශ්‍ර‍ය ධ්‍යාන සංවර්‍ධනයෙන් වන ආශය පොෂණය ද, ප්‍ර‍කාශ කරන ලද්දේ යයි දත යුතු. “කාමෙහි” යි වදාළ කාම අතුරෙන් වස්තු කාම පක්‍ෂයෙහි ක්‍ර‍මය මෙසේ ය.

ක්ලේශකාම පක්‍ෂයෙහි ඡන්‍ද, රාග, කාමාසව, කාමරාග සංයොජන, රූපතෘෂ්ණා යනාදි නොයෙක් භේද ඇති කාමච්ඡන්‍දය කාමයයි කියන ලද්දේ ය. හේද අකුසලයෙහි සංග්‍ර‍හ වන නමුදු “තත්‍ථ කතමෙ කාමා ඡන්‍දො කාමො”[5] යනාදීන් විභඞ්ගයෙහි ධ්‍යානයට ප්‍ර‍තිපක්‍ෂ වන බැවින් අකුශල සාමාන්‍යයෙන් නො ගෙනැ වෙන් කොටැ ස්වරූපයෙන් දක්වන ලදි. ක්ලේශ කාම හෙයින් පූර්‍ව පදයෙහි හෝ අකුශල පර්‍ය්‍යාපන්ත බැවින් දෙවෙනි පදයෙහි හෝ වදාරන ලද්දේ යයි ද කිය යුතු. ඒ කාමය නොයෙක් භේද ඇති බැවින් “කාමස්මා”යි ඒක වචනයෙන් නො දක්වා “කාමෙහි”යි බහුවචනයෙන් දැක්වූහ. දිට්ඨි-මානාදි වූ සෙසු අකුසල ඇත ද, විභඞ්ගයෙහි “තත්‍ථ කතමෙ අකුසලා ධම්මා කාමච්ඡන්‍දො”[6] යනාදීන් නීවරණ ම අකුසල වශයෙන් දක්වන ලදී. ධ්‍යානාඞ්ගයන් තමන්ට විරුද්‍ධ වූවන්ට ප්‍ර‍තිපක්‍ෂ බව දැක්වීම් වශයෙනි."


# “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහී”ති තත්ථ කතමෙ කාමා? ඡන්දො කාමො, රාගො කාමො, ඡන්දරාගො කාමො, සඞ්කප්පො කාමො, රාගො කාමො, සඞ්කප්පරාගො කාමො – ඉමෙ වුච්චන්ති “කාමා”.

තත්ථ කතමෙ අකුසලා ධම්මා? කාමච්ඡන්දො, බ්‍යාපාදො, ථිනං, මිද්ධං, උද්ධච්චං, කුක්කුච්චං, විචිකිච්ඡා – ඉමෙ වුච්චන්ති “අකුසලා ධම්මා”. ඉති ¶ ඉමෙහි ච කාමෙහි ඉමෙහි ච අකුසලෙහි ධම්මෙහි විවිත්තො හොති. තෙන වුච්චති “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහී”ති."


# "නෙතෙ කාමාති න එතෙ කමනට්ඨෙන කාමා නාම හොන්ති. සඞ්කප්පරාගොති සඞ්කප්පවසෙන උප්පන්නරාගො. කාමොති අයං කාමප්පහානාය පටිපන්නෙහි පහාතබ්බො. කමනට්ඨෙන කාමා නාම. චිත්‍රානීති චිත්‍රවිචිත්‍රාරම්මණානි."


# "සඞ්කප්පරාගොති වා සුභාදිවසෙන සඞ්කප්පිතවුත්ථම්හි උප්පන්නරාගො. එවමෙත්ථ වත්ථුකාමං පටික්ඛිපිත්වා කිලෙසකාමො වුත්තො තස්සෙව වසෙන තෙසම්පි කාමභාවසිද්ධිතො, කිලෙසකාමස්සපි ඉට්ඨවෙදනා දිට්ඨාදිසම්පයොගභෙදෙන පවත්තිආකාරභෙදෙන ච අත්ථි විචිත්තකාති තතො විසෙසෙතුං “චිත්‍රවිචිත්‍රාරම්මණානී”ති ආහ, නානප්පකාරානි රූපාදිආරම්මණානීති අත්ථො."


# "නිද්දෙසෙති මහානිද්දෙසෙ (මහානි· 1, 7). තත්ථ හි “උද්දානතො ද්වෙ කාමා – වත්ථුකාමා කිලෙසකාමා චා”ති උද්දිසිත්වා “තත්ථ කතමෙ වත්ථුකාමා? මනාපියා රූපා…පෙ… මනාපියා ඵොට්ඨබ්බා”තිආදිනා වත්ථුකාමා නිද්දිට්ඨා. තෙ පන කාමීයන්තීති කාමාති වෙදිතබ්බා. තත්ථෙවාති නිද්දෙසෙ එව. විභඞ්ගෙති ඣානවිභඞ්ගෙ (විභ· 564). පත්ථනාකාරෙන පවත්තො දුබ්බලො ලොභො ඡන්දනට්ඨෙන ඡන්දො, තතො බලවා රඤ්ජනට්ඨෙන රාගො, තතොපි බලවතරො බහලරාගො ඡන්දරාගො. නිමිත්තානුබ්‍යඤ්ජනානි සඞ්කප්පෙති එතෙනාති සඞ්කප්පො, තථාපවත්තො ලොභො, තතො බලවා රඤ්ජනට්ඨෙන රාගො, සඞ්කප්පනවසෙනෙව පවත්තො තතොපි බලවතරො සඞ්කප්පරාගොති. ස්වායං ¶ පභෙදො එකස්සෙව ලොභස්ස පවත්තිආකාරවසෙන, අවත්ථාභෙදවසෙන ච වෙදිතබ්බො යථා “වච්ඡො දම්මො බලීබද්දො”ති. ඉමෙ කිලෙසකාමා. කාමෙන්තීති කාමා, කාමෙන්ති එතෙහීති වා."


# "චිත්‍රානීති කිලෙසකාමාපි වෙදනාදිට්ඨිසම්පයොගභෙදෙන හොන්ති, ආකාරභෙදෙන ච අත්ථි සවිඝාතාවිඝාතාති තතො විසෙසෙතුං “ආරම්මණචිත්තානී”ති වුත්තං. සඞ්කප්පිතරාගොති සුභාදිවසෙන සඞ්කප්පිතවත්ථුම්හි රාගො. කිලෙසකාමො කාමොති වුත්තො තස්සෙවිධ විසෙසතො කාමභාවසිද්ධිතො. පසූරසුත්තෙන විභාවෙතබ්බො “න තෙ කාමා”තිආදිනා තස්ස වත්ථුම්හි ආගතත්තා. ඉදානි තමත්ථං සඞ්ඛෙපෙනෙව විභාවෙන්තො “පසූරපරිබ්බාජකො හී”තිආදිමාහ. න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙති තෙ චෙ කාමා න හොන්ති, යානි ලොකෙ චිත්‍රානි රූපාදිආරම්මණානි. වෙදෙසීති කෙවලං සඞ්කප්පරාගඤ්ච කාමං කත්වා වදෙසි චෙ. හෙහින්තීති භවෙය්‍යුන්ති අත්ථො. සුණන්තො සද්දානි මනොරමානි, සත්ථාපි තෙ හෙහිති කාමභොගීති පච්චෙකං ගාථා, ඉධ පන සංඛිපිත්වා දස්සිතා. ධීරා නාම ධිතිසම්පන්නාති ආහ “පණ්ඩිතා”ති."


# “න¶ තෙ වෙ කාමා යානි චිත්‍රානි ලොකෙ,
සඞ්කප්පරාගඤ්ච වදෙසි කාමං;
සඞ්කප්පයං අකුසලෙ විතක්කෙ,
භික්ඛුපි තෙ හෙස්සති කාමභොගී”ති. (සං· නි· අට්ඨ· 1.1.34);


“තෙ වෙ කාමා යානි චිත්‍රානි ලොකෙ,
සඞ්කප්පරාගං න වදෙසි කාමං;
පස්සන්තො ¶ රූපානි මනොරමානි,
සුණන්තො සද්දානි මනොරමානි.

# “සඞ්කප්පරාගො පුරිසස්ස කාමො,
නෙතෙ  කාමා යානි චිත්‍රානි ලොකෙ;
සඞ්කප්පරාගො පුරිසස්ස කාමො,
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ;
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්ද”න්ති.

“න ¶ තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ,
සඞ්කප්පරාගො ¶ පුරිසස්ස කාමො;
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ,
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll