Q. "බෞද්ධ"යන්නෙහි වචනාර්ථය කෙටියෙන් පැහැදිලි කරන්න.
A. භාෂා විද්‍යාත්මකව - උ" ස්වරය වෙනුවට "ඖ" ස්වරය ආදේශ වීම සිංහල ව්‍යාකරණ රීතිතිය කි.
බුද්ධ = බු + ද් + ධ
බු = බ් + උ
උ > ඖ
බ් + ඖ = බෞ
බෞ + ද් + ධ = බෞද්ධ.
“බුද්ධ” යන වදන බුදුරජාණන්වහන්සේට මෙන් ම ඉතා ඉහළ නුවණක් / ප්‍රඥාවක් ඇති අර්ථයෙන් ද යෙදේ; එවිට,
බෞද්ධ = ඉතා ඉහළ නුවණක් / ප්‍රඥාවක් ඇති තැනැත්තා; පණ්ඩිතයා, නුවණැත්තා, ප්‍රාඥයා; ඉතා ඉහළ නුවණක් / ප්‍රඥාවක් ඇති දේ; වටහාගත්, අවබෝධකළ, බුද්ධිමත්, ...
A. “බෞද්ධ” යන සංස්කෘත පදය (එලෙසින් ම) යොදා ගත්, “බුද්ධිමත් - බුද්ධිය හා බැඳුණු - මනස හා සබැඳි” / “බුදුහිමියන් හා බැඳුණු” / “බුදුහිමියන්ගේ දර්ශනය අනුගමනය කරන්නා” යන අරුතැති “තත්සම” වදනක් විය යුතු ය.
["Bauddha (बौद्ध).—a. (-ddhī f.) [बुद्ध-द्धि अण् (buddha-ddhi aṇ)
1) Relating to Buddhi or understanding; mental.
2) Relating to Buddha.
-ddhaḥ A follower of the religion taught by Buddha."]